Local News
August 22, 2021
229 views 0 secs 0

මොරටුවේ වෙළඳසැලක ගින්නක්…

මොරටුව නගරයේ අතුරු මාර්ගයක පිහිටා ඇති වෙළෙඳසැළක් සහ නිවසක් එකට පිහිටා ඇති ගොඩනැගිල්ලක හදිසියේ ගින්නක් ඇතිවී තිබේ. ගින්නෙන් වෙළෙඳසැළ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.මොරටුව මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ පැමිණ ගින්න පැතිරීම පාලනය කර තිබුණ අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Local News
August 22, 2021
218 views 0 secs 0

සියලුම ආර්ථික මධ්‍යස්ථාන 24 සහ 25 දෙදින තොග වෙළඳාම සඳහා විවෘතයි…

එලඹෙන 24 සහ 25 යන දෙදින තොග වෙළෙඳාම් සඳහා පමණක් දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසනවා.

Local News
August 22, 2021
223 views 0 secs 0

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස් අත්අඩංගුවට…

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 452ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 56,294කි. මේ අතර බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 13ක ස්ථාපිත කර ඇති මාර්ග බාධකවලදී ඊයේ දිනය තුළ වාහන […]

Local News
August 21, 2021
240 views 0 secs 0

යුධහමුදාපතිගෙන් ප්‍රකාශයක්…

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරමින් කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහා සහයෝගය ලබාදෙන ලෙස යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් අදාළ කාලය තුළ අවසර ලබාදී ඇති අතර එය අවභාවිත කිරීමෙන් වැළකී සිටිය යුතු බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

Health, Local News
August 21, 2021
222 views 0 secs 0

සුවය ලැබූ කොවිඩ් රෝගීන්….

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,580 දෙනෙකු අද (21) දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත ගණන 323,390ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කලා.

Local News
August 20, 2021
263 views 0 secs 0

අවු 60 වැඩි පුද්ගලයන්ට ජංගම එන්නත් කිරීමේ වැඩසටහන්..

රට වසා දැමීමෙන් පසුනිවෙස් වලට ගොස් වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් සඳහා එන්නත් ලබා දීම සඳහා ජංගම එන්නත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Local News
August 20, 2021
265 views 1 sec 0

කොවිඩ් පාලනයට රට වසා දැමීමට අවශ්‍ය නැහැ. – වෛද්‍ය විජේවික්‍රම

අංගොඩ ප්‍රතිශක්ති විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය A. විජේවික්‍රම මහතා, රට තුළ කොවිඩ් -19 වසංගතය පාලනය කිරීම සඳහා රට අගුළු දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව පැවසීය. වෛරසය මුළුමනින්ම වසා දැමීමකට වඩා අවම ක්‍රියාමාර්ගයකින් පාලනය කළ හැකි බව ඔහු සඳහන් කර ඇත. පසුගිය වසරේ අප්‍රේල් සහ මැයි මාසවල අගුලු දැමීමක් සිදු වුවද සමහර සංවිධාන තවමත් සුපුරුදු පරිදි ක්රියාත්මක […]

Local News
August 19, 2021
249 views 0 secs 0

බේකරි නිෂ්පාදන මිල ඉහලට…

සඳුදා (23) සිට බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ඉහළ යන අතර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රු. 10කින් ඉහල යනු ඇත.

Health, Local News
August 19, 2021
242 views 0 secs 0

සංශෝධනය කල නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක්…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (18) නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව සාප්පු සංකීර්ණ විවෘතව තබන බවත් වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයන් 25%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත හැකි බව එහි වැඩිදුරටත් දැක්වේ. එමෙන්ම කොවිඩ් -19 න් ආරක්ෂා විමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතු […]