Local News
August 18, 2021
234 views 0 secs 0

සුවය ලැබූ සමස්තය 316,000 ඉක්මවයි..

අද (18) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,188ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 316,528ක් දක්වා ඉහළ ගොස් තිබේ

Local News
August 18, 2021
271 views 0 secs 0

2 වන හරස් වීදියේ කඩවල් වැසේ…

රට තුළ පවතින අහිතකර කොවිඩ් තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළදී කොටුව, කොළඹ 2 වන හරස් වීදියේ ව්‍යාපාර වල හිමිකරුවන් තම වාණිජ මධ්‍යස්ථාන වසා දැමීමට තීරණය කර තිබේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ජනතාව ප්‍රදේශයට ඇතුළු වන හෙයින් 2 වන හරස් වීදියේ කොවිඩ් අවදානම ඉහළ මට්ටමක පවතින බව වෙළෙඳුන් සඳහන් කර තිබුණි.

Local News
August 17, 2021
223 views 0 secs 0

අවුරුදු 18-30 පිරිසට ඔක්තෝබර් සිට එන්නත් දීමට සැලසුම්…

ඔක්තෝබර් මාසයේ සිට වයස අවුරුදු 18-30 අතර පුද්ගලයින්ට එන්නත් ලබා දීමට සැලසුම් කරමින් සිටින බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. එමෙන්ම සැප්තැම්බර් අවසානය වන විට වයස අවුරුදු 30 ට වැඩි පිරිසගේ එන්නත් මාත්‍රාවන් දෙකම සම්පූර්ණ කිරීමට තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Local News
August 17, 2021
252 views 0 secs 0

ගුරු ගැටළුව ගැන නව අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්…

නව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ගුරුවරුන් විසින් මේ වන විට ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කර සිටියා. නව අධ්‍යාපන අමාත්‍යවරයා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි මුණගැසී සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා තිබෙනවා.

Local News
August 16, 2021
232 views 0 secs 0

දරුණු අතට හැරෙන කොවිඩ්…

අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 3,414 බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. මේ වන විට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 355,482ක් දක්වා ඉහළගොස් තිබේ. එමෙන්ම ඊයේ (15) දින කොවිඩ් මරණ 167ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙම මරණ 167ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,263ක් […]

Local News
August 16, 2021
258 views 0 secs 0

මැලේසියානු අගමැති ඉල්ලා අස් වෙයි…

බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අහිමිවීම හේතුවෙන්මැ ලේසියාවේ අගමැති මුහයිඩීන් යස්සින් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු වෙනුවට පත්කරන්නේ කවුරුද යන්න මෙතෙක් සඳහන් වී නොමැති අතර ඒ හේතුවෙන් රටතුළ දේශපාලන අස්ථාවර බවක් ඇතිවෙතැයි විදෙස් මාධ්‍ය පවසයි. මුහයිඩීන් යස්සින් මැලේසියාවේ අගමැතිවරයා ලෙස කටයුතු කළේ මාස 17ක් පමණි ඒ අනුව එරට අඩුම කාලයක් බලයේ සිටි නායකයා ඔහු වෙයි.

Local News
August 16, 2021
237 views 0 secs 0

කුසල් ජනිත්ට කොවිඩ්…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු එක්දින නායක කුසල් ජනිත් පෙරේරා කොවිඩ් ආසාදිත වී ඇති බවට හඳුනාගෙන තිබේ. එළඹෙන දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට ද ඔහු ඇතුළත් වී සිටියේය.

Local News
August 16, 2021
223 views 0 secs 0

මහරගමින් කොවිඩ් පොකුරක්..

මහරගම පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරත පොලිස් පරීක්ෂකවරයකු, උප පොලිස් පරීක්ෂකවරුන් සිව්දෙනෙකු ඇතුළු නිලධාරීන් 12 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ. ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇත තවත් නිලධාරීන් 15 දෙනෙකු නිරෝධායනය සඳහා ද යොමුකර ඇත. මහරගම පොලීසියේ ස්ථානාධිපතිවරයා පසුගියදා විරෝධතාවයක් අතරතුර අනතුරකට ලක්වීම හේතුවෙන් මේ වනවිට රෝහල්ගතව පසුවන අතර ඒ හේතුවෙන් පොලිස් ස්ථානයට වැඩබලන ස්ථානාධිපතිවරයෙකු පත්කර […]

Local News
August 16, 2021
245 views 0 secs 0

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට…

මෙරට එන්නත්කරණ වැඩසටහන වෙනුවෙන් අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද (16) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ. බහලුම් 13ක් තුළ අසුරා තිබු එන්නත් තොගය ගොඩබෑමෙන් පසුව ශීතාගාර පහසුකම් සහිත ගබඩා වෙත යොමුකර තිබේ.

Local News
August 15, 2021
236 views 0 secs 0

හෙට සිට ඇඳිරි නීතිය…

හෙට (16) රාත්‍රී 10.00 සිට පසු දින (17) අලුයම 4.00 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන බව යුද හමුදාපතිවරයා නිවේදනය කරනවා.