Local News
October 31, 2022
230 views 0 secs 0

පාන් ගෙඩියක මිල රු.10/= කින් අඩු වේ.

අද (31) සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රු. 10/- කින් අඩු වේ. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කළේ රටේ පවතින තත්ත්වය සහ තිරිඟු පිටි මිල ගණන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි. අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද පහත දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසීය.

Local News
October 30, 2022
266 views 1 sec 0

පරිප්පු සහ සුදු සිනීවල තොග මිල අඩු වේ.

වෙළෙඳපොළේ පරිප්පු, සුදු සීනි ඇතුළු භාණ්ඩ කිහිපයක තොග මිල අඩු කර ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය පවසයි.ඒ අනුව රු.375ක් පැවැති පරිප්පු 1Kg එකක තොග මිල රු.25කින් අඩු කර ඇති අතර නව මිල රු.350ක් වනවා.රු. 290ක්ව පැවැති සුදු සිනී 1Kg එකක තොග මිල රු.65කින් අඩු කර ඇති අතර නව මිල රු.225ක් වනවා.ඒ […]

Local News
October 28, 2022
224 views 0 secs 0

ගොවීන්ට යූරියා කිලෝ 50ක මල්ලක් රුපියල් දසදහසකට ලබාදීමට තීරණය කෙරේ.

රජය විසින් වී ගොවීන්ට යූරියා කිලෝ ග්‍රෑම් 50ක මල්ලක්  රුපියල් 10,000 කට ලබා දීමට තීරණය කර තිබෙනවා.කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමෙන් සිදු කළ සාකච්ඡා කිහිපයක දී කෙරුණු ඉල්ලීම් පදනම් කර ගනිමින් ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාව, ගොවිතැන සහ ග්‍රාමීය ආදායම් ආරක්ෂා කිරීමේ අරමුණින්  මෙම පියවර ගත් බවයි.මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Local News
October 28, 2022
216 views 0 secs 0

පා පැදියෙන් සේවයට වාර්තා කිරීමේ වැඩසටහනක් ආරම්භ කෙරේ.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලෝක නගර දිනයට සමගාමීව සෑම සිකුරාදා දිනකම පා පැදියෙන් සේවයට වාර්තා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ලබන සිකුරාදා සිට සතියේ සෑම සිකුරාදා දිනකම පාපැදියෙන් සේවයට වාර්තා කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ඊට අදාළ පහසුකම් සැලසීමට පියවර ගන්නා බව යි. සෞඛ්‍ය සම්පන්න නගර වැසියන් බිහිකිරීම, මාර්ග […]

Local News
October 28, 2022
231 views 0 secs 0

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්..

කොළඹ අපජල කළමනාකරණ වැඩසටහන යටතේ සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් කිහිපයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක් සඳහා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අද (28) රාත්‍රී 10.00 සිට හෙට (29) උදෑසන 10.00 දක්වා කාලය තුළ කොළඹ 02,03,04,05,07,08 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇත.

Local News
October 27, 2022
252 views 0 secs 0

තිළිණි ප්‍රියමාලි රුපියල් කෝටි 100ක මුදලක් වංචා කළ බව හෙළිවෙයි.

ව්‍යාපාරික කාන්තාවක් වන තිළිණි ප්‍රියමාලිට අදාළ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ඇය රුපියල් බිලියන 1.28 ක මුදලක් වංචා කර ඇති බව අනාවරණය වී තිබේ.අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව මේ බව කියා සිටියේ ය.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව මහතා පැවසුවේ, මේ වනවිට පැමිණිලි 12ක් ලැබී ඇති අතර අදාළ ව්‍යාපාරික කාන්තාවට එරෙහිව එම […]

Local News, Politics
October 27, 2022
488 views 0 secs 0

පළාත් පාලන මැතිවරණය ගැන යෝජනාවක්..

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින්,පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මැතිවරණ ක්‍රම සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස කථානායකවරයාට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එමෙන්ම පළාත් පාලන මැතිවරණ ක්‍රමය පිළිබඳ සුදුසු ක්‍රමවේදයක් ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා සති 02ක් තුළ ඉදිරිපත් කරන ලෙසද එහි සඳහන් වන බව වාර්තා වේ.

Local News
October 26, 2022
239 views 0 secs 0

සතොස අලෙවිසැල්හි තොග සීමාවන් ඉවතට…

ලංකා සතොස අලෙවිසැල් හි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පනවා තිබූ තොග සීමාවන් ඉවත් කර ඇති අතර ඕනෑම ප්‍රමාණයන්ගෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සීමාවකින් තොරව මිලදී ගත හැකි බව ලංකා සතොස ආයතනය පවසනවා. අද වනවිට ඕනෑම සතොස වෙළඳසැලක තත්වයෙන් උසස් වූ භාණ්ඩ තොග අවශ්‍ය ප්‍රමාණයට පවතින බව ද ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන සඳහන් කර සිටියා.

Local News
October 26, 2022
237 views 0 secs 0

උත්සව සමයේ බිත්තර හිඟයක්…

ඉදිරි උත්සව සමයේදී දැඩි බිත්තර හිඟයකට මුහුණදීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ, මේ වනවිට රටට අවශ්‍ය ප්‍රමාණයට බිත්තර නිෂ්පාදනයක් මෙරට තුළ සිදුනොවන බවය.

Local News
October 24, 2022
206 views 10 secs 0

හෙට හා අනිද්දා පැය 2කට අධික විදුලි කප්පාදුවක්…

හෙට (25) සහ අනිද්දා (26) දෙදින තුළ පැය 2යි මිනිත්තු 20ක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01කද, රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක්ද විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.