Yearly Archives: 2022
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන එම පක්ෂය ජාතික සභාවට එක් නොවන බව පවසනවා.මුලින්ම පිහිටුවිය යුත්තේ ජාතික සභාව බවත්, අගමැතිවරයෙක් හා ඇමති මණ්ඩලයක් පත්කර ජාතික සභාවක් පිහිටුවීම ඵලක් නොමැති බවත් ඔහුඅද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියා.
චීනයේ චැංචුන් නගරයේ අවන්හලක හටගත් ගින්නකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.
අද (28) පෙරවරුවේ ටෝකියෝ නුවර අකසාකා මාළිගාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂිඩා ((Fumio Kishida) අතර හමුවක් පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ජපානය අතර අතීතයේ සිට පැවතෙන සමීප සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී නායක දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මේ අතර ජපාන […]
රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ නියෝජිතවරිය වන සින්ඩි මැකේන්, මහනුවර ශ්‍රී දළදා මාලිගාව පරිෂ්‍රයට පැමිණි සිටි අතර එහිදී, ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදී ඇති අර්බුදයෙන් මිදීමට සඳහා අමෙරිකානු රජය විසින් හැකි උපරිමයෙන් කටයුතු කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයාබලන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.
රාජ්‍ය සේවකයන් කාර්යාල වෙත පැමිණීමේ දී හා රාජකාරියේ යෙදීමේ දී රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන ආකාරයේ කාර්යාලීය ඇඳුමකින් සැරසී සිටීමට ඉඩ දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මේ වන විට නිකුත් කර තිබෙන අතර චක්‍රලේඛ හඳුන්වා දී තිබිය දී නිලධාරිනියන්ට […]
රට මුහුණදී ඇති ඩොලර් සහ රුපියල් අර්බුදයට විසඳුමක් ලංකාවේ සංචාරක කර්මාන්තය සංචාරක ආර්ථිකයක් දක්වා වර්ධනය කිරීමෙන් සොයාගත හැකි බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මෙය සඳහන් කළේ කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අමතමින්ය. එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ව්ඩොලර් අර්බුදයට වඩා රුපියල් අර්බුදයට ශ්‍රී ලංකාව මුහුණදී ඇති බවයි. ඒ අනුව රුපියල් අර්බුදය […]
සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුල්අසීස් රජු විසින් රාජධානියේ අමාත්‍ය මණ්ඩලය නැවත සකස් කරමින් රාජකීය නියෝගයක් නිකුත් කළ බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය සෞදි ප්‍රෙස් ඒජන්සිය (SPA) අඟහරුවාදා ප්‍රකාශ කළේය. එම නියෝගයට අනුව, ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු රාජධානියේ අගමැති වනු ඇත. කැබිනට් සංශෝධනයක් මධ්‍යයේ කලීඩ් බින් සල්මාන් කුමරු ආරක්‍ෂක අමාත්‍ය ධුරයට පත්වනු ඇත.
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය දෝෂයක් හේතුවෙන් අක්‍රිය වී ඇති අතර එය යථා තත්ත්වයට පත් කිරීමට දින 3 – 5ත් කාලයක්ගත විය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මෙම පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් විදුලි උත්පාදනය සඳහා තාප විදුලි බලාගාර යොදා ගන්නා බව ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා […]
තොටළඟ – කජීමාවත්තේ මහල් නිවාස සංකීර්ණයක අද ගින්නක් ඇති වූ අතර මේ වන විට ගින්න මේ වන විට සම්පූර්ණයෙන් නිවා දමා තිබෙනවා. ගින්නෙන් නිවාස 50 ක් පමණක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර කිසිඳු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.
විරෝධතා පැවැත්වීමට පැය 6 කට පෙර පොලිසිය දැනුවත් කර අනුමැතිය ලබාගත යුතු බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා එමෙන්ම සාමකාමී උද්ඝෝෂණවලට බාධාවක් නොමැති බවත් ඔහු මෙහිදී පෙන්වා දී සිටියා.
