Yearly Archives: 2022
මෙම සතිය සඳහා පාර්ලිමේන්තු සභා වාරය අද (03) සිට ලබන 07 වන දින දක්වා පැවැත්වේ.අද (03) දින සම්පූර්ණයෙන්ම වාචික පිළිතුරු අපේක්ෂා කරමින් යොමු කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර ලබන 06 හා 07 දෙදින තුළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වේ.
ඊයේ (1) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි DCSL සමාගමේ අතිවිශේෂ මත්පැන් 750mlක්, රුපියල් 150 කින් ඉහළ දැමීමට එම සමාගම තීරණය කර ඇති බව වාර්තා වේ.ඒ සමග අනෙකුත් මත්පැන් උඹලා මිලද ඉහල දමා ඇති අතර දුම්වැටි වර්ග දෙකක මිලද රු.5කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.
ඊයේ (1) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ceypetco හා ලංකා IOC ඉන්ධන හල් වල පෙට්‍රල් මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 40කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු. 30කින්ද අඩු කර තිබෙනවා.එහි නව මිල පහහ පරිදි වේ.ඔක්ටේන් 92 – 410/-ඔක්ටේන් 95 – 510/-
මෙරට සිංහල හා දමිළ සිනමාව තුළ රංගනයෙන් දායක වූ දර්ශන් ධර්මරාජා හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වුණා. මිය යනවිට ඔහු 41වන වියේ පසු වුණා.
රාජ්‍ය පාලනය වැඩි දියුණු කිරීම හා දූෂණය පිටුදැකීම සම්බන්ධයෙන් සිය කැපවීම සහතික කිරීම අමෙරිකානු ආයෝජකයින් ශ්‍රී ලංකාවෙන් අපේක්ෂා කරන බව මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් අමෙරිකානු ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා. ශ්‍රී ලංකාවේ වෙළඳපොල පුළුල් කිරීම හා ශක්තිමත් කිරීමට මෙම ප්‍රතිසංස්කරණය මූලික වන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ නවතම දත්ත අනුව ගත වූ සැප්තැම්බර් මාසයේ උද්ධමනය 69.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2022 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 94.9% දක්වා ඉහළ ගොස් ඇති බව අද (30) ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් අර්බුදයෙන් පීඩාවට පත් දරුවන් සහ පවුල් සඳහා පෝෂණ සේවා සැපයීම සඳහා ජපාන රජයෙන් ඇමරිකානු ඩොලර් 500,000 ක දායකත්වය UNICEF සාදරයෙන් පිළිගනී. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ හවුල්කරුවන් සමඟ සම්බන්ධීකරණයෙන්, දරුවන් රැකබලා ගැනීම සඳහා කඩිනමින් අවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක ලබා ගැනීම, පරීක්‍ෂණ සිදු කිරීම සහ මන්දපෝෂණය සඳහා උපදේශනය ඇතුළු අවශ්‍ය පසු විපරම් සැපයීම […]
මීට සුළු මොහොතකට පෙර මෙවර පන්දුවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම සිදුකර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා මෙවර පන්දුවර විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් නිල ජර්සි දෙකක් නිකුත් කර තිබෙනවා.
PUCSL විසින් පහත සඳහන් පරිදි ඔක්තෝබර් 01 සහ 02 සඳහා පැය 2 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කරන ලදී. කණ්ඩායම් ABCDEFGHIJKLPQRSTUVW – දිවා කාලයේ පැය 1 ක් සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20 යි.
මියන්මාරයේ වයඹදිග ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 5.6ක අගයකප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මෙම භූකම්පනය මියන්මාරයේ මොනිවා සිට වයඹ දෙසින් කිලෝමීටර් 112 ක් පමණ දුරකට දැනී ඇති බවට එරට භූ කම්පනය මධ්‍යස්ථානය සදහන් කර තිබුණා. කෙසේ වෙතත් මෙමගින් ජීවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවද වාර්තා […]
