Yearly Archives: 2022
බ්‍රිතාන්‍ය පවුම සඳුදා උදෑසන ආසියාවේ වාර්තාගත පහත් මට්ටමකට ඇද වැටී ඇත. වර්ධනය ඉහල නැංවීම සඳහා බදු අඩු කිරීම් සහ ආයෝජන දිරිගැන්වීම් ක්‍රියාත්මක කරන බවට නව එක්සත් රාජධානියේ ආණ්ඩුව විසින් පසුගිය සතියේ නිවේදනය කිරීමෙන් පසුවය. ස්ටර්ලිං පවුම , සඳුදා ආසියාවේ ඩොලර් 1.0382 හි සර්වකාලීන අවම අගයට 4% කින් පහත වැටුණි. විවේචකයින් පවසන්නේ එම ආර්ථික ක්‍රියාමාර්ග […]
බොරතෙල්වල ප්‍රමිතිය පිළිබඳ චෝදනාව සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපතිවරයාට නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඩීසල් සහ ඉන්ධන තෙල් තොග ඇති බවයි.
රුසියාවේ ඉෂෙව්ස්ක් නගරයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් 5 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙන බව වාර්තාවේ. මෙම පාසලේ සිසුන් 1000 ක් පමණ අධ්‍යාපනය හදාරන අතර ගුරුවරුන් ද 80 දෙනෙකු පමණ සිටින බව වාර්තා ඒ. මෙහිදී තුවක්කුකරු ද වෙඩි තබා ගෙන සිය දිවි නසාගෙන ඇති අතර […]
හෙට (27) සහ අනිද්දා(28) පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙන අතර A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 1 ක් සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුව සිදු වනු ඇත.
අද (26) අලුයම තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ, ජනාධිපති ජපානය තුළ රැදී සිටින කාලය තුළ ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා සහ ඉහළ පෙළේ නායකයින් රැසක් සමඟ සාකච්ඡා කිරීමටද නියමිත බවයි. සැප්තැම්බර් 28 වනදා ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිලිපීනය […]
රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ අමෙරිකානු තානාපතිනිය වන සින්ඩි මැකේන් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව සඳහා මෙරට ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග්ද සහභාගීවී තිබෙන අතර ශ්‍රී ලාංකිකයන්ට පවතින ආර්ථික දුෂ්කරතාවල බලපෑම පිළිබඳව සහ හදිසි මානුෂීය අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කළ යුතු ආකාරය […]
අද (26) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා සවස් කාලයේ පැය 1ක්ද, රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20ක් ද, P, Q, R, S, T, U, V, W කලාප සඳහා සවස් කාලයේ පැය 1ක්ද, රාත්‍රී කාලයේ […]
ඩීසල් නෞකා 02ක්,පෙට්‍රල් නෞකාවක් හා බොරතෙල් නෞකාවක් මේ වනවිට කොළඹ වරායට ළඟා වී තිබේන අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ, ඒවා සඳහා කඩිනමින් මුදල් ගෙවීමට කටයුතු කරන බවයි. මේ අතර, සති කිහිපයක් තිස්සේ කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ ඉන්ධන නෞකා 3කට පසුගියදා මුදල් ගෙවීමෙන් පසු එහි තොග ගොඩබෑම් මේ වනවිට ආරම්භ කර තිබේ.
ලබන සතියේ ගල් අඟුරු මිලදී ගැනීම සඳහා නව ටෙන්ඩරයක් කැඳවීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව, ගල් අඟුරු මිලදී ගැනීම සඳහා පැවති ටෙන්ඩරය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේ ය.
උගන්ඩාවේ පසුගිය දින කිහිපය තුළ ඉබෝලා ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වී තිබෙන අතර මේ වන විට පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. එමෙන්ම කම්පාලා අගනුවරට බටහිර ප්‍රදේශයක සිදුවූ තවත් මරණ 7ක් ඉබෝලා බවට සැකකෙරන බව ද සඳහන් වන අතර එය තහවුරු කර ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.
