Local News
August 16, 2021
286 views 0 secs 0

කුසල් ජනිත්ට කොවිඩ්…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු එක්දින නායක කුසල් ජනිත් පෙරේරා කොවිඩ් ආසාදිත වී ඇති බවට හඳුනාගෙන තිබේ. එළඹෙන දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට ද ඔහු ඇතුළත් වී සිටියේය.

Local News
August 16, 2021
268 views 0 secs 0

මහරගමින් කොවිඩ් පොකුරක්..

මහරගම පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරත පොලිස් පරීක්ෂකවරයකු, උප පොලිස් පරීක්ෂකවරුන් සිව්දෙනෙකු ඇතුළු නිලධාරීන් 12 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ. ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇත තවත් නිලධාරීන් 15 දෙනෙකු නිරෝධායනය සඳහා ද යොමුකර ඇත. මහරගම පොලීසියේ ස්ථානාධිපතිවරයා පසුගියදා විරෝධතාවයක් අතරතුර අනතුරකට ලක්වීම හේතුවෙන් මේ වනවිට රෝහල්ගතව පසුවන අතර ඒ හේතුවෙන් පොලිස් ස්ථානයට වැඩබලන ස්ථානාධිපතිවරයෙකු පත්කර […]

Local News
August 16, 2021
290 views 0 secs 0

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට…

මෙරට එන්නත්කරණ වැඩසටහන වෙනුවෙන් අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද (16) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ. බහලුම් 13ක් තුළ අසුරා තිබු එන්නත් තොගය ගොඩබෑමෙන් පසුව ශීතාගාර පහසුකම් සහිත ගබඩා වෙත යොමුකර තිබේ.

Local News
August 15, 2021
291 views 0 secs 0

හෙට සිට ඇඳිරි නීතිය…

හෙට (16) රාත්‍රී 10.00 සිට පසු දින (17) අලුයම 4.00 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන බව යුද හමුදාපතිවරයා නිවේදනය කරනවා.

Local News
August 15, 2021
288 views 1 sec 0

කොවිඩ් පාලනයට පියවර කිහිපයක්…

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ තවත් පියවරක් ලෙස 2021 අගෝස්තු 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල්‍යය උත්සව සඳහා අවසර නොලැබේ. එමෙන්ම අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ජනයා ඒකරාශී වන කිසිදු අවස්ථාවකට ද අවසර නොමැත. අවන්හල්වල වරකට රැස්වී සිටිය හැක්කේ […]

Local News
August 13, 2021
303 views 0 secs 0

පළමු කුඹල් පෙරහර අද වීථි සංචාරය කෙරේ…

අද (13) රාත්‍රී 07:18 ට යෙදෙන සුබ මොහොතින් මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතය. පවතින කොවිඩ් අර්බුදය හේතුවෙන් මෙවර ඇසළ පෙරහර මංගල්‍යය ජන සහභාගීත්වයෙන් තොරව සිදු කෙරේ. පෙරහර මංගල්‍යය අද දිනයේ සිට එළඹෙන 22 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

Local News
August 11, 2021
359 views 0 secs 0

පොදු ප්‍රවාහන සේවා නීරෝධායන නීති ගැන සෙවීමට පොලිස් නිලධාරීන්…

පොදු ප්‍රවාහන සේවා නිරෝධායන නීති පිළිපදින්නේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

Local News
August 11, 2021
302 views 0 secs 0

ස්පුට්නික් මාත්‍රා තොගයක් දිවයිනට…

ශ්‍රී ලංකාව විසින් මිලදී ගත්, රුසියාවේ නිෂ්පාදිත ” ස්පුට්නික් V” එන්නත් මාත්‍රා 15,000ක ප්‍රමාණයක් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (11) අලුයම දිවයිනට රැගෙන විත් තිබේ. අනතුරුව එන්නත් තොගය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මඟින් මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන එනු ලැබීය.

Local News
August 09, 2021
285 views 0 secs 0

තවත් ෆයිසර් එන්නත් තොගයක් මෙරටට….

අද අලුයම 02.15 ට පමණ තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් මෙරටට රැගෙනවිත් තිබේ.කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර් – 668 දරන ගුවන් යානයෙන් එන්නත් තොගය මෙරටට රැගෙන විත් තිබේ.

Local News
August 08, 2021
303 views 0 secs 0

කොවිඩ් මරණ 94ක්…

තවත් කොවිඩ් මරණ 94ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.ඊයේ (07) දින තහවුරු කර ඇති එම මරණ 94ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,111ක් දක්වා ඉහළගොස් ඇත.