Local News
January 18, 2023
224 views 0 secs 0

උ. පෙළ පැවැත්වෙන දිනයන්හි විදුලිය කප්පාදු නොකරන ලෙස ඉල්ලීමක්…

විභාග දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන්හිදී විදුලිය කප්පාදු නොකරන ලෙසට අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බව ප්‍රකාශ කර සිටියා. උසස් පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා විදුලි සැපයුමද අවශ්‍ය වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා.

Local News
January 18, 2023
228 views 0 secs 0

සීඝ්‍රයෙන් ඉහල යන පොල් මිල..

වෙළඳපොළේ පොල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් පවසති. මේ වනවිට පොල් ගෙඩියක මිල රුපියල් 120 කට අධික මිලකට අලෙවි වන බවත් එදිනෙදා ආහාර පිළියෙළ කිරීමට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන පොල් මිල ඉහළ යාමෙන් තමන් ගැටලු රැසකට මුහුණ දී ඇති බවත්, පාරිභෝගිකයන් පෙන්වා දෙති. පොල් සංවර්ධන මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මේ දිනවල පොල් අස්වැන්නේ […]

Local News
January 17, 2023
234 views 0 secs 0

අද රාත්‍රියේ සිට 2022 උ.පෙළ පන්ති පැවැත්වීම තහනම්..

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට2022 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම තහනම් වේ. එමෙන්ම විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ද තහනම් කර ඇති අතර විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීමත්, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න […]

Local News
January 08, 2023
315 views 0 secs 0

2022 වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්තාගත ආදායමක්…

2022 වසරේදී සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 170ක ආදායමක් උපයා ඇති අතර එය සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ වැඩිම ආදායම ලෙස සඳහන් වේ. එලෙස වැඩිම ආදායමක් වාර්තා කර ඇත්තේ සේවක පුරප්පාඩු 200 ක් පමණ පැවති පසුබිමක වීම විශේෂත්වයකි. මේ වසරේ ඉලක්කගත ආදායම රුපියල් බිලියන 217 ක් බවත්,දේශීයව නිෂ්පාදිත මත්පැන් සඳහා ප්‍රමිති සහතික ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති […]

Local News
January 08, 2023
250 views 0 secs 0

මාස 5කට කොළඹ සිට අනුරාධපුරයට සීමාවන දුම්රිය

අද (08) දිනයේ සිට, උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන්, කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන දුම්රිය කොළඹ සිට අනුරාධපුරය දක්වා සීමාකර තිබේ. දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු සඳහා මාස 05ක පමණ කාලයක් ගත වන බවට ඇස්තමේන්තු කර ඇත.

Local News
January 08, 2023
224 views 0 secs 0

නොරොච්චෝලේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි…

අද (08) සිට නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය යළිත් සක්‍රීය කරන බව, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.නඩත්තු කටයුතු සඳහා අක්‍රිය කර තිබූ පළමු ජනන යන්ත්‍රය මේ වන විට පණ ගන්වමින් ඇති බවයි එහි අතිරේක සාමාන්‍යාධීකාරි ධම්මික නවරත්න මහතා ප්‍රකාශ කළේ. ඉදිරි දින දෙක ඇතුළත එහි ධාරිතාව ජාතික පද්ධතියට එක් කළ හැකි වනු ඇතැයි ද […]

Local News
January 06, 2023
224 views 0 secs 0

ලාෆ්ස් ගෑස් මිලත් පහලට…

ලාෆ්ස් සමාගම ගෑස් මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5080 ක් වන අතර, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2032 කි.

Local News
January 06, 2023
263 views 0 secs 0

පළමු ආනයනික බිත්තර තොගය….

ලබන සතිය අග වනවිට ආනයනික පළමු බිත්තර තොගය මෙරටට ලැබෙනු ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නිතිගත සංස්ථාව පවසයි.පළමු අදියරේදි බිත්තර මිලියන 05 ක් ආනයනය කරන බව එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා ප්‍රකාශ කර සිටියා. ඉන්දියාවෙන් ආනයනය කරන මෙම බිත්තරයක් රුපියල් 42ක වැනි මිලකට පාරිභෝගිකයින් අතට පත් කිරිමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේ ය.

Local News
January 06, 2023
293 views 0 secs 0

කරදියාන කසල කන්දේ අවධානම අඩු කිරීමට පියවර…

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්තා පදනම් කරගනිමින් , දැඩි පාරිසරික හානියකට මග පාදා ඇති කරදියාන කසළ කන්දේ පවතින අවදානම අවම කිරිම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකාරණ අධිකාරිය ප්‍රකාශ කර සිටියා. කරදියානට පළාත් පාලන ආයතනවලින් රැගෙන එන කසල ප්‍රමාණය ද අඩු කිරීමට පියවර ගෙන ඇති අතර නොදිරන අපද්‍රව්‍ය කළමනාකරණයටද විශේෂ […]

Local News
January 05, 2023
217 views 0 secs 0

ලංකා බැංකු නව අධිපති…

ලංකා බැංකුවේ සභාපති ධුරය සඳහා ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කර තිබේ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා මෙම ධුරයේ පිහිටුවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වුණා.