Local News
December 20, 2023
154 views 0 secs 0

විදුලි බිල සංශෝධනයට වැට් බද්ද බලපාන්නේ නැහැ- බලශක්ති ඇමති…

ජනවාරි මාසයේ සිදු කරන විදුලි බිල සංශෝධනයට වැට් බද්ද බල නොපාන බවත්, ඉන්ධන මිලට වැට් බදුවල බලපෑමක් ඇති වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. මෙම බලපෑම අවම කිරීම සඳහා ගත හැකි විකල්ප තීන්දු පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

Local News
December 20, 2023
153 views 0 secs 0

උතුරේ පාසල් වැසේ….

වැසි සහිත කාලගුණය හේතුවෙන් උතුරු පළාතේ පාසල් 16ක් තාවකාලිකව වසා දමා තිබේ.කිලිනොච්චිය පාසල් 8ක්, වව්නියාවේ එක් පාසලක් හා මුලතිව් පාසල් 7ක් මෙලෙස තාවකාලිකව වසා දමා ඇති බවත්, කාලගුණ තත්ත්වය යහපත් වූ පසු නැවත පාසල් ආරම්භ කිරීමට නියමිත බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ප්‍රකාශ කර සිටියා.

Local News
December 19, 2023
165 views 0 secs 0

මිල්කෝ සමාගමේ නව සභාපති පත් කෙරේ..

සීමාසහිත මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති පත් කර තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇඈති අතර ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයට අමතරව අමාත්‍යවරයා විසින් මෙම සභාපති ධුරයේ කටයුතු ද ජනක ධර්මකීර්ති වෙත පවරා ඇත.නව සභාපතිවරයා අද 18 සිට වැඩ භාර […]

Local News
December 12, 2023
151 views 0 secs 0

රාජ්‍ය සේවක වැඩ වර්ජනය…

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රාජ්‍ය සේවකයින් අද (12) අසනීප නිවාඩු වාර්තා කරමින් වැඩ වර්ජනයක නිරත වූ අතර ප්‍රදේශ රැසක රාජ්‍ය සේවකයින් එයට සමගාමීව විරෝධතාවල නිරතවී ඇති බව වාර්තා වේ. මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබුනේ රුපියල් 20,000 ක අවම දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීම, රාජ්‍ය සේවක වැටුපෙන් 8% කපා ගැනීම නතර කිරීම, අහිමි කර ඇති […]

Local News
December 12, 2023
157 views 0 secs 0

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ක්‍රීඩා ඇමතිගේ තීරණය …

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තීරණය කර තිබෙනවා. ඒ අනුව අතුරු කමිටුවක් පත් කිරීමේ තීරණය අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට තමන් අත්සන් තැබූ බව අමාත්‍යවරයා සඳහන් කර සිටි අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කරගැනීමේ අරමුණ සහිතව තමන් […]

Local News
December 12, 2023
147 views 0 secs 0

විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමකට රාජ්‍ය අනුමැතිය…

මෙගාවොට් 1500 ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සමඟ ඒකාබද්ධ කරන ලද මෙගාවොට් 700 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලා සමූහ ව්‍යාපාරය සමඟ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමකට රජයේ අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි වැව මතුපිට සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ස්ථාපිත කෙරෙන අතර ඒ සඳහා ඩොලර් මිලියන […]

Local News
December 11, 2023
154 views 0 secs 0

අනුරාධපුර රෝහලක ගින්නක්….

අනුරාධපුර ශික්ෂණ රෝහලට අයත් මෙත්සිරි සෙවණ ගොඩනැගිලි පරිශ්‍රයේ ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා අනුරාධපුර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් යොදවා ඇති අතර ගින්න ඇතිවීමත් සමග එම ගොඩනැගිලි පරිශ්‍රයේ සිටි නේවාසික රෝගීන් ඉන් ඉවත්කිරීමට පියවර ගෙන ඇත.

Local News
December 11, 2023
164 views 0 secs 0

වැට් සම්මතයි….

වැට් සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (11) සම්මත විය. එම වැට් සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද 55ක් හිමි වූ අතර එය වැඩි ඡන්ද 45කින් සම්මත විය.

Local News
December 11, 2023
156 views 0 secs 0

වැටුප් දීමනාව වෙනුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය….

හෙට (12) දින දීපව්‍යාප්තව අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා අද මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා. රාජ්‍ය සේවක වැටුප සඳහා අවම රුපියල් 20,000ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව […]

Local News
December 11, 2023
146 views 0 secs 0

තැපැල් වැඩ වර්ජනය තව දුරටත් ක්‍රියාත්මකයි…

ඊයේ පස්වරු 4.00 සිට දිවයින පුරා තැපැල් සේවකයින් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අදත් (11) ක්‍රියාත්මක විය. තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි විදේශීය සමාගම්වලට විකිණීමට විරෝධය පලකරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියා. වැඩවර්ජනය සඳහා තැපැල් සේවකයින් 27,000ක් එක්ව සිටින බව ඔහු සඳහන් කළ අතර, […]