Local News
August 27, 2021
300 views 0 secs 0

තවත් සයිනොෆාම් මාත්‍රා තොගයක් දිවයිනට….

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගෙන ඇති චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක තොගයක් හෙට (28) මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට මෙතෙක් ගෙනැවිත් ඇති සමස්ත සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 18ක් වන බව කොළඹ චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.

Local News
August 27, 2021
412 views 0 secs 0

විභාග කොමසාරිස්ගෙන් නිවේදනයක්…

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා නිවේදනයක් නිකුත්කරමින්, 2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2021 සැප්තැම්බර් 15 වනදා දක්වා දීර්ඝ කර ඇති බව සඳහන් කළා. අදාළ විභාග සදහා අයඳුම්පත් භාරගැනීමේ කාලසීමාව පසුගිය 15 වනදා අවසන් වීමට නියමිතව තිබුණි. 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 14 වනදා […]

Local News
August 25, 2021
319 views 0 secs 0

ගුවන් හමුදාපති ස්වයං නිරෝධායනයට…

තමා සමග කටයුතු කළ පිරිසක කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිත බවට පසුගියදා හඳුනාගැනීමත් සමඟ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ස්වයං නිරෝධායනය සඳහා යොමු වී සිටි.

Local News
August 24, 2021
275 views 0 secs 0

4,400 ඉක්මවූ ආසාදිතයින්…

අද දිනයේ (24) කොවිඩ් -19 වෛරසය ආසාදනය සමස්ත ආසාදිතයින් ගණන 4,427කි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 398,782ක් දක්වා ඉහළගොස් තිබේ.

Local News
August 24, 2021
382 views 0 secs 0

අජිත් රෝහණ මහතාට කොවිඩ් ආසාදනය වෙයි…

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයෙහි වැඩි දියුණුවක් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි

Local News
August 24, 2021
343 views 0 secs 0

තවත් කොවිඩ් මරණ 190ක්….

ඊයේ (23) දින තවත් කොවිඩ් මරණ 190ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,750ක් දක්වා ඉහළගොස් ඇත.

Local News
August 24, 2021
341 views 1 sec 0

ඇමති ජානකටත් කොවිඩ්….

ඊයේ දිනයේ සිදුකළ PCR පරීක්ෂණයකින් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. මීට පෙර රාජ්‍ය අමාත්‍යවරයාගේ දියණියට කොවිඩ් -19වෛරසය ආසාදනය වී සිටි බවට වාර්තා වේ..

Local News
August 24, 2021
308 views 0 secs 0

මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි..

හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත විය. මිය යන විට 65 වන වියේ පසු වූ ඔහු කොවිඩ් සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

Local News
August 23, 2021
292 views 0 secs 0

කොවිඩ් ආසාදිතයන් 4350 ඉක්මවයි…

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 4,353ක් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 394,353ක් දක්වා ඉහළගොස් තිබේ.

Local News
August 23, 2021
318 views 0 secs 0

තවත් කොවිඩ් මරණ 194ක්..

ඊයේ (22) දිනට කොවිඩ් මරණ 194 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.මෙම මරණ 194ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,560ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.