Local News
July 18, 2021
256 views 0 secs 0

ගාලු පාරේ රථවාහන ධාවනයේ වෙනස් වීමක්…

කොල්ලුපිටිය, උත්තරානන්ද මාවත සහ රොටුන්ඩා උද්‍යාන පාරේ රථ වාහන ධාවනය හෙට(19) උදෑසන 6.00 සිට එක් දිශාවකට පමණක් සීමා කරන බව පොලීසිය නිවේදනය කරනවා. ඒ අනුව එම මාර්ගයෙහි එක් රථවාහන තීරුවක සිදුවන තාවකාලික මාර්ග සංවර්ධන වැඩබිමක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

Local News
July 18, 2021
246 views 0 secs 0

කොවිඩ් මරණ 46ක්…

අද (18) දිනය තුළ කොවිඩ් මරණ 46ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (17) සිදු වූ එම මරණ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,779ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Local News
July 18, 2021
258 views 0 secs 0

ඉන්දියාවේ නාය යෑමකින් 15දෙනෙක් මරුට..

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ සිදු වූ නායයෑමකින් නිවාස කිහිපයක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් ඉන්දියාවේ මුම්බායි නුවර 15දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පස් කන්දට යටවී සිටි පුද්ගලයින් 15දෙනෙකු මුදාගැනීමට සහන සේවකයින් සමත්ව ඇති අතර තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති බව සඳහන් වේ. මුම්බායි නුවර ආශ්‍රිත ඇතැම් ප්‍රදේශවලට ඊයේ (17) දිනයේ මිලීමිටර් 200 ඉක්මවු වැසි හටගෙන ඇති […]

Local News
July 18, 2021
295 views 0 secs 0

අද සිට මොඩර්නා එන්නත මධ්‍යම පළාතේ ජනතාවට….

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ මෙරටට හිමිවූ මොඩර්නා එන්නත මධ්‍යම පළාතේ ජනතාවට ලබාදීම අද (18) ආරම්භ විය. මේ යටතේ මහනුවර,මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවල වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත්කරණය සිදුකෙරේ. අමෙරිකාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම හරහා යොමුකළ මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක තොගයක් පසුගිය 16වනදා මෙරටට ලැබී තිබුණි. මේ දක්වා කොවිඩ් […]

Local News
July 18, 2021
1721 views 0 secs 0

දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් කිහිප දෙනෙකුට කොවිඩ්…

දෙහිවල සත්වෝද්‍යානයෙන් ඔරං ඔටං සතුන් දෙදෙනෙකු ට සහ චිම්පන්සි සතුන් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව විමලවීර දිසානායක මහතා පැවසීය. පසුගිය දා දකුණු කොරියාවේ සෝල් නුවර සිට මෙරටට ගෙන එන ලද “තෝර්” නැමති සිංහයා ට කොවිඩ් […]

Local News
July 16, 2021
278 views 0 secs 0

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ දැරිය මියයයි….

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බොරැල්ල බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ සේවිකාවක් ලෙස රැඳිසිටි 16 හැවිරිදි දැරියක් පසුගිය ජූලි 3 වනදා පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබු අතර එම දැරිය ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (15) දින මියගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය පරීක්ෂණ සිදුකරයි.

Local News
July 16, 2021
249 views 0 secs 0

ඇමරිකාවෙන් ආ එන්නත් තොගය…..

අමෙරිකාවේ නිෂ්පාදනයක් වන මොඩාර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද (16) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ. මෙම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ “කොවැක්ස් ” පහසුකම යටතේ අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ. ඒ අනුව මොඩර්නා එන්නත් මාත්‍රා ශ්‍රී ලංකාවට රැගෙන ආ පළමු අවස්ථාව මෙය වෙයි.

Local News
July 15, 2021
264 views 0 secs 0

බ්‍රසීල ජනාධිපති හදිසියේ අසනීප වෙයි…

දින 10ක් පුරා පැවති ඉක්කා වැටීමේ තත්ත්වයක් හේතුවෙන් බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ රෝහල්ගත කර තිබේ. ඊයේ දිනයේ ඔහු බ්‍රසීලියාහි වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ඇතුළත් කර, පසුව වෙනත් රෝහලකට මාරුකර යවා තිබේ. ජනාධිපතිවරයා හට ඉදිරියේ දී ශල්‍යකර්මයක් සිදුකිරීමට ද ඉඩකඩ පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Local News
July 14, 2021
285 views 0 secs 0

ජනාධිපති හා ක්‍රිකට් බලධාරීන් අතර සාකච්ජාව කල් යයි…

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෙරට ක්‍රිකට් බලධාරීන් අතර අද (14) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ජාව කල්දමා ඇති බව නිවේදනය කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ක්‍රිකට් කමිටු සාමාජිකයින් එම හමුවට එක්වීමට නියමිතව තිබූණි.

Local News
July 14, 2021
269 views 0 secs 0

දුම්රිය නියාමකවරයෙක්ට පහර දීමක්…

වාද්දුව සිට රාගම බලා ධාවනය වූ දුම්රියක් දෙහිවල දුම්රිය ස්ථානයේදී නතර කරන ලද අවස්ථාවේදී, මුහුණු ආවරණ නොමැතිව දුම්රියකට ඇතුළුවීමට උත්සහ කළ දෙදෙනෙකුට අවවාද කළ දුම්රිය නියාමකවරයාට පහරදීමක් සිදුකර ඇත. පසුව දෙහිවල පොලීසිය විසින් අදාළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් 20 සහ 27 වයස්වල පසුවන්නන් බවට වාර්තා වේ.