Local News
January 08, 2024
241 views 0 secs 0

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට…

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී, හෙට දිනයේ සිට 12 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය වී තිබේ. හෙට දිනයේ දී ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත, ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පත සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ අංක 2355/30 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියෝග විවාදය ගැනීමට නියමිතය. එමෙන්ම […]

Local News
January 06, 2024
227 views 0 secs 0

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක්…

රටින් පලා යන හෝ මෙරටට පැමිණෙන අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ස්ථාපිත කර ඇති අතර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ අද අද විවෘත කෙරිණි. පසුගිය කාලය තුළ අපරාධ සිදුකර අපරාධකරුවන් 42ක් පමණ රටින් පැන ගොස් ඇති බවත් එය වැළැක්වීමට යාන්ත්‍රණයක් අවශ්‍ය බවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා […]

Local News
January 06, 2024
224 views 0 secs 0

අනුර හා නවසීලන්ත මහ කොමසාරිස් අතර හමුවක්..

අද (06) පෙරවරුවේදී අනුර කුමාර දිසානයක මහතා හා ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්තුමා අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිල වශයෙන් විවෘත කිරීමත් සමඟ මයිකල් ඇපල්ටන් මහතා ශ්‍රී ලංකාවේ සිය රාජකාරී ආරම්භ කළ අතර, වසර දෙකහමාරක රාජකාරියෙන් සමුගැනීම සනිටුහන් කරමින් මෙම හමුව පැවැත් වූ බව […]

Local News
January 06, 2024
243 views 0 secs 0

උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දැමේ..

පුර්ණ ප්‍රතිනිර්මාණයක් සදහා හෙට (07) සිට, මහව සිට අනුරාධපුරය දක්වා උතුරු දුම්රිය මාර්ගය තාවකාලිකව වසා දමන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

Local News
January 06, 2024
263 views 0 secs 0

ඉදිකිරීම් කේෂ්ත්‍රයට පහරක්.. සිමෙන්ති මිල ඉහලට….

යළිත් වරක් රුපියල් 300කට වඩා වැඩි මුදලකින් සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දමා ඇති බව ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසයි. කඩා වැටුණු ඉදිකිරීම් කේෂ්ත්‍රයේ නැවත පිබිදීමක් ඇති වන විටම මෙලෙස මිල ඉහල දැමීම අසාධාරණ ක්‍රියාවලියක බව අද (06) පැවති මාධ්‍ය හමුවකදී ජාතික ඉදිකිරීම් සංගමයේ ලේකම් සුපුන් අබේසේකර මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා. එමෙන්ම රුපියල් 2450 […]

Local News
January 06, 2024
250 views 0 secs 0

හෙට වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා කොටස වසා දැමේ…

හෙට (06) රාත්‍රී 10.00 සිට අනිද්දා පස්වරු 5 දක්වා ජල නල එළීමේ කටයුත්තක් සඳහා වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා කොටස වසා දැමීමට තීරණය කර තිබෙනවා. එම කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Local News
January 05, 2024
249 views 0 secs 0

විදුලි බිල සංශෝධනය පෙබරවාරි මස මුල් සතියේ..

විදුලි බිල අඩු කිරීමට අවශ්‍ය දත්ත මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (05) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියා. විදුලි බිල සංශෝධනය කිරීම පෙබරවාරි මස මුල් සතිය වන විට සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

Local News
January 05, 2024
252 views 0 secs 0

පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න මධ්‍යම රජයේ මැදිහත් වීමක් නැහැ – ජනාධිපති

පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මගින් සලසා ඇති බලතල ප්‍රමාණවත් බවත්, ඒ සඳහා මධ්‍යම රජයේ මැදිහත්වීම් සිදු නොකරන බවත් යාපනය දිස්ත්‍රික් වෘත්තීයවේදීන් සමඟ පැවති හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. පළාත් මට්ටමින් ස්වාධීන ආර්ථිකයන් නිර්මාණය කර ගැනීම පිළිබඳ ජපානය, කොරියාව, එක්සත් රාජධානිය සහ ප්‍රංශය වැනි රටවලින් ඉගෙන ගන්නා […]

Local News
January 04, 2024
296 views 0 secs 0

කාන්තා හා ළමා හිංසන ගැන දැනුම්දීමට හදිසි ඇමතුම් අංකයක්…

කාන්තාවන් සහ දරුවන් මුහුණදෙන හිංසන සිදුවීම් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා පොලීසිය විසින් හදිසි ඇමතුම් අංකයක් හඳුන්වාදී තිබෙනවා. එවැනි සිදුවීම් සම්බන්ධ තොරතුරු වෙතොත් 109 හදිසි ඇමතුම් අංකය වෙත දැනුම්දිය හැකි බවයි පොලීසිය සඳහන් කර සිටියා.

Local News
January 04, 2024
227 views 0 secs 0

2023 වර්ෂයේ උසස් පෙළ ඇරඹේ…

2023 වර්ෂයට අදාළ අ.පො.ස. උසස් පෙළ විභාගය අදින් (04) ආරම්භ වූ අතර විභාග මධ්‍යස්ථාන 2,298 කදී අපේක්ෂකයන් 346,976ක් මෙවර විභාගයට පෙනී සිටින බව නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා ප්‍රකාශ කර සිටියා. විභාගය ලබන 31 වැනි දා දක්වා පැවැත්වෙනු ඇති බව ද නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ය. අධික වර්ෂාවත් සමග ඇති වූ ආපදා හේතුවෙන් […]