Local News
October 24, 2022
222 views 0 secs 0

ත්‍රිරෝද රථ කෝටාව ඉහලට…

ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ඉහළ දැමීමට ජනාධිපතිවරයා අවසර ලබා දී තිබෙනවා. අදාළ ත්‍රිරෝද රථ ලියාපදිංචිය පළමුවනදා සිට ආරම්භ කර එය එළඹෙන 06 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙහි ප්‍රථම පියවර බස්නාහිර පළාතෙන් ආරම්භ කෙරෙන අතර එය අනෙක් පළාත් සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

Local News
October 24, 2022
236 views 0 secs 0

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහලට..

ලොව විශාලතම බොර තෙල් අනයනකරු වන චීනය බොර තෙල් ආනයනය අඩු කිරීම හෙටහුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අද (24) තවත් අඩුවී තිබේ. දෙසැම්බර් මාසය සඳහා වූ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.50 දක්වා අඩුවී ඇති අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 84.02ක් දක්වා අඩුවී තිබුණි.

Local News
October 24, 2022
205 views 0 secs 0

ලිට්‍රො ගෑස් මිලේ නැවත වෙනසක්?

ලෝක වෙළෙඳපොළේ මිල උච්ඡාවචනයන්ට අනුව ලබන මාසයේදී දේශීය ගෘහස්ත ගෑස් මිල තවදුරටත් අඩුවිය හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, ලිට්‍රෝ සමාගම ලෝක බැංකුවෙන් ලබාගත් ණය දෙසැම්බර් මාසයේදී ගෙවා අවසන් කිරීමට හැකිවනු ඇති බවය.

Local News
October 24, 2022
215 views 0 secs 0

කැසිනෝ, ඔට්ටු සහ සූදු බදු ඉහළට…

කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද රු. කෝටි 20 සිට 50 දක්වා සියයට 150 කින් ඉහළ දමා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.එමෙන්ම ඔට්ටු සහ සූදු සඳහා වන බදු ද ඉහළ දැමූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

Local News
October 24, 2022
221 views 0 secs 0

අද විදුලි කප්පාදුවක් නැත.

දීපාවලි උත්සවය නිමිත්තෙන් අද (24) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

Local News
October 24, 2022
221 views 0 secs 0

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැක.අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති […]

Local News
October 23, 2022
221 views 0 secs 0

නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ.

දිවයින පුරා පවතින අධික වර්ෂාවත් සමඟ තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් කළුතර, කෑගල්ල, ගාල්ල, නුවරඑළිය සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවලට බලපැවැත්වෙනවා.ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ, ඉංගිරිය, වළල්ලාවිට, පාලින්ද නුවර සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ […]

Local News
October 21, 2022
225 views 0 secs 0

22 වන සංශෝධනය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වේ.

අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සම්මත වුණා. එම යෝජනාවට පක්ෂව ඡන්ද 179 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 01 ලැබුණා.

Local News
October 20, 2022
215 views 0 secs 0

“ඉටුකම” අරමුදල වසා දැමීමට කැබිනට් අනුමැතිය…

“ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” වසා දැමීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එහි ලේකම් ආචාර්ය තාරක ලියනපතිරණ සඳහන් කළේ, ඔක්තෝබර් මස 18 වන දිනෙන් පසු කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල නමින් ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ පවත්වාගෙන යනු ලැබූ නිල බැංකු ගිණුම ක්‍රියාත්මක නොවන බවයි. මේ හේතුවෙන් එම ගිණුම සඳහා මුදල් බැර […]

Local News
October 20, 2022
256 views 0 secs 0

දෙසැම්බර් 31 තෙක් තිරිඟු පිටි ආනයනයට අනුමැතිය…

දෙසැම්බර් 31 වැනි දා දක්වා විවෘත ගිණුම් ක්‍රමය යටතේ තිරිඟු පිටි ආනයනයට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියා.