Local News
September 02, 2021
212 views 0 secs 0

ඉදිරි මාස දෙක තුළ එන්නත් මාත්‍රා මිලියන 04ක් දිවයිනට…

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ලබන මාස 02 තුළ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 08ක් සහ ෆයිසර් මාත්‍රා මිලියන 04ක් මෙරටට ලැබීමට නියමිත බව පවසයි. මේ වන විට මෙරටට කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 22කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවද එතුමා සඳහන් කළේය.

Local News
August 31, 2021
245 views 0 secs 0

අද ආසාදිතයින් 4000 ඉක්මවයි…

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 4,221කි. ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 440,302ක් දක්වා ඉහළගොස් තිබේ. එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,164ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 374,156ක් විය.

Local News
August 31, 2021
227 views 0 secs 0

9000 ඉක්මවූ කොවිඩ් මරණ….

ඊයේ (30) දින තවත් කොවිඩ් මරණ 194ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ 194ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,185ක් දක්වා ඉහළගොස් ඇත.

Local News
August 31, 2021
292 views 0 secs 0

තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළ අසාද් සාලි..

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවය.මාර්තු 09 වනදා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාර්තු 16 වනදා අත්අඩංගුවට ගනු ලැබූ අසාද් සාලි මහතා ව සැප්තැම්බර් 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ

Health, Local News
August 31, 2021
222 views 0 secs 0

වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍ය හමුවෙහි දැක්වූ අදහස්..

නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙසේ අදහස් ප්‍රකාශ කර සිටියා. සති දෙකකට රට වහන්න කියලා කිව්වේ බීජ ඖෂධ සමය සති දෙකක් යන නිසයි සංචරණ සීමා ඇති කළ මුල් කාලයේ රෝගීන් වැඩි වුණා ඔවුන්ගේ ආශ්‍රිතයන් නිසා වැඩි වීමක් දක්නට ලැබෙනවා අන්තර්පුද්ගල සම්බන්ධතා සීමා නොකළහොත් පලක් වන්නේ නැහැ යම් මොහොතක […]

Local News
August 31, 2021
253 views 0 secs 0

තවත් ස්පුට්නික් V එන්නත් තොගයක් දිවයිනට..

ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් යානයකින්ත වත් ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ක් අද (31) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ. එම එන්නත් තොගය රුසියාවේ මොස්කව් නුවර සිට ඩුබායි වෙත රැගෙන විත් ඇති අතර එරට සිට අදාළ භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයෙන් මෙරටට රැගෙනවිත් ඇත. පසුව එන්නත් තොගය විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණය […]

Local News
August 31, 2021
238 views 0 secs 0

මෙරට වැඩිම එන්නත්කරණය ඊයේ…

ඊයේ (30) මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 571,589කට කොවිඩ් මර්දන එන්නත් ලබාදී තිබේ. එය දිනක් තුළ මෙරට සිදුකළ වැඩිම එන්නත්කරණය ලෙස වාර්තා වේ. එහිදී සයිනොෆාම් එන්නත් මාත්‍රා 536,438ක්, ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 12,604ක්, මොඩර්නා එන්නත් මාත්‍රා 20,873ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා 1,674ක් වශයෙන් ලබාදී තිබේ.

Local News
August 31, 2021
271 views 1 sec 0

ගුරු-විදුහල්පති වැටුප් ඉහළට…

අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මගින් යෝජනා කර ඇති පරිදි ගුරු-විදුහල්පති වැටුප් ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබේ. එම යෝජනාව එළඹෙන අයවැයෙන් අනතුරුව පියවර කිහිපයකින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. වැටුප් විෂමතාවට එරෙහිව ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්ව ගුරු-විදුහල්පතිවරු ආරම්භ කළ වර්ජනයට අදට දින 50ක් ගතවේ. ගැටලුවට විසඳුමක් නොමැති පසුබිමක ගුරු-විදුහල්පති සංගම් සමග සාකච්ඡා කර රජයට යෝජනා ඉදිරිපත් කිරීමට පසුගිය […]

Local News
August 30, 2021
251 views 0 secs 0

දුඹුරු සීනි කිලෝව රු.130යි…

අද (30) දිනයේ සිට ලංකා සීනි සමාගම හරහා සියලුම සතොස, සමුපකාර ඇතුළු රජයේ අලෙවි ආයතන වෙත සීනි බෙදාහැරීම ආරම්භ කරන බව අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා. ඒ අනුව ලබන බදාදා සිට සතොස සහ සමුපකාර වෙළෙඳසැල් හරහා දුඹුරු සීනි කිලෝවක් රුපියල් 130ක උපරිම සිල්ලර මිලක් යටතේ ලබාදීම කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Local News
August 30, 2021
248 views 0 secs 0

කොවිඩ් රෝගීන්ට ආයුර්වේද ඖෂධ නොමිලේ බෙදාදීමේ වැඩසටහන…

බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව එය සංවිධානය කරන ලද බස්නාහිර පළාතේ කොවිඩ් ආසාදිත රෝගීන් සහ නිරෝධායන වන පුද්ගලයින් සිටින නිවෙස්වලට ආයුර්වේද ඖෂධ නොමිලේ බෙදාදීමේ වැඩසටහන අද (30) ක්‍රියාත්මක කෙරිණි. මෙහිදී රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදීමේ කටයුතු ද සිදුකෙරිණි. වෛද්‍යවරුන් 265 කගේ පූර්ණ අධීක්ෂණය යටතේ, කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළ තබාගෙන ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදුවෙන බවද බස්නාහිර පළාත් […]