Local News
December 26, 2023
230 views 0 secs 0

ඩෙංගු ව්‍යාප්තියේ වැඩිවීමක්..

ගත වූ මාසය තුළ මෙරටින් වාර්තාවන දෛනික ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 335ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ගත වූ දින 25 තුළ ඩෙංගු රෝගීන් 8728ක් වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය සදහන් කර සිටියා. වසරේ ගත වූ කාල සීමාව තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 85,216 ක් වන […]

Local News
December 26, 2023
255 views 0 secs 0

ආමර් වීදීයේ අලෙවි සැලක ගින්නක්..

කොළඹ, ආමර් වීදියේ ගෘහ අලංකරණ භාණ්ඩ ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක අද (26) උදෑසන 8:30 පමණ ගින්නක් හටගෙන තිබේ. ගින්නෙන් අලෙවි සැලෙහි භාණ්ඩ සියල්ල විනාශ වී ඇති බව වාර්තා වේ. මේ වනවිට ගින්න පාලනය කර ඇති අතර, ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.

Local News
December 25, 2023
255 views 0 secs 0

සුරා සැල් වැසේ…

නත්තල නිමිත්තෙන් අද (25) සහ හෙට (26)සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එහෙත්, සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය සහිත තරු පන්තියේ හෝටල් සඳහා එම නියෝගය අදාළ නොවන බව වාර්තා වේ.

Local News
December 25, 2023
302 views 0 secs 0

ජාත්‍යන්තර නෙට්බෝල් විනිසුරුවරුන්ගේ තෝරා ගැනීමේ සංචිතයට නිර්දේශ වූ ශ්‍රී ලාංකිකයා…

ශ්‍රී ලංකාවේ එරංග සිතාර ජාත්‍යන්තර නෙට්බෝල් විනිසුරුවරුන්ගේ තෝරා ගැනීමේ සංචිතය සඳහා නිර්දේශ වී තිබේ. ජාත්‍යන්තර නෙට්බෝල් විනිසුරු තෝරා ගැනීමේ සංචිතය සඳහා ශ්‍රී ලාංකික නෙට්බෝල් විනිසුරුවරයෙකු නිර්දේශ වූ පළමු අවස්ථාව මෙය වන අතර ආසියානු ඇ ශ්‍රේණියේ ලාංඡනය හිමි එකම ශ්‍රී ලාංකික විනිසුරුවරයා වන්නේද, එරංග සිතාර වේ. මෙම සංචිතයෙන් එරංගව ජාත්‍යන්තර නෙට්බෝල් විනිසුරුවරයෙකු ලෙස තෝරා ගත හොත් […]

Local News
December 20, 2023
261 views 0 secs 0

විදුලි බිල සංශෝධනයට වැට් බද්ද බලපාන්නේ නැහැ- බලශක්ති ඇමති…

ජනවාරි මාසයේ සිදු කරන විදුලි බිල සංශෝධනයට වැට් බද්ද බල නොපාන බවත්, ඉන්ධන මිලට වැට් බදුවල බලපෑමක් ඇති වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. මෙම බලපෑම අවම කිරීම සඳහා ගත හැකි විකල්ප තීන්දු පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

Local News
December 20, 2023
280 views 0 secs 0

උතුරේ පාසල් වැසේ….

වැසි සහිත කාලගුණය හේතුවෙන් උතුරු පළාතේ පාසල් 16ක් තාවකාලිකව වසා දමා තිබේ.කිලිනොච්චිය පාසල් 8ක්, වව්නියාවේ එක් පාසලක් හා මුලතිව් පාසල් 7ක් මෙලෙස තාවකාලිකව වසා දමා ඇති බවත්, කාලගුණ තත්ත්වය යහපත් වූ පසු නැවත පාසල් ආරම්භ කිරීමට නියමිත බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ප්‍රකාශ කර සිටියා.

Local News
December 19, 2023
270 views 0 secs 0

මිල්කෝ සමාගමේ නව සභාපති පත් කෙරේ..

සීමාසහිත මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති පත් කර තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇඈති අතර ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයට අමතරව අමාත්‍යවරයා විසින් මෙම සභාපති ධුරයේ කටයුතු ද ජනක ධර්මකීර්ති වෙත පවරා ඇත.නව සභාපතිවරයා අද 18 සිට වැඩ භාර […]

Local News
December 12, 2023
261 views 0 secs 0

රාජ්‍ය සේවක වැඩ වර්ජනය…

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රාජ්‍ය සේවකයින් අද (12) අසනීප නිවාඩු වාර්තා කරමින් වැඩ වර්ජනයක නිරත වූ අතර ප්‍රදේශ රැසක රාජ්‍ය සේවකයින් එයට සමගාමීව විරෝධතාවල නිරතවී ඇති බව වාර්තා වේ. මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබුනේ රුපියල් 20,000 ක අවම දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීම, රාජ්‍ය සේවක වැටුපෙන් 8% කපා ගැනීම නතර කිරීම, අහිමි කර ඇති […]

Local News
December 12, 2023
256 views 0 secs 0

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ක්‍රීඩා ඇමතිගේ තීරණය …

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තීරණය කර තිබෙනවා. ඒ අනුව අතුරු කමිටුවක් පත් කිරීමේ තීරණය අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට තමන් අත්සන් තැබූ බව අමාත්‍යවරයා සඳහන් කර සිටි අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කරගැනීමේ අරමුණ සහිතව තමන් […]

Local News
December 12, 2023
245 views 0 secs 0

විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමකට රාජ්‍ය අනුමැතිය…

මෙගාවොට් 1500 ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සමඟ ඒකාබද්ධ කරන ලද මෙගාවොට් 700 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලා සමූහ ව්‍යාපාරය සමඟ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමකට රජයේ අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි වැව මතුපිට සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ස්ථාපිත කෙරෙන අතර ඒ සඳහා ඩොලර් මිලියන […]