Local News
October 04, 2022
245 views 0 secs 0

සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් පතක් නිකුත් වේ.

ජනපතිගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කොට තිබෙනවා. ඒ අනුව ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන බෙදාහැරීම සම්බන්ධ සේවා, විදුලි බල සැපයීම සම්බන්ධ සියලුම සේවා, රෝහල් හා සාත්තු නිවාස වල, බෙහෙත් ශාලා හා වෙනත් රෝගීන් නඩත්තු කිරීම ඇතුළු සේවා මෙලෙස මෙලෙස අත්‍යවශ්‍ය […]

Local News
October 04, 2022
213 views 0 secs 0

රටේ වත්මන් ආර්ථික තත්වය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ලබන බ්‍රහස්පතින්දා දින පාර්ලිමේන්තුවේදී ජනපති විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. ආණ්ඩු පක්ශ මන්ත්‍රී කන්ඩායම් රැස්වීම පැවැති අතර එහි දී මේ පිළිබඳව සාකච්ඡා කල පා.ම ජගත් කුමාර සදහන් කර සිටි අතර අවශ්‍ය නම් අදාල ප්‍රකාශය සම්බන්ධව විවාදයක් කිරීමට සූදානම් බවද ජනපති සදහන් කර ඇති බව වාර්තා වේ.

Local News
October 04, 2022
192 views 10 secs 0

අද විදුලිය කැපෙන හැටි..

අද (04) දිනයේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01ක කාලයක් හා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

Local News
October 04, 2022
211 views 0 secs 0

තිරිඟු පිටි මිල පහත දැමීමට තීරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහාන් බණ්ඩාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා එළඹෙන සතියේ දී තිරිඟු පිටි මිල පහළ දැමීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියා. මෙම සතියේ සිට අඛණ්ඩව ආනයනය කරන ලද තිරිගු පිටි මේ රටට ලැබීමට නියමිත බවත්, මේ වන විටත් තිරිඟු පිටි කන්ටේනර් 100 කට ආසන්න ප්‍රමාණයක් කොළඹ කොළඹ […]

Local News
October 04, 2022
192 views 0 secs 0

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තවත් සිසුවෙකු අතුරුදන්..

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තුන්වැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 25 හැවිරිදි ශිෂ්‍යයෙක් අතුරුදහන් වී ඇති බව පොලිසිය ප්‍රකාශ කර සිටියා. මෙම ශිෂ්‍යයා නේවාසිකාගාරයේ නොමැති බවට ලැබුනු පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Local News
October 04, 2022
191 views 0 secs 0

විරෝධතාවයට එක් වූ හිටපු ජනපති…

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පොළොන්නරුවේ වී ගොවීන් පිරිසක් සංවිධානය කර තිබූ විරෝධතාවයකට එක් වුණා.වී සදහා නිසි මිලක් ලබාදෙන ලෙස මෙම ගොවීන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

Local News
October 03, 2022
208 views 0 secs 0

ගෑස් මිල අඩු කිරීමට පියවර..

එළඹෙන 5වනදා මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබෙන අතර නව, මිල ගණන් ඉදිරියේදී දැනුම්දෙන බව ලිට්‍රො සමාගම් සභාපති මුදිත පීරිස් මහතා සදහන් කර සිටියා.

Local News
October 03, 2022
201 views 0 secs 0

කෝප් කමිටු සාමාජිකයන් පත් කෙරේ…

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීමට තේරීම් කාරක සභාව විසින් මන්ත්‍රීවරුන් නම් කර තිබෙන අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් එම මන්ත්‍රීවරුන්ගේ නම් අද (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරන ලදී.එම නම් ලැයිස්තුව පහතින්,

Local News
October 03, 2022
223 views 0 secs 0

අද පාර්ලිමේන්තුව රැස් වෙයි..

මෙම සතිය සඳහා පාර්ලිමේන්තු සභා වාරය අද (03) සිට ලබන 07 වන දින දක්වා පැවැත්වේ.අද (03) දින සම්පූර්ණයෙන්ම වාචික පිළිතුරු අපේක්ෂා කරමින් යොමු කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර ලබන 06 හා 07 දෙදින තුළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වේ.

Local News
October 02, 2022
224 views 1 sec 0

දුම්වැටිහා මත්පැන් මිල ඉහලට..

ඊයේ (1) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි DCSL සමාගමේ අතිවිශේෂ මත්පැන් 750mlක්, රුපියල් 150 කින් ඉහළ දැමීමට එම සමාගම තීරණය කර ඇති බව වාර්තා වේ.ඒ සමග අනෙකුත් මත්පැන් උඹලා මිලද ඉහල දමා ඇති අතර දුම්වැටි වර්ග දෙකක මිලද රු.5කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.