Local News
August 24, 2021
311 views 0 secs 0

අජිත් රෝහණ මහතාට කොවිඩ් ආසාදනය වෙයි…

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයෙහි වැඩි දියුණුවක් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි

Local News
August 24, 2021
267 views 0 secs 0

තවත් කොවිඩ් මරණ 190ක්….

ඊයේ (23) දින තවත් කොවිඩ් මරණ 190ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,750ක් දක්වා ඉහළගොස් ඇත.

Local News
August 24, 2021
264 views 1 sec 0

ඇමති ජානකටත් කොවිඩ්….

ඊයේ දිනයේ සිදුකළ PCR පරීක්ෂණයකින් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. මීට පෙර රාජ්‍ය අමාත්‍යවරයාගේ දියණියට කොවිඩ් -19වෛරසය ආසාදනය වී සිටි බවට වාර්තා වේ..

Local News
August 24, 2021
243 views 0 secs 0

මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි..

හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත විය. මිය යන විට 65 වන වියේ පසු වූ ඔහු කොවිඩ් සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

Local News
August 23, 2021
224 views 0 secs 0

කොවිඩ් ආසාදිතයන් 4350 ඉක්මවයි…

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 4,353ක් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 394,353ක් දක්වා ඉහළගොස් තිබේ.

Local News
August 23, 2021
234 views 0 secs 0

තවත් කොවිඩ් මරණ 194ක්..

ඊයේ (22) දිනට කොවිඩ් මරණ 194 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.මෙම මරණ 194ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,560ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Local News
August 23, 2021
376 views 0 secs 0

දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත් ජනපති…

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ (22) වීථී සංචාරය කෙරුණු අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අයෝමා රාජපක්ෂ මහත්මිය මහනුවර ජනාධිපති මන්දිරය ඉදිරිපිට සිට පෙරහර නැරඹීමට එක්ව සිටියා.ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණි ජනාධිපතිවරයාව දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබූ අතර ජනාධිපතිතුමා ඊයේ (22) පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී ආගමික වතාවත්වල […]

Local News
August 22, 2021
230 views 0 secs 0

දිනක් තුළ කොවිඩ් රෝගීන් 4000 ඉක්මවයි..

අද (22) දිනයේදී තහවුරු වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4282 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. මෙරට එක් දිනක් තුළ හඳුනාගත් කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,000 ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

Local News
August 22, 2021
256 views 0 secs 0

ඊයේ දිනට කොවිඩ් මරණ 183ක්…

ඊයේ (21) දින කොවිඩ් මරණ 183ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙම මරණ 183ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,366ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.