Local News
July 23, 2021
344 views 0 secs 0

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ කිහිප දෙනෙකු අත්අඩංගුවට…

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී දැරියක් පිළිස්සී මියගිය සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාගේ බිරිඳ, දැරිය රැගෙන ආ තැරැව්කරු සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව ප්‍රකාශ කළා.

Local News
July 19, 2021
324 views 0 secs 0

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු දීර්ඝ කෙරේ..

ජුලි 31 අවසන් වීමට නියමිතව තිබූ ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් භාර ගැනීමේ කටයුතු අගෝස්තු 7 වන දින දක්වා දීර්ඝ කර තිබෙනවා.

Local News, Politics
July 19, 2021
354 views 0 secs 0

මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ ජනපතිගේ අදහස..

ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා කැමැත්තෙන් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියා.

Local News
July 18, 2021
334 views 1 sec 0

කොවිඩ් වාර්තාව..

අද දිනයේ හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 1,402k බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 843ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 256,676ක් විය. සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,779කි.

Local News
July 18, 2021
351 views 0 secs 0

ගාලු පාරේ රථවාහන ධාවනයේ වෙනස් වීමක්…

කොල්ලුපිටිය, උත්තරානන්ද මාවත සහ රොටුන්ඩා උද්‍යාන පාරේ රථ වාහන ධාවනය හෙට(19) උදෑසන 6.00 සිට එක් දිශාවකට පමණක් සීමා කරන බව පොලීසිය නිවේදනය කරනවා. ඒ අනුව එම මාර්ගයෙහි එක් රථවාහන තීරුවක සිදුවන තාවකාලික මාර්ග සංවර්ධන වැඩබිමක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

Local News
July 18, 2021
344 views 0 secs 0

කොවිඩ් මරණ 46ක්…

අද (18) දිනය තුළ කොවිඩ් මරණ 46ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (17) සිදු වූ එම මරණ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,779ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Local News
July 18, 2021
358 views 0 secs 0

ඉන්දියාවේ නාය යෑමකින් 15දෙනෙක් මරුට..

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ සිදු වූ නායයෑමකින් නිවාස කිහිපයක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් ඉන්දියාවේ මුම්බායි නුවර 15දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පස් කන්දට යටවී සිටි පුද්ගලයින් 15දෙනෙකු මුදාගැනීමට සහන සේවකයින් සමත්ව ඇති අතර තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති බව සඳහන් වේ. මුම්බායි නුවර ආශ්‍රිත ඇතැම් ප්‍රදේශවලට ඊයේ (17) දිනයේ මිලීමිටර් 200 ඉක්මවු වැසි හටගෙන ඇති […]

Local News
July 18, 2021
402 views 0 secs 0

අද සිට මොඩර්නා එන්නත මධ්‍යම පළාතේ ජනතාවට….

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ මෙරටට හිමිවූ මොඩර්නා එන්නත මධ්‍යම පළාතේ ජනතාවට ලබාදීම අද (18) ආරම්භ විය. මේ යටතේ මහනුවර,මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවල වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත්කරණය සිදුකෙරේ. අමෙරිකාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම හරහා යොමුකළ මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක තොගයක් පසුගිය 16වනදා මෙරටට ලැබී තිබුණි. මේ දක්වා කොවිඩ් […]

Local News
July 18, 2021
1843 views 0 secs 0

දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් කිහිප දෙනෙකුට කොවිඩ්…

දෙහිවල සත්වෝද්‍යානයෙන් ඔරං ඔටං සතුන් දෙදෙනෙකු ට සහ චිම්පන්සි සතුන් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව විමලවීර දිසානායක මහතා පැවසීය. පසුගිය දා දකුණු කොරියාවේ සෝල් නුවර සිට මෙරටට ගෙන එන ලද “තෝර්” නැමති සිංහයා ට කොවිඩ් […]

Local News
July 16, 2021
382 views 0 secs 0

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ දැරිය මියයයි….

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බොරැල්ල බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ සේවිකාවක් ලෙස රැඳිසිටි 16 හැවිරිදි දැරියක් පසුගිය ජූලි 3 වනදා පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබු අතර එම දැරිය ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (15) දින මියගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය පරීක්ෂණ සිදුකරයි.