Local News
January 26, 2023
193 views 0 secs 0

දියවන්නාවේ ගිලුනු තරුණයා..

අද (26) දියවන්නා වැවේ ගිලී 18 හැවිරිදි තරු‍ණයෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසනවා. මාළු ඇල්ලීමට ගිය පිරිසක් රැගත් ඔරුවක් පෙරළී යාමෙන් මෙම තරුණය අතුරුදන්ව තිබෙන අතර අතුරුදන් වූ පුද්ගලයා සොයා පොලීසිය සහ නාවික හමුදා මෙහෙයුම් කටයුතු දියත් කර ඇත. ඔරුවේ සිටි ඉතිරි පුද්ගලයින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

Local News
January 26, 2023
243 views 0 secs 0

විදේශිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වැඩ පිළිවෙලක්…

විදේශිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සංචාරක පොලීසිය සමග ඒකාබද්ධව වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇති බව සංචාරක සංවර්ධන අධිකාරී සභාපති ‍ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියා. එමෙන්ම මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ත්‍රීරෝද රථ රියැදුරන්ගෙන් විවිධ හිරිහැර සිදුවන බවට තොරතුරු ලැබෙන හෙයින්සංචාරකයින් රැගෙන යන ත්‍රීරෝද රථ ලියාපදිංචි කරන බවද ඔහු සඳහන් කර සිටියා.

Local News
January 26, 2023
218 views 0 secs 0

සර්ව පාක්ෂික සමුළුවට නොගිය අය…

අද (26) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදි සර්ව පාක්ෂික සමුළුවක් පැවැත් වූ අතර එහිදී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමුකර තිබුණි. ඊට සහභාගි වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කර තිබුණද සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය සහභාගි නොවීම […]

Local News
January 26, 2023
213 views 0 secs 0

ජාතික ගීය ගායනයට රුපියල් ලක්ෂ 18ක් – ජනාධිපති

නිදහස් සමරුව සම්බන්ධයෙන් නිලධාරීන් සමග අද (26) පැවති සාකච්ඡාවකදී 75 වන නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත්ව සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. 75 වැනි නිදහස් දින සමරුවට සමගාමීව ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වූ මෙම සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “සමහර […]

Local News
January 25, 2023
230 views 0 secs 0

අ.පො.ස උසස් පෙළ විභාග කාල සීමාවේදී විදුලි කප්පාදුව නැවැත්වීමට තීරණයක්….

අද (25) දින සිට අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමට එකඟතාවය පළවී තිබේ. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීමට සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා අද මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබූ අවස්ථාවේ මෙම එකඟතාවයට පැමිණි බව වාර්තා වේ.

Local News
January 25, 2023
212 views 0 secs 0

හෙට ජනපති මන්දිරයේදී සර්වපාක්ෂික හමුවක්….

හෙට (26) ප.ව. 4.00 ට ජනාධිපති කාර්යාලයේ දී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සර්වපාක්ෂික හමුවට කථානායකවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂනායකවරයාට මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේනට ද ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ජාතික ජන බලවේගයේ නායක […]

Local News
January 25, 2023
192 views 3 secs 0

සතොසින් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ…

හෙට (26) දින සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස, අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 06 ක මිල අඩුකර තිබේ. අඩු කල භාණ්ඩ හා එහි මිල ගණන් පහතින්. වියළි මිරිස් 1ක්ග් රුපියල් 1,700/-දේශීය සුදු කැකුළු 1ක්ග් රුපියල් 169/-රතු කැකුළු සහල් 1ක්ග් රුපියල් 179/-දේශිය සුදු නාඩු 1ක්ග් රුපියල් 184/-රතු පරිප්පු 1ක්ග් රුපියල් 365/-කීරි සම්බා 1ක්ග් රුපියල් 235/-

Local News
January 21, 2023
193 views 0 secs 0

රාජගිරියේ වෙඩි තැබීමක්..

රාජගිරිය – බුත්ගමුව පාරේ මහනියර ප්‍රදේශයේදී අද (21) වෙඩි තැබීමක් සිදුවී තිබේ.වෙඩි වැදීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා ඇති අතර පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

Local News
January 21, 2023
209 views 0 secs 0

බිත්තර ගැන තීන්දුව…

දැනට රට තුළ දෛනිකව බිත්තර මිලියන 3ක පමණ හිඟයක් පවතින බවත්, මෙම දෛනික බිත්තර හිඟය ජූනි මාසය වන විට අවසන් වනු ඇති බවත් වෙළෙඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් ප්‍රියංක අතපත්තු ප්‍රකාශ කර සිටියා. එමෙන්ම ඊයේ (20) සිට බලපැවැත්වෙන පරිදිසුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක් සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක උපරිම සිල්ලර මිලක් පාරිභෝගික […]