Local News
November 23, 2022
203 views 0 secs 0

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ අඛණ්ඩ වර්ජනයක…

අතිකාල දීමනා ගැටළුවක් මුල් කරගනිමින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයින් ඊයේ (22) ආරම්භ කල වර්ජනය විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ මුද්‍රණ සේවකයින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් අසංග සඳරුවන් සඳහන් කළේ මේ හේතුවෙන් ඉදිරියේ දී රජයේ මුද්‍රණ කටයුතු සඳහා දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි.

Local News
November 23, 2022
193 views 0 secs 0

සතොසින් භාණ්ඩ කිහිපයක මිල පහතට…

හෙට(24) සිට ක්‍රියාත්මක වන පරිදි සතොසින් භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා. පහත දැමූ භාණ්ඩවල නව මිල මෙසේය.සුදු සීනි 1ක්ග් – රුපියල් 229පාන්පිටි 1ක්ග් – රුපියල් 265සුදු ළුෑණු 1ක්ග් – රුපියල් 495බී ලූණු 1ක්ග් – රුපියල් 255

Local News
November 21, 2022
225 views 0 secs 0

UPFA නව මහ ලේකම්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය මත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස තිලංග සුමතිපාල මහතා පත්කර තිබේ. එමෙන්ම හෙට (22) දිනයේ 2023 අයවැය දෙවනවර කියවීමේ දී එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

Local News
November 21, 2022
206 views 5 secs 0

22 සිට 25 දක්වා පැය දෙකක විදුලි කප්පාදුවක්..

නොවැම්බර් මස 22 වනදා සිට 25 වනදා දක්වා පැය 2ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසමේ අවසරය හිමිව තිබෙන අතර් ඇ,ඹ්,C,ඪ්,E,F,ඝ්,H,ඓ,J,ඛ්,ළ්,ඵ්,Q,ර්‍,S,ඨ්,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැයක කාලයක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවනු ඇති.

Local News
November 21, 2022
206 views 0 secs 0

මාර්ග සංවර්ධන අධිකාරියේ හිඟ බිල්පත්..?

මාස ගණනාවක සිට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 15 ක මුදලක් විදුලි බිල් සඳහා ගෙවා නොමැති බවට අද වාර්තා පළ වි තිබුණි. ඒ හේතුවෙන් රාත්‍රී කාලයේ කොළඹ නගරයේ මාර්ග ආලෝක සංඥාවල විදුලි සැපයුම ඉදිරියේදී විසන්ධි විය හැකි බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකරන බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර සිටියා. මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී […]

Local News
November 21, 2022
191 views 1 sec 0

උද්ධමනය පහලට…

2022 ඔක්තෝම්බර් මාසයේ මෙරට “ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය” (Headline Inflation) 70.6%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. සැප්තැම්බර් මාසයේ එම අගය වාර්තා වී තිබුණේ 73.7%ක් ලෙසය.

Local News
November 21, 2022
194 views 0 secs 0

බැසිල් පිළිගන්න ගිය ජාතික පොලිස් කොමිසමේ සභාපති …

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට නැවත මෙරටට පැමිණීමේදී ඔහු පිළිගැනීම සඳහා ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු සහභාගී වී තිබනවා.සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර අද (21) පාර්ලිමේන්තුවේ දී ඒ බව අනාවරණය කළ අතර ඒ අනුව ඔහුව වහාම එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් එසේ නොමැතිවුවහොත් 21 වන සංශෝධනය සම්මත කිරීමෙන් […]

Local News
November 21, 2022
217 views 3 secs 0

පාපන්දු ලෝක කුසලාන ආරම්භක තරඟයේ ජය ඉක්වදෝරයට…

පාපන්දු ලෝක කුසලානයේ ආරම්භක තරගයෙන් සත්කාරක කටාරය පරදා ගෝල 2-0ක ජයක් වාර්තා කිරීමට ඉක්වදෝරය සමත් වුණා. දෙරට අතර තරඟය ආරම්භ වී තුන්වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කිරීමට ඉක්වදෝර ක්‍රීඩක Eන්නෙර් Vඅලෙන්cඉඅ සමත්වූ අතර පසුව එය නිවැරදිව ලබා නොගත් ගෝලයක් බව විනිසුරුවන් තීරණය කළා. පසුව යළිත් 16 වන මිනිත්තුවේදී ඉක්වදෝරයට දඩුවම් පහරක් හිමිවූ අතර එම දඬුවම් පහර […]

Local News
November 16, 2022
201 views 0 secs 0

ක්‍රිකට් ගහන එක අපේ කාලේ සමඟ ගලපන්න එපා, 2022 ක්‍රිකට් ගහන එක සම්පූර්ණයෙන් වෙනස් – කුමාර් ධර්මසේන

දිවයිනට පැමිණීමෙන් අනතුරුව ප්‍රවීණ ක්‍රිකට් විනිසුරුවරයෙකු වන කුමාර් ධර්මසේන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ තමන් ක්‍රීඩා කරන කාලයේ සහ 2022 ක්‍රිකට් සෙල්ලම් කරන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් බව පවසනවා.අද වන විට ක්‍රිකට් සෙල්ලම් කිරීම සිදුකරන්නේ, තාක්ෂණයත් සමඟ නිසා තමන් ක්‍රීඩා කරන කාලයේ මෙන් වර්තමානයේ ක්‍රීඩා කළහොත් පළවෙනි වටයෙන්ම එළියට යාමට සිදුවන බවත් එම නිසා ඒ කාලය […]

Local News
November 16, 2022
196 views 0 secs 0

මීළග මැතිවරණයේ දී 50% ක් නව පිරිසක් ඉදිරිපත්විය යුතුයි.

අද (16) පැවති මාධ්‍ය හමුවකට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කළේ, මීළඟ මැතිවරණයේදී 50% ක් නව පිරිසක් ඉදිරිපත්විය යුතු බවයි. එසේම තුන් වතාවකට වඩා ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තුවට පත්විය නොහැකි ලෙස නීතියක් ගෙනආ යුතු බවත් පවුල්වාදය සහ බලයට ඇති කෑදර කම නැවැත්විය හැක්කේ එම නීතිය හඳුන්වාදීමෙන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.