Local News
October 07, 2022
289 views 0 secs 0

මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 6 ක් බවයි.මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසකට ගිනි අවි රැගෙන පැමිණි පුද්ගලයන් පිරිසක් ඊයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගියා.මීට වසර තුන හතරකට පෙරදී සරුංගල් සිද්ධියක් මුල් කරගෙන මෙම වෙඩි […]

Local News
October 07, 2022
279 views 1 sec 0

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමයි

බොරතෙල් භාණ්ඩ සඳහා විදේශ විනිමය හිඟයක් හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (07) සිට වසා තැබෙන බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සතුව සියලුම නිෂ්පාදන සඳහා ප්‍රමාණවත් තොග ඇති බැවින් පිරිපහදු කළ නිෂ්පාදනවල හිඟයක් ඇති නොවන බවයි. ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) පිරිපහදු […]

Health, Local News
October 07, 2022
293 views 0 secs 0

ඖෂධ හිගය තවමත් පවතිනවා – වෛද්‍ය හම්දානි

රට තුළ තවමත් අත්‍යාවශ්‍ය ඖෂධ 110ක පමණ හිගයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කර සිටියා. එහි ජාත්‍යන්තර ඖෂධ පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි, හිගව පවතින ඖෂධ කළමනාකරණය කරමින් රෝගී සත්කාර පවත්වගෙන යන බවත්, ඖෂධ හිගය වැලැක්වීමට වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක බවත් සදහන් කර සිටියා.

Local News
October 06, 2022
365 views 0 secs 0

ප්ලේන් ටී හා කිරි තේ එකක මිල පහලට..

අද (06) දින සිට කිරි තේ එකක මිල රුපියල් 100ක් හා ප්ලේන්ටි එකක මිල රුපියල් 30ක් දක්වා අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියා.

Local News
October 06, 2022
270 views 0 secs 0

ඉන්ධන මිල ඉහල යන ලකුණු..

ගෝලීය බලපෑම හේතුවෙන්දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි යන මාස වල ඉන්ධන මිල ඉහළ යා හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද කල විශේෂ ප්‍රකාශයේදී සදහන් කර සිටියා.

Local News
October 06, 2022
286 views 0 secs 0

ප්‍රතිපත්ති පොලී අනුපාත ගැන මහ බැංකුවේ තීරණය..

ප්‍රතිපත්ති පොලි අනුපාත නොවෙනස්ව පවත්වා ගැනීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 14.5% කද, නිත්‍ය ණය පහසුකම් අනුපාතය 15.5% ක මට්ටමේ ද නොවෙනස්ව පවත්වා ගෙන යනු ලැබේ.

Local News
October 06, 2022
266 views 0 secs 0

22 ගැන විවාදය කල් යයි..

22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මීළඟ පාර්ලිමේන්තු සැසි වාරයකදී විවාදයට ගැනීමට පසු නායකයින් තීරණය කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දී සිටියා. පසුගියදා පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද(06) විවාදයට ගැනීමට එකගතාවය පල කර තිබිණි. කෙසේ වුවද මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය ලබන 18ව දින ආරම්භ වන බව වාර්තා […]

Local News
October 06, 2022
272 views 0 secs 0

මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට තවත් දෙපාර්තමේන්තු කිහිපයක්

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එම ගැසට් පත්‍රයට අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර ඇත.