Local News
November 13, 2023
164 views 0 secs 0

අයවැය පරතරය 9.1%

2024 අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 9.1% ක් ලෙස සටහන්වී තිබෙනවා. 2024 සඳහා ආදායම් ලෙස රුපියල් බිලියන 4,127ක් ඇස්තමේන්තු කර ඇති අතර වියදම ලෙස රුපියල් බිලියන 6,978 ක් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි සඳහන් වන්නේ. මෙම අයවැය පරතරය රුපියල් බිලියන 2,851 ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 9.1% ක් ලෙස දැක්වේ.

Local News
November 13, 2023
156 views 0 secs 0

ඉංග්‍රීසි සාක්ෂරතාවය පුළුල් කිරීමට වැඩපිළිවෙලක්…

මෙවර 2024 අයවැය යෝජනා හරහා ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි සාක්ෂරතාවය පුළුල් කිරීම පිණිස ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබේ. මෙම ඉංග්‍රීසි සාක්ෂරතාවය පුළුල් කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 500ක මුදලක් වෙන්කර ඇති අතර 2034 වනවිටදී ඉංග්‍රීසි සාක්ෂරතාව සැමට ලබාදීම මෙහි අරමුණ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා

Local News
November 11, 2023
150 views 0 secs 0

අපොස සා.පෙළ ප්‍රතිපල ඉදිරි සති දෙක තුළ..

2022 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කරන බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර සිටියා. එමෙන්ම 2023 සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මැයි ආරම්භ වන බවත්, විභාග කාල සටහන ලබන වසරේ සාමාන්‍ය තත්ත්වයට පත් වීමට නියමිතව තිබුණ ද එය තවත් වසරකින් කල් යනු ඇති බවත් අමාත්‍යවරයා […]

Local News
November 10, 2023
156 views 0 secs 0

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඇතුලු තිදෙනෙක් අත් අඩංගුවට..

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ ඇතුළු තවත් තිදෙනෙක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වේ. මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යාපෘතියක් සඳහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේ දී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

Local News
November 10, 2023
174 views 3 secs 0

දුරකථ​න සිම්පත් නැවත ලියාපදිංචි කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක්…

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ජංගම දුරකථ​න සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත් නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්තව සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා. ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගකයින් තමන් භාවිතා කරන සිම්පත් තමන්ගේ නමින් ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වන අතර තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ නිකුත්වී ඇති සිම්පත් පිළිබඳව තමන් දැනුවත්ව සිටිය යුතු […]

Local News
November 10, 2023
166 views 1 sec 0

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරු වීම්..

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් 2023-11-06 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා. ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ජේ.කරවිට මහතා අපරාධ දිසාවේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු හා උසස් පුහුණු ලෙස ස්ථාන මාරු කර ඇත. […]

Local News, Sports
November 10, 2023
277 views 1 sec 0

ICC ය අත්හිටුවූ ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය …

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවූ බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වගකීම් බරපතළ ලෙස උල්ලංඝණය කරමින් සිටින බව අද (10) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ රැස් වූ මණ්ඩලයේදී තීරණය කර ඇති බව සඳහන් වේ. විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ පාලනය, නියාමනය සහ පරිපාලනයට […]

Local News
November 10, 2023
179 views 0 secs 0

එළඹෙන සඳුදා දමිළ පාසල් වලට නිවාඩු….

ලබන 13 වැනි සඳුදා සියලු දමිළ පාසල්වලට නිවාඩු ලබා දී තිබේ. ඒ එළඹෙන 12 වැනිදාට යෙදෙන දීපාවලි උත්සවය නිමිත්තෙනි. මෙලෙස නිවාඩු ලබා දෙන දමිළ පාසල් 18 වැනි සෙනසුරාදා පැවැත්විය යුතු බවද, අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

Local News
November 09, 2023
166 views 0 secs 0

ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට නව වැඩ පිළිවෙලක්…

ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව පරිසර අමාත්‍යංශය පවසනවා. ක්‍රමවේද 3 ක් යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන අතර ප්ලාස්ටික් භාවිතය හැකිතාක් අවම කිරීම, ප්ලාස්ටික් හේතුවෙන් පරිසරයට සිදුවන විනාශය අවම කිරීම ප්‍රධාන ක්‍රියාවලිය බව එහි ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියා

Local News
November 01, 2023
155 views 0 secs 0

ඉන්ධන තොග කළමණාකරණය වැදගත් – අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

ලෝක වෙළදපොළෙහි පවතින ඉන්ධන අර්බුදය සමග මෙරට ඉන්ධන තොග කළමණාකරණය කරගැනීම වඩාත් වැදගත් බව දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියා.ලෝක වෙළදපොළේ ඉන්ධන මිල ඉහල මට්ටමක පැවතියද රජය ඉතා සුළු මුදලකින් පමණක් ඉන්ධන මිල ඉහළ නැංවීමට කටයුතු කල බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ අනුරාධපුර පැවති උත්සවයකට සහභාගී වෙමිනි.