Local News
October 03, 2022
305 views 0 secs 0

ගෑස් මිල අඩු කිරීමට පියවර..

එළඹෙන 5වනදා මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබෙන අතර නව, මිල ගණන් ඉදිරියේදී දැනුම්දෙන බව ලිට්‍රො සමාගම් සභාපති මුදිත පීරිස් මහතා සදහන් කර සිටියා.

Local News
October 03, 2022
298 views 0 secs 0

කෝප් කමිටු සාමාජිකයන් පත් කෙරේ…

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීමට තේරීම් කාරක සභාව විසින් මන්ත්‍රීවරුන් නම් කර තිබෙන අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් එම මන්ත්‍රීවරුන්ගේ නම් අද (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරන ලදී.එම නම් ලැයිස්තුව පහතින්,

Local News
October 03, 2022
327 views 0 secs 0

අද පාර්ලිමේන්තුව රැස් වෙයි..

මෙම සතිය සඳහා පාර්ලිමේන්තු සභා වාරය අද (03) සිට ලබන 07 වන දින දක්වා පැවැත්වේ.අද (03) දින සම්පූර්ණයෙන්ම වාචික පිළිතුරු අපේක්ෂා කරමින් යොමු කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර ලබන 06 හා 07 දෙදින තුළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වේ.

Local News
October 02, 2022
328 views 1 sec 0

දුම්වැටිහා මත්පැන් මිල ඉහලට..

ඊයේ (1) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි DCSL සමාගමේ අතිවිශේෂ මත්පැන් 750mlක්, රුපියල් 150 කින් ඉහළ දැමීමට එම සමාගම තීරණය කර ඇති බව වාර්තා වේ.ඒ සමග අනෙකුත් මත්පැන් උඹලා මිලද ඉහල දමා ඇති අතර දුම්වැටි වර්ග දෙකක මිලද රු.5කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.

Local News
October 02, 2022
421 views 0 secs 0

දර්ශන් ධර්මරාජා අභාවප්‍රාප්ත වෙයි..

මෙරට සිංහල හා දමිළ සිනමාව තුළ රංගනයෙන් දායක වූ දර්ශන් ධර්මරාජා හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වුණා. මිය යනවිට ඔහු 41වන වියේ පසු වුණා.

Local News
September 30, 2022
315 views 0 secs 0

දූෂණය පිටුදැකීමට ඇති කැපවීම ශ්‍රී ලංකාව සහතික කළ යුතුයි – ජූලි චන්ග්

රාජ්‍ය පාලනය වැඩි දියුණු කිරීම හා දූෂණය පිටුදැකීම සම්බන්ධයෙන් සිය කැපවීම සහතික කිරීම අමෙරිකානු ආයෝජකයින් ශ්‍රී ලංකාවෙන් අපේක්ෂා කරන බව මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් අමෙරිකානු ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා. ශ්‍රී ලංකාවේ වෙළඳපොල පුළුල් කිරීම හා ශක්තිමත් කිරීමට මෙම ප්‍රතිසංස්කරණය මූලික වන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

Local News
September 30, 2022
326 views 0 secs 0

උද්ධමනය තවත් ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ නවතම දත්ත අනුව ගත වූ සැප්තැම්බර් මාසයේ උද්ධමනය 69.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2022 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 94.9% දක්වා ඉහළ ගොස් ඇති බව අද (30) ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

Local News
September 30, 2022
313 views 1 sec 0

ඔක්තෝබර් 1 සහ 2 සඳහා විදුලි කප්පාදු කාලසටහන නිකුත් කෙරේ

PUCSL විසින් පහත සඳහන් පරිදි ඔක්තෝබර් 01 සහ 02 සඳහා පැය 2 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කරන ලදී. කණ්ඩායම් ABCDEFGHIJKLPQRSTUVW – දිවා කාලයේ පැය 1 ක් සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20 යි.

Local News
September 29, 2022
311 views 0 secs 0

ඉන්ධන නෞකා වලට මුදල් ගෙවීමට පියවර…

ඊයේ මෙරටට ළඟා වූ තවත් පෙට්‍රල් නෞකාවකට අද(29) මුදල් ගෙවීමට කටයුතු කරන බව, ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාව ප්‍රකාශ කර සිටියා. ඊට අමතරව මීට දින 10 කට පෙර මෙරටට ළඟා වී ඇති ඩීසල් නෞකාවකට ලබන සතිය තුළ ගෙවීම් කිරීමට කටයුතු කරන බව ද, සංස්ථාව සඳහන් කළේ ය. මේ අතර, බොරතෙල් රැගෙන පසුගිය 20 වැනිදා මෙරටට […]

Local News
September 29, 2022
306 views 0 secs 0

රටේ වත්මන් තත්වයට හේතු දැක්වූ ජනපති..

අද (29) පෙරවරුවේ, රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේ, මැනිලා නුවර ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ දි පැවැත්වුණු ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික රැස්වීමේ ප්‍රධාන සැසිය ඇමතූ අතර එහිදී අදහස් දක්වමින් ජනපතිවරයා කියා සිටියේ කෝවිඩ් වසංගතය මෙන්ම යුක්‍රේන යුද්ධය හේතුවෙන් නිර්මාණය කරන ලද ගෝලීය ආර්ථික අස්ථාවරත්වයේ අහිතකර ප්‍රතිවිපාක වන ආහාර, ඉන්ධන සහ පොහොර මිල අධික ලෙස […]