Local News
February 09, 2023
286 views 4 secs 0

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බව ලංකා සතොස ආයතනය පවසනවා.

මිල අඩුකළ භාණ්ඩ ලැයිස්තුව පහතින්,වටානා 1kg රුපියල් 205/-රතු කැකුළු 1kg රුපියල් 164/-සුදු කැකුළු (ආනයනික ) 1kg රුපියල් 179/-සුදු නාඩු (දේශීය ) 1kg රුපියල් 180/-

Local News
February 09, 2023
253 views 1 sec 0

ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි…

ඇ.H.M. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහායි.

Local News
February 09, 2023
293 views 0 secs 0

පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් සංඛ්‍යාව ප්‍රකාශයට පත් කෙරේ…

මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් සංඛ්‍යාව නිල වශයෙන් මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර තිබෙන අතර එම සංඛ්‍යාව 80,672ක් බව වාර්තා වේ.

Local News
February 09, 2023
250 views 1 sec 0

මහ බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්….

තම බැංකු ගිණුම් සහ බැංකු කාඩ්පත් තොරතුරුවල සුරක්ෂිතභාවය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම ජනතාව වෙත විශේෂ දැනුම්දීමක් නිකුත් කරමින් කියා සිටියා. මහ බැංකුව තව දුරටත් ප්‍රකාශ කර සිටියේ තම උසෙර්නමෙ, පස්ස්වොර්ඩ්, ඵෛණ්, Oඨ්ඵ්, සහ CVV තොරතුරු වෙනත් පාර්ශවයක් සමඟ හුවමාරු කරගැනීමෙන් වළකින ලෙසටයි.

Local News
January 26, 2023
235 views 0 secs 0

දියවන්නාවේ ගිලුනු තරුණයා..

අද (26) දියවන්නා වැවේ ගිලී 18 හැවිරිදි තරු‍ණයෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසනවා. මාළු ඇල්ලීමට ගිය පිරිසක් රැගත් ඔරුවක් පෙරළී යාමෙන් මෙම තරුණය අතුරුදන්ව තිබෙන අතර අතුරුදන් වූ පුද්ගලයා සොයා පොලීසිය සහ නාවික හමුදා මෙහෙයුම් කටයුතු දියත් කර ඇත. ඔරුවේ සිටි ඉතිරි පුද්ගලයින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

Local News
January 26, 2023
293 views 0 secs 0

විදේශිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වැඩ පිළිවෙලක්…

විදේශිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සංචාරක පොලීසිය සමග ඒකාබද්ධව වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇති බව සංචාරක සංවර්ධන අධිකාරී සභාපති ‍ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියා. එමෙන්ම මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ත්‍රීරෝද රථ රියැදුරන්ගෙන් විවිධ හිරිහැර සිදුවන බවට තොරතුරු ලැබෙන හෙයින්සංචාරකයින් රැගෙන යන ත්‍රීරෝද රථ ලියාපදිංචි කරන බවද ඔහු සඳහන් කර සිටියා.

Local News
January 26, 2023
258 views 0 secs 0

සර්ව පාක්ෂික සමුළුවට නොගිය අය…

අද (26) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදි සර්ව පාක්ෂික සමුළුවක් පැවැත් වූ අතර එහිදී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමුකර තිබුණි. ඊට සහභාගි වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කර තිබුණද සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය සහභාගි නොවීම […]

Local News
January 26, 2023
261 views 0 secs 0

ජාතික ගීය ගායනයට රුපියල් ලක්ෂ 18ක් – ජනාධිපති

නිදහස් සමරුව සම්බන්ධයෙන් නිලධාරීන් සමග අද (26) පැවති සාකච්ඡාවකදී 75 වන නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත්ව සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. 75 වැනි නිදහස් දින සමරුවට සමගාමීව ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වූ මෙම සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “සමහර […]

Local News
January 25, 2023
278 views 0 secs 0

අ.පො.ස උසස් පෙළ විභාග කාල සීමාවේදී විදුලි කප්පාදුව නැවැත්වීමට තීරණයක්….

අද (25) දින සිට අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමට එකඟතාවය පළවී තිබේ. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීමට සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා අද මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබූ අවස්ථාවේ මෙම එකඟතාවයට පැමිණි බව වාර්තා වේ.

Local News
January 25, 2023
264 views 0 secs 0

හෙට ජනපති මන්දිරයේදී සර්වපාක්ෂික හමුවක්….

හෙට (26) ප.ව. 4.00 ට ජනාධිපති කාර්යාලයේ දී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සර්වපාක්ෂික හමුවට කථානායකවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂනායකවරයාට මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේනට ද ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ජාතික ජන බලවේගයේ නායක […]