Local News
May 28, 2024
234 views 0 secs 0

ගසාහි ළමා අරමුදලට දායක වූවන්ට ජනපතිගෙන් තුති..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව 2024 මාර්තු 04 වන දින ආරම්භ කරන ලද ගාසාහි ළමා අරමුදලට ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලින් හා විවිධ ආයතන විසින් මේ දක්වා රුපියල් මිලියන 127ක මුදලක් පරිත්‍යාග කර තිබෙන අතර ඊට දායක වූ සියලුදෙනා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ජනාධිපති කාර්යාලයේ ස්තූතිය පළ කර සිටියි.එසේම විවිධ පාර්ශ්වයන් වෙතින් ලැබුණු ඉල්ලීම් […]

Local News
May 27, 2024
235 views 0 secs 0

ජනපති ප්‍රධානත්වයෙන් වව්නියාව දිස්ත්‍රික් මහා රෝහලේ වකුගඩු හා හෘද රෝග ඒකක විවෘත කෙරේ…

වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ අභිනවයෙන් ඉදිකළ හෘද රෝග හා වකුගඩු රෝග ඒකක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (26) විවෘත කෙරිණි. නෙදර්ලන්ත (ලන්දේසි) රජයේ අනුග්රහය ඇතිව ඉදිකරන ලද මෙම ඒකකවල ආයෝජනය රු. මිලියන 3,329 කි. ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2019 දී ජනාධිපති වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදීය.

Local News
May 27, 2024
281 views 0 secs 0

වවුනියාව හා මන්නාරම් දිස්ත්‍රික්ක වලටත් “උරුමයෙන්” සින්නක්කර ඔප්පු..

වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 4ක් සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක් ආවරණය වන පරිදි “උරුමය” වැඩසටහනේ කොටසක් ලෙස සින්නක්කර ඔප්පු 700ක් බෙදාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය. බෙදාදීම ඊයේ (26) වවුනියාව මෝජෝ උත්සව ශාලාවේදී සිදු විය. සමස්තයක් ලෙස “උරුමය” වැඩසටහන යටතේ වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල සින්නක්කර ඔප්පු 5400ක් ප්‍රදානය කෙරේ.

Local News
May 26, 2024
253 views 0 secs 0

රට ගොඩනැගීම සඳහා පැරණි ආර්ථික සහ දේශපාලන ක්‍රම  ප්‍රතිසංස්කරණය වැදගත් – ජනපති..

රට ගොඩනැගීම සඳහා පැරණි ආර්ථික සහ දේශපාලන ක්‍රම දෙකම ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. වත්මන් විරැකියා ප්‍රශ්න මතුව ඇත්තේ යල් පැන ගිය ආර්ථික රාමුව නිසා බව පෙන්වා දුන් ඔහු නව ආර්ථික ක්‍රමයක් තුළින් නව රැකියා අවස්ථා ඇති කරන ලෙස ඉල්ලා සිටියේය. ඊයේ (25) කිලිනොච්චිය “නෙළුම් පියස” ශාලාවේ දී පැවති දිස්ත්‍රික් තරුණ […]

Local News
May 26, 2024
251 views 0 secs 0

යාපනයේ ගුරුවරුන් 357කට පත්වීම් ප්‍රධානය කෙරේ..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය දිස්ත්‍රික් ගුරු පත්වීම් ප්‍රදානෝත්සවයේ දී ඊයේ (25) පැවති දේශනයකදී ඓතිහාසික “යාපනය ඉගැන්වීමේ සම්ප්‍රදාය” අගය කළේය. මෙම සම්ප්‍රදාය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ඔහු ගුරුවරුන් සමාජයට ආදර්ශවත් පුද්ගලයන් ලෙස සේවය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. තම වෘත්තීය ප්‍රතිරූපයට හානි කළ හැකි විරෝධතාවල නිරත වන ගුරුවරුන්ට එරෙහිව අවවාද කළ ඔහු ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා […]

Local News
May 26, 2024
260 views 0 secs 0

උතුරු පළාතේ විශාලතම වෛද්‍ය පුනරුත්ථාපන චිකිත්සා මධ්‍යස්ථානය විවෘත කෙරේ..

මාන්කුලම් මූලික රෝහලේ වෛද්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර හා මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (26) විවෘත කෙරිණි. 2017 වසරේ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ මෙම පහසුකම ඉදිකිරීම ආරම්භ කරන ලද අතර මෙම ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 4,500, නෙදර්ලන්ත රජය විසින් අරමුදල් සපයන ලදී.

Local News
May 23, 2024
289 views 0 secs 0

ජනපතික් වෙසක් සුභ පැතුම්…

සීඝ්‍ර ලෙස භෞතිකව සංවර්ධනය කරා පිය මනින ලෝකය තුළ ආකල්පමය සංවර්ධනයකින් යුත් ආධ්‍යාත්මික ආචාරශීලි ‘මිනිසකු‘ නිර්මාණය කර ගැනීමට මේ වෛශාඛ්‍ය මංගල්‍යයේ ඇති කර ගත යුතු ප්‍රමුඛතම අරමුණ බව සිහිපත් කරමින් සැමට පිංබර වෙසක් මංගල්‍යයකට සුභාශිංසන එක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහමහතා ප්‍රකාශ කර සිටියා.

Local News
May 21, 2024
351 views 0 secs 0

අද ජාතික ශෝක දිනයක් ලෙස නම් කෙරේ…

ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසි මැතිතුමාගේ හදිසි අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය අද (21) ජාතික ශෝක දිනයක් ලෙස නම් කොට තිබෙනවා.ඒ හේතුවෙන් සියලුම රාජ්‍ය ආයතන වල ජාතික කොඩිය අද දිනයේ අඩකුඹු කොට තබන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පලාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා දැනුම් දී සිටියා.

Local News
May 20, 2024
239 views 0 secs 0

වර් ෂාව සමඟ වැඩි විය හැකි ඩෙංගු අවදානම අවම කර ගැනීමට කඩිනම් පියවර…

වර්ෂාව ලැබීමත් සමඟ කොළඹ නගරයේ ඇති විය හැකි ඩෙංගු අවදානම අවම කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මැයි 26 සිට ජුනි 01 දක්වා ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන සතිය තුළ අධ්‍යාපන අමාත්‍යංශය හරහා පාසල් දරුවන් සහ දෙමාපියන් […]

Local News
May 19, 2024
321 views 0 secs 0

“සුරක්ෂා” සිසු රක්ෂණය යළි ඇරඹේ…

ආර්ථික ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද “සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. ඒ අනුව දිවයින පුරා සියලුම පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව ජුනි මස මුල් සතියේ සිට උදා වේ. මීට අදාළව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා […]