Local News
August 20, 2021
361 views 1 sec 0

කොවිඩ් පාලනයට රට වසා දැමීමට අවශ්‍ය නැහැ. – වෛද්‍ය විජේවික්‍රම

අංගොඩ ප්‍රතිශක්ති විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය A. විජේවික්‍රම මහතා, රට තුළ කොවිඩ් -19 වසංගතය පාලනය කිරීම සඳහා රට අගුළු දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව පැවසීය. වෛරසය මුළුමනින්ම වසා දැමීමකට වඩා අවම ක්‍රියාමාර්ගයකින් පාලනය කළ හැකි බව ඔහු සඳහන් කර ඇත. පසුගිය වසරේ අප්‍රේල් සහ මැයි මාසවල අගුලු දැමීමක් සිදු වුවද සමහර සංවිධාන තවමත් සුපුරුදු පරිදි ක්රියාත්මක […]

Local News
August 19, 2021
345 views 0 secs 0

බේකරි නිෂ්පාදන මිල ඉහලට…

සඳුදා (23) සිට බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ඉහළ යන අතර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රු. 10කින් ඉහල යනු ඇත.

Health, Local News
August 19, 2021
341 views 0 secs 0

සංශෝධනය කල නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක්…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (18) නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව සාප්පු සංකීර්ණ විවෘතව තබන බවත් වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයන් 25%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත හැකි බව එහි වැඩිදුරටත් දැක්වේ. එමෙන්ම කොවිඩ් -19 න් ආරක්ෂා විමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතු […]

Local News
August 18, 2021
333 views 0 secs 0

සුවය ලැබූ සමස්තය 316,000 ඉක්මවයි..

අද (18) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,188ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 316,528ක් දක්වා ඉහළ ගොස් තිබේ

Local News
August 18, 2021
386 views 0 secs 0

2 වන හරස් වීදියේ කඩවල් වැසේ…

රට තුළ පවතින අහිතකර කොවිඩ් තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළදී කොටුව, කොළඹ 2 වන හරස් වීදියේ ව්‍යාපාර වල හිමිකරුවන් තම වාණිජ මධ්‍යස්ථාන වසා දැමීමට තීරණය කර තිබේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ජනතාව ප්‍රදේශයට ඇතුළු වන හෙයින් 2 වන හරස් වීදියේ කොවිඩ් අවදානම ඉහළ මට්ටමක පවතින බව වෙළෙඳුන් සඳහන් කර තිබුණි.

Local News
August 17, 2021
328 views 0 secs 0

අවුරුදු 18-30 පිරිසට ඔක්තෝබර් සිට එන්නත් දීමට සැලසුම්…

ඔක්තෝබර් මාසයේ සිට වයස අවුරුදු 18-30 අතර පුද්ගලයින්ට එන්නත් ලබා දීමට සැලසුම් කරමින් සිටින බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. එමෙන්ම සැප්තැම්බර් අවසානය වන විට වයස අවුරුදු 30 ට වැඩි පිරිසගේ එන්නත් මාත්‍රාවන් දෙකම සම්පූර්ණ කිරීමට තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Local News
August 17, 2021
357 views 0 secs 0

ගුරු ගැටළුව ගැන නව අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්…

නව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ගුරුවරුන් විසින් මේ වන විට ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කර සිටියා. නව අධ්‍යාපන අමාත්‍යවරයා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි මුණගැසී සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා තිබෙනවා.

Local News
August 16, 2021
332 views 0 secs 0

දරුණු අතට හැරෙන කොවිඩ්…

අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 3,414 බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. මේ වන විට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 355,482ක් දක්වා ඉහළගොස් තිබේ. එමෙන්ම ඊයේ (15) දින කොවිඩ් මරණ 167ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙම මරණ 167ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,263ක් […]

Local News
August 16, 2021
369 views 0 secs 0

මැලේසියානු අගමැති ඉල්ලා අස් වෙයි…

බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අහිමිවීම හේතුවෙන්මැ ලේසියාවේ අගමැති මුහයිඩීන් යස්සින් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු වෙනුවට පත්කරන්නේ කවුරුද යන්න මෙතෙක් සඳහන් වී නොමැති අතර ඒ හේතුවෙන් රටතුළ දේශපාලන අස්ථාවර බවක් ඇතිවෙතැයි විදෙස් මාධ්‍ය පවසයි. මුහයිඩීන් යස්සින් මැලේසියාවේ අගමැතිවරයා ලෙස කටයුතු කළේ මාස 17ක් පමණි ඒ අනුව එරට අඩුම කාලයක් බලයේ සිටි නායකයා ඔහු වෙයි.