Monthly Archives: June 2025
රට තුළ ඉදිරි මාස දෙකකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා පැවසුවේ, මෙරට ඉන්ධන මෙහෙයුම් සිදුකරන විදෙස් සමාගම් තුනම ඉදිරි කාලය සඳහා අවශ්‍ය තරම් ඉන්ධන තොග පවතින බව දැනුම්දී ඇති බවයි. ඊට අමතරව, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුවද මස දෙකක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව […]
අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඉදිරි දින කිහිපයේ ඉන්ධන මිල ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ආයෝජකයින් පැවසුවේ මෙම තත්ත්වය ලෝක වෙළෙඳපොලේ තෙල් මිලට දැඩි බලපෑමක් ඇති කළ හැකි බවයි. කෙසේවෙතත් අද (22) දිනයේ මැද පෙරදිග කොටස් වෙළෙඳපොළේ ගනුදෙනුවලට එම සිදුවීම විශේෂ බලපෑමක් නොමැතිව පවතින බවද වාර්තා වේ. පසුගිය […]
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ හලාවත වැවිලි සමාගම සහ පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් පසුගියදා (21) පලුගස්වැව වත්තේදී විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කළේය. මෙහිදී, පොල් වගාකරුවන් 146 දෙනෙකුට මෙට්‍රික් ටොන් 30ක පොහොර බෙදාදීම, කප්රුක ණය වැඩසටහන යටතේ පොලි සහන ලිපි ලබාදීම, සහ පොහොර භාවිතය, වගා කළමනාකරණය, රෝග මර්ධනය පිළිබඳ දැනුවත් කිරීම සිදු කරන […]
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සිංගප්පූරුවේ SingHealth Duke-NUS ගෝලීය සෞඛ්‍ය ආයතනය නියෝජනය කරන කණ්ඩායමක් අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගිය දිනවල පැවැත්විණි. මෙහිදී, යාපනයේ පිහිටුවා ඇති Regional Collaborating Centre (RCC) මගින් ක්‍රියාත්මක වන ව්‍යාපෘති, සහයෝගී පර්යේෂණ, නවෝත්පාදන හා ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගේ කුසලතා වර්ධනය පිළිබඳ සාකච්ඡා විය. SingHealth Duke-NUS ආයතනයේ […]
උතුරු ඉරානයේ රික්ටර් මාපකයේ 5.1 තරමේ භූකම්පනයක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි. මෙම භූකම්පනය සිදුවී ඇත්තේ ඊයේ (20) රාත්‍රියේ, සෙම්නාන් පළාතට කිලෝමීටර් 37ක් නිරිත දිශාවේ, භූමි තලයට කිලෝමීටර් 10ක් ගැඹුරේය. ඉරාන මාධ්‍ය වාර්තා සඳහන් කළේ, සෙම්නාන් පළාතේ සෝර්කේ නගරය සහ එහි අවට ප්‍රදේශ විශේෂයෙන් සෙලවී ඇති බවයි. මෙයට කිලෝමීටර් 150ක් […]
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අවසන් වන විට, දෙවන ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 177ක් ලබාගෙන සිටියේය. මෙයට පෙර, දිනය ආරම්භ කල ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 368ක් සමඟ සිටියේය. අවසන්ව, ඔවුන් සිය මුලු ලකුණු 485 දක්වා ඉහළ නංවා, සිය පළමු ඉනිම නිමා කළේය. […]
2030 වසර වන විට ලොව සිව්වැනි විශාලතම විදුලි මෝටර් රථ නිෂ්පාදකයෙකු ලෙස ඉන්දියාව පත්වන බව Rhodium සමූහය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ. ගෝලීය ආර්ථික සහ ප්‍රතිපත්ති විශ්ලේෂණයට කැපවූ මෙම බුද්ධි මණ්ඩපය පෙන්වා දක්වන්නේ, ඉදිරි වසර පහ තුළ විදුලි මෝටර් රථ සඳහා ඉන්දියාවේ ඉල්ලුම මිලියන 1.1 සිට 2.1 දක්වා ඒකක ගණනකින් ඉහළ යනු ඇති බවයි. […]
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා, ජුනි 23 සිට 26 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 2016 වසරේ පසුපසින් මෙය ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු මානව හිමිකම් මහ කොමසාරිස්වරයා වන අතර, සංචාරය දී ජනාධිපති අනුර කුමාර දිසානායක, […]
කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ශාඛා තුනකට රුපියල් ලක්ෂ 6ක දඩයක් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර ඇත. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, මෙම වෙළඳසැල්වල කල් ඉකුත් භාණ්ඩ අලෙවිය සම්බන්ධයෙන් නඩු පැවරූ බවයි. අදාළ වෙළඳසැල්වල නියෝජිතයින් අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇති අතර, ඒ අනුව ශාඛාවකට රුපියල් ලක්ෂ 2 […]
හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ බගතොලුව ප්‍රදේශයේදී ඊයේ (19) දින මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් පවත්වානු ලැබූ හදිසි වාහන පරීක්ෂාවේදී වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර තිබේ. මෙම පරීක්ෂාවට ලක්වූ වාහන 115ක් අතරින්, වායු විමෝචනය අධිකව පැවති වාහන සහ තාක්ෂණික අඩුපාඩු සහිතව ධාවනයට නුසුදුසු වාහන මෙම ක්‍රියාවලියෙන් ඉවත් කර ඇත. ධාවනයෙන් ඉවත් කළ වාහනවලට වාර්ෂික ආදායම් […]
