Local News
November 26, 2023
189 views 0 secs 0

විදිලි බල මණඩලයේ සේවකයන් 5000ක් ඉවතට..

විදුලි බල මණ්ඩලයේ ස්ථිර සේවකයන් 5000ක් ඉවත් කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා. විදුලි බල මණ්ඩලයේ වියදම් කළමණාකරණය කිරීම සදහා මෙම තීරණය ගෙන ඇති අතර ඉදිරියේදී අත්‍යාවශ්‍ය පිරිස පමණක් සේවයේ යෙදවීමට පියවර ගන්නා බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩි දුරටත් සදහන් කර සිටියේ. එමෙන්ම එළඹෙන වසරේදී විදුලි බල මණඩලයේ හා […]

Local News
November 17, 2023
169 views 1 sec 0

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ….

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙන අතර www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබ ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Local News
November 16, 2023
172 views 0 secs 0

ජනපති මාලදිවයින බලා පිටත් වෙයි..

ජනපති රනි වික්‍රමසිංහ මහත අද මාලදිවයින බලා පිටත්වගොස්තිබේ. පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් මොහොමඩ් මුඑසු මහතාගේ පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස මාලදිවයින බලා පිටත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියා.

Local News
November 13, 2023
169 views 0 secs 0

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිට ඇප…..

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ. ඔහු ඇතුළු තවත් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගිය 10 වැනිදා රුපියල් ලක්ෂ 100 ක අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදි අත්අඩංගුවට ගත්තේ ය. දැවිතෙල් පිරිපහදු කිරිමේ ව්‍යාපෘතියක් […]

Local News
November 13, 2023
190 views 0 secs 0

අයවැය පරතරය 9.1%

2024 අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 9.1% ක් ලෙස සටහන්වී තිබෙනවා. 2024 සඳහා ආදායම් ලෙස රුපියල් බිලියන 4,127ක් ඇස්තමේන්තු කර ඇති අතර වියදම ලෙස රුපියල් බිලියන 6,978 ක් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි සඳහන් වන්නේ. මෙම අයවැය පරතරය රුපියල් බිලියන 2,851 ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 9.1% ක් ලෙස දැක්වේ.

Local News
November 13, 2023
180 views 0 secs 0

ඉංග්‍රීසි සාක්ෂරතාවය පුළුල් කිරීමට වැඩපිළිවෙලක්…

මෙවර 2024 අයවැය යෝජනා හරහා ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි සාක්ෂරතාවය පුළුල් කිරීම පිණිස ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබේ. මෙම ඉංග්‍රීසි සාක්ෂරතාවය පුළුල් කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 500ක මුදලක් වෙන්කර ඇති අතර 2034 වනවිටදී ඉංග්‍රීසි සාක්ෂරතාව සැමට ලබාදීම මෙහි අරමුණ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා

Local News
November 11, 2023
179 views 0 secs 0

අපොස සා.පෙළ ප්‍රතිපල ඉදිරි සති දෙක තුළ..

2022 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කරන බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර සිටියා. එමෙන්ම 2023 සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මැයි ආරම්භ වන බවත්, විභාග කාල සටහන ලබන වසරේ සාමාන්‍ය තත්ත්වයට පත් වීමට නියමිතව තිබුණ ද එය තවත් වසරකින් කල් යනු ඇති බවත් අමාත්‍යවරයා […]

Local News
November 10, 2023
181 views 0 secs 0

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඇතුලු තිදෙනෙක් අත් අඩංගුවට..

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ ඇතුළු තවත් තිදෙනෙක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වේ. මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යාපෘතියක් සඳහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේ දී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

Local News
November 10, 2023
199 views 3 secs 0

දුරකථ​න සිම්පත් නැවත ලියාපදිංචි කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක්…

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ජංගම දුරකථ​න සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත් නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්තව සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා. ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගකයින් තමන් භාවිතා කරන සිම්පත් තමන්ගේ නමින් ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වන අතර තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ නිකුත්වී ඇති සිම්පත් පිළිබඳව තමන් දැනුවත්ව සිටිය යුතු […]

Local News
November 10, 2023
189 views 1 sec 0

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරු වීම්..

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් 2023-11-06 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා. ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ජේ.කරවිට මහතා අපරාධ දිසාවේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු හා උසස් පුහුණු ලෙස ස්ථාන මාරු කර ඇත. […]