Local News
August 23, 2021
457 views 0 secs 0

දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත් ජනපති…

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ (22) වීථී සංචාරය කෙරුණු අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අයෝමා රාජපක්ෂ මහත්මිය මහනුවර ජනාධිපති මන්දිරය ඉදිරිපිට සිට පෙරහර නැරඹීමට එක්ව සිටියා.ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණි ජනාධිපතිවරයාව දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබූ අතර ජනාධිපතිතුමා ඊයේ (22) පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී ආගමික වතාවත්වල […]

Local News
August 22, 2021
297 views 0 secs 0

දිනක් තුළ කොවිඩ් රෝගීන් 4000 ඉක්මවයි..

අද (22) දිනයේදී තහවුරු වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4282 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. මෙරට එක් දිනක් තුළ හඳුනාගත් කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,000 ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

Local News
August 22, 2021
336 views 0 secs 0

ඊයේ දිනට කොවිඩ් මරණ 183ක්…

ඊයේ (21) දින කොවිඩ් මරණ 183ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙම මරණ 183ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,366ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Local News
August 22, 2021
306 views 0 secs 0

මොරටුවේ වෙළඳසැලක ගින්නක්…

මොරටුව නගරයේ අතුරු මාර්ගයක පිහිටා ඇති වෙළෙඳසැළක් සහ නිවසක් එකට පිහිටා ඇති ගොඩනැගිල්ලක හදිසියේ ගින්නක් ඇතිවී තිබේ. ගින්නෙන් වෙළෙඳසැළ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.මොරටුව මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ පැමිණ ගින්න පැතිරීම පාලනය කර තිබුණ අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Local News
August 22, 2021
287 views 0 secs 0

සියලුම ආර්ථික මධ්‍යස්ථාන 24 සහ 25 දෙදින තොග වෙළඳාම සඳහා විවෘතයි…

එලඹෙන 24 සහ 25 යන දෙදින තොග වෙළෙඳාම් සඳහා පමණක් දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසනවා.

Local News
August 22, 2021
300 views 0 secs 0

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස් අත්අඩංගුවට…

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 452ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 56,294කි. මේ අතර බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 13ක ස්ථාපිත කර ඇති මාර්ග බාධකවලදී ඊයේ දිනය තුළ වාහන […]

Local News
August 21, 2021
305 views 0 secs 0

යුධහමුදාපතිගෙන් ප්‍රකාශයක්…

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරමින් කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහා සහයෝගය ලබාදෙන ලෙස යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් අදාළ කාලය තුළ අවසර ලබාදී ඇති අතර එය අවභාවිත කිරීමෙන් වැළකී සිටිය යුතු බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

Health, Local News
August 21, 2021
293 views 0 secs 0

සුවය ලැබූ කොවිඩ් රෝගීන්….

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,580 දෙනෙකු අද (21) දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත ගණන 323,390ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කලා.

Local News
August 20, 2021
350 views 0 secs 0

අවු 60 වැඩි පුද්ගලයන්ට ජංගම එන්නත් කිරීමේ වැඩසටහන්..

රට වසා දැමීමෙන් පසුනිවෙස් වලට ගොස් වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් සඳහා එන්නත් ලබා දීම සඳහා ජංගම එන්නත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.