FEATURE
on Jun 24, 2025
109 views 3 secs

චීනයේ පැවැත්වෙන “World Economic Forum 2025” සමුළුවට ශ්‍රී ලංකා කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහභාගී විය. සමුළුවේදී, නව රජයේ රාජ්‍ය – පුද්ගලික හවුල් ව්‍යාපෘති ආකෘතිය, දූෂණය මකා දැමීම සඳහා ක්‍රියාත්මක වන රජයේ උත්සාහයන් සහ ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම, වර්තමානයේ ව්‍යාපාරික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යහපත් ආර්ථික පසුබිමක් ගොඩනැගී […]

FEATURE
on Jun 24, 2025
117 views 0 secs

සටන් විරාමය කඩකළ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස ඊශ්‍රායලය, ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. කෙසේවෙතත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ දුරකථන සංවාදයක් පසුකරන ලද පසු, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ තවදුරටත් ප්‍රහාර එල්ල නොකළ බවයි.

FEATURE
on Jun 24, 2025
110 views 0 secs

අද (24) පස්වරු 5.45ට පමණ බොරැල්ල ඩම්ප්එක වත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්තුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් වාර්තා වලින් සඳහන් වේ. වෙඩි තැබීමේ ඉලක්කය වූ පුද්ගලයා වෙඩි ප්‍රහාරයත් සමඟම පලා ගොස් ඇති අතර, ඔහුගේ තත්ත්වය පිළිබඳව මේ වන විට තොරතුරු නොමැත. වෙඩි තැබීමට සැකපත් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් […]

FEATURE
on Jun 24, 2025
115 views 0 secs

ඊශ්‍රායලය සහ ඉරානය දෙරටම තමන් ප්‍රකාශ කළ සටන් විරාමය උල්ලංඝනය කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. එමනිසා මෙම රටවල් දෙක කෙරෙහි තමන් සතුටු නොවන බවත්, විශේෂයෙන් ඊශ්‍රායලයේ ක්‍රියාවලිය පිළිබඳව අප්‍රසාදය පළකරන බවත් ඔහු සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. “බෝම්බ හෙලන්න එපා, ඔබේ ගුවන් නියමුවන් දැන්ම නැවත ගෙන්වා ගන්න” යනුවෙන් ඔහු […]

FEATURE
on Jun 24, 2025
104 views 0 secs

රාජ්‍ය ආයතන හතරක සභාපතිවරුන් ලෙස පත්කිරීම සඳහා පත්කල නිලධාරීන්ට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. මෙම අනුමැතිය ලැබුණුේ පසුගිය 20 වනදා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් රැස් වූ කාරක සභා රැස්වීමේදීය. මේ අනුව, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ (ETF) සභාපති ලෙස සෝමසිරි ඒකනායක මහතා, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති ලෙස බී. ඒ. […]

FEATURE
on Jun 24, 2025
79 views 3 secs

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ (23) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී අග්‍රාමාත්‍යවරිය, මහ කොමසාරිස්වරයා පිළිගනිමින්, ඔහුගේ කාර්යාලය සමඟ ඵලදායී සහයෝගිතාවක් ඇති කිරීම පිළිබඳ රජයේ කැපවීම අවධාරණය කළාය. ශ්‍රී ලංකාවේ මෑත දේශපාලන පරිවර්තනය, ඓතිහාසික ජනවරම සහ පවතින දේශපාලන සංස්කෘතියේ වෙනස්කම් පිළිබඳවද ඇය පැහැදිලි කළාය. […]

FEATURE
on Jun 24, 2025
87 views 0 secs

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද (24) විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විණි. මෙම හමුවේදී මානව හිමිකම් සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කර ඇති අතර ඒ සඳහා අඛණ්ඩ හා ඵලදායී මැදිහත්වීමක් සඳහා රජයේ කැපවීම අමාත්‍ය විජිත හේරත් මහතා නැවත […]

FEATURE
on Jun 24, 2025
78 views 0 secs

උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) අලුයම කැනඩාව බලා පිටත්ව ගොස් තිබේ. ඇය, පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස සහභාගී වීමට මෙලෙස පිටත්ව ගියේය. කැනඩාවේ වැන්කුවර් නගරයේදී ජූනි 24 සිට 26 දක්වා පැවැත්වෙන මෙම සමුළුවේදී, ළමා හා කාන්තා අධ්‍යාපනය සහ පුහුණුව, උසස් අධ්‍යාපනය, ගුරු පුහුණුව, […]

FEATURE
on Jun 23, 2025
86 views 0 secs

මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (23) දින අධ්‍යයන චාරිකාවක් සඳහා ශ්‍රී ලංකා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියේය. ඔවුන් ජුනි 27 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය. මෙම අධ්‍යයන චාරිකාවේ ප්‍රධාන අරමුණු අතර: ඇතුළත් වේ. මෙහිදී මාලදිවයින් නිලධාරීන්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා හමුවී අදහස් හුවමාරුවක් සිදු කළහ. ජනාධිපති ලේකම් […]

FEATURE
on Jun 23, 2025
81 views 1 sec

විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන විද්‍යුත් විකාශන සමුළුව (Broadcasting Symposium) ජුනි 25 දින කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එන්.ඒ.කේ.එල්. විජේනායක මහතා අද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. මෙම සමුළුවේදී, සහිත කරුණු රැසක් විවිධ සැසි මඟින් විවේචනය කෙරෙනු ඇත. අරමුණු ලෙස සඳහන් වන්නේ: මෙම සමුළුව […]