22 ගැන විවාදය කල් යයි..
22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මීළඟ පාර්ලිමේන්තු සැසි වාරයකදී විවාදයට ගැනීමට පසු නායකයින් තීරණය කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දී සිටියා. පසුගියදා පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද(06) විවාදයට ගැනීමට එකගතාවය පල කර තිබිණි. කෙසේ වුවද මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය ලබන 18ව දින ආරම්භ වන බව වාර්තා […]
මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට තවත් දෙපාර්තමේන්තු කිහිපයක්
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එම ගැසට් පත්‍රයට අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර ඇත.
සංචාරක ඉන්ධන අවසරපත්‍රය එළිදක්වයි.
සංචාරක ඉන්ධන අවසරපත්‍ර, පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමය ඊයේ (5) එළිදැක්විණි.රට පුරා ඉන්ධන පිරවුම්හල් 300+ කදී ඉන්ධන මිලදී ගැනීමට සංචාරකයාට USD පෙරගෙවුම් කාඩ්පතක් භාවිතා කිරීමට මෙමගින් හැකියාව ලැබේ. කාඩ්පත ගුවන්තොටුපළ ඩයලොග් සහ සම්පත් බැංකු කවුන්ටරවලින් ලබාගත හැකි අතර සම්පත් බැංකු ශාඛාවලින් ටොප්අප් කළ හැක. තවද, සංචාරක ඉන්ධන අවසරපත්‍ර පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සහාය වීම සම්බන්ධයෙන් සංවර්ධන […]
දින තුනක් කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටසක් වසා දමයි.
කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටසක් අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වසා තැබීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කොස්ගම සිට අවිස්සාවේල්ල කොටස ඔක්තෝබර් 07 වනදා රාත්‍රී 8.30 සිට 10 වනදා පෙරවරු 06.00 දක්වා වසා තැබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේමෙම කාලය තුළදී කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙන්නේ කොස්ගම දක්වා පමණක් බවයි.
ඇමරිකාවෙන් තවත් වෛද්‍ය සැපයුම් තොගයක්
ඩොලර් මිලියන 2.74 ක් වටිනා වෛද්‍ය සැපයුම් තොගයක් එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මානුෂීය සංවිධානයක් වන HOPE Worldwide විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරන්නේ ශ්‍රී ලාංකිකයින්ට කඩිනම් සහන සැලසීම සඳහා අදාළ ආධාර ශ්‍රී ලංකාවට ලබාදුන් බවයි .තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඩොලර් මිලියන 12 ඉක්මවන වෛද්‍ය ආධාරයන් පසුගිය […]
