Local News, Politics
October 27, 2022
605 views 0 secs 0

පළාත් පාලන මැතිවරණය ගැන යෝජනාවක්..

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින්,පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මැතිවරණ ක්‍රම සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස කථානායකවරයාට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එමෙන්ම පළාත් පාලන මැතිවරණ ක්‍රමය පිළිබඳ සුදුසු ක්‍රමවේදයක් ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා සති 02ක් තුළ ඉදිරිපත් කරන ලෙසද එහි සඳහන් වන බව වාර්තා වේ.

Local News
October 26, 2022
349 views 0 secs 0

සතොස අලෙවිසැල්හි තොග සීමාවන් ඉවතට…

ලංකා සතොස අලෙවිසැල් හි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පනවා තිබූ තොග සීමාවන් ඉවත් කර ඇති අතර ඕනෑම ප්‍රමාණයන්ගෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සීමාවකින් තොරව මිලදී ගත හැකි බව ලංකා සතොස ආයතනය පවසනවා. අද වනවිට ඕනෑම සතොස වෙළඳසැලක තත්වයෙන් උසස් වූ භාණ්ඩ තොග අවශ්‍ය ප්‍රමාණයට පවතින බව ද ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන සඳහන් කර සිටියා.

Local News
October 26, 2022
337 views 0 secs 0

උත්සව සමයේ බිත්තර හිඟයක්…

ඉදිරි උත්සව සමයේදී දැඩි බිත්තර හිඟයකට මුහුණදීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ, මේ වනවිට රටට අවශ්‍ය ප්‍රමාණයට බිත්තර නිෂ්පාදනයක් මෙරට තුළ සිදුනොවන බවය.

Local News
October 24, 2022
304 views 10 secs 0

හෙට හා අනිද්දා පැය 2කට අධික විදුලි කප්පාදුවක්…

හෙට (25) සහ අනිද්දා (26) දෙදින තුළ පැය 2යි මිනිත්තු 20ක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01කද, රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක්ද විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

Local News
October 24, 2022
321 views 0 secs 0

ත්‍රිරෝද රථ කෝටාව ඉහලට…

ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ඉහළ දැමීමට ජනාධිපතිවරයා අවසර ලබා දී තිබෙනවා. අදාළ ත්‍රිරෝද රථ ලියාපදිංචිය පළමුවනදා සිට ආරම්භ කර එය එළඹෙන 06 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙහි ප්‍රථම පියවර බස්නාහිර පළාතෙන් ආරම්භ කෙරෙන අතර එය අනෙක් පළාත් සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

Local News
October 24, 2022
348 views 0 secs 0

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහලට..

ලොව විශාලතම බොර තෙල් අනයනකරු වන චීනය බොර තෙල් ආනයනය අඩු කිරීම හෙටහුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අද (24) තවත් අඩුවී තිබේ. දෙසැම්බර් මාසය සඳහා වූ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.50 දක්වා අඩුවී ඇති අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 84.02ක් දක්වා අඩුවී තිබුණි.

Local News
October 24, 2022
310 views 0 secs 0

ලිට්‍රො ගෑස් මිලේ නැවත වෙනසක්?

ලෝක වෙළෙඳපොළේ මිල උච්ඡාවචනයන්ට අනුව ලබන මාසයේදී දේශීය ගෘහස්ත ගෑස් මිල තවදුරටත් අඩුවිය හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, ලිට්‍රෝ සමාගම ලෝක බැංකුවෙන් ලබාගත් ණය දෙසැම්බර් මාසයේදී ගෙවා අවසන් කිරීමට හැකිවනු ඇති බවය.

Local News
October 24, 2022
304 views 0 secs 0

කැසිනෝ, ඔට්ටු සහ සූදු බදු ඉහළට…

කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද රු. කෝටි 20 සිට 50 දක්වා සියයට 150 කින් ඉහළ දමා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.එමෙන්ම ඔට්ටු සහ සූදු සඳහා වන බදු ද ඉහළ දැමූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

Local News
October 24, 2022
323 views 0 secs 0

අද විදුලි කප්පාදුවක් නැත.

දීපාවලි උත්සවය නිමිත්තෙන් අද (24) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

Local News
October 24, 2022
322 views 0 secs 0

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැක.අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති […]