Local News
August 06, 2021
276 views 0 secs 0

සයිනොෆාම් තොගයක් දිවයිනට..

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 20 අද (06) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇත. රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ සයිනොෆාම් පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින්ගේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා මෙම එන්නත් වෙන් කිරීමට සැලසුම් කර ඇති බවය.

Local News
August 04, 2021
258 views 0 secs 0

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ප්‍රහාරයක්…

කොවිඩ් ආසාදිත බවට සැකසහිත පුද්ගලයෙකුගේ නිවසකට ගිය නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට ඊයේ (03) කෙළ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඔහු 48 හැවිරිදි පුද්ගලයෙකු වන අදාළ පුද්ගලයා පසුව ගිරිඋල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

Local News
August 03, 2021
244 views 0 secs 0

ඇමති මහින්දානන්දට කොවිඩ්….

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.කෙසේවෙතත් හෙට (04) දිනයේදී ඔහු ඵ්Cර්‍ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව ද වාර්තා වේ.

Local News
August 03, 2021
230 views 0 secs 0

අද රැස්වන පාර්ලිමේන්තුව….

අගෝස්තු මාසයට අදාළ පාර්ලිමේන්තු පළමුවැනි රැස්වීම් සතිය අද (03) ආරම්භ වේ. අද පෙරවරු 10ට පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භවීමට නියමිතය. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසර සඳහා වන වාර්ෂික වාර්තාව පිළිබඳ විවාදය අද පැවැත්වෙන අතර හෙට (04) ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත සහ සේවකයින්ගේ ජාතික අවම වේතනයට අදාළ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතයජෙනරාල් […]

Local News
August 03, 2021
267 views 1 sec 0

බිත්තියේ සටහන් තැබුවේ ඉශාලිනී ද….?

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේදී පිළිස්සුම් තුවාල සහිතව මියගිය 16 හැවිරිදි දැරිය රැඳීසිටි කාමරයේ බිත්තියක තිබූ විශේෂ සටහනක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. අදාළ දැරිය රැඳී සිටි කාමරය පරීක්ෂා කිරීමේදී එහි බිත්තියක ඉංග්‍රීසි අක්ෂරයෙන් දෙමළ අර්ථයක් ලබාදෙන ආකාරයට සටහනක් ලියා ඇති අතර එහි සිංහල අර්ථය […]

Local News
August 02, 2021
220 views 0 secs 0

කොවිඩ් මරණ 63ක්…

ඊයේ (01) කොවිඩ් මරණ 63ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (02) දින තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,571ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Local News
August 02, 2021
272 views 0 secs 0

තවත් ඇස්ට්‍රාසෙනෙකා තොගයක් මෙරටට..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා (‍යොශිහිඩෙ Sඋගා මහතාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීම පරිදි ජපාන රජය විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.456ක තොගයක් ලබන සෙනසුරාදා (07) මෙරටට ලැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.එහි පළමු තොගය ලෙස එන්නත් මාත්‍රා 728,460ක් පසුගිය සෙනසුරාදා (ජූලි 31) මෙරටට රැගෙනවිත් තිබුණු අතර එම එන්නත් තොගය අද (02) පෙරවරුවේ […]

Local News
August 02, 2021
264 views 0 secs 0

ප්‍රදේශ කීපයකට ජල සැපයුම අත්හිටුවයි…

හෙට (03) පැය 24ක කාලයක් වත්තල – මීගමුව පාරේ කොටසක්, මාබෝල කොටසක්, වැලිකඩමුල්ල, හැඳල පාර නායකකන්ද හන්දිය දක්වා සියලුම අතුරු මාර්ග, අල්විස් ටවුම, මරදාන පාර, පුවක්වත්ත පාර, ගලගහදූව සහ කෙරවලපිටිය කොටසකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. හැඳල පාලම හරහා ජලනළ එළීම සහ ප්‍රධාන නළ මාර්ගයට සම්බන්ධ කිරීමේ කටයුතු හේතුවෙන් මෙසේ […]

Local News
July 30, 2021
245 views 0 secs 0

දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයට හිශාලීනීගෙ සිරුර ගොඩ ගනී..

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියගිය දැරියගේ සිරුර, නුවරඑළිය මහෙස්ත්‍රාත් කුමාරි ධර්මකීර්ති මහත්මියගේ නියෝගය පරිදි අදාළ වසම භාර ග්‍රාම නිලධාරීවරයා හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද සහභාගී කරගනිමින් නිරෝධායන උපදෙස්වලට අනුකූලව විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ඉදිරියේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගොඩ ගෙන තිබේ. මෙම පරීක්ෂණය සඳහා සිරුර පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන යෑමට […]

Local News
July 26, 2021
250 views 0 secs 0

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට…

බදියුදීන් නිවසේ පිළිස්සුම් තුවාල සහිතව දැරියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අද (26) යළි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අගෝස්තු 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. එමෙන්ම අදාළ දැරියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සිරුර යළි ගොඩ ගැනීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.