Monthly Archives: June 2025
2025 වසර සඳහා පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණයෙදී වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා නැවතත් සභාපති ලෙස තේරී පත් විය. එමෙන්ම වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතාද යළි සංගමයේ ලේකම් ලෙස පත්වුණි. මෙම නිලවරණය 2025 ජුනි 28 දා පැවැත්වූ අතර, ඡන්ද 60%කට වඩා වැඩි ප්‍රතිශතයක් ලබාගෙන ඔවුන් ජයග්‍රහණය කළේය. මෙවර මැතිවරණයේදී සංජීව-ප්‍රභාත් පාර්ශ්වයෙත්, දර්ශන සිරිසේන සහ හරිත […]
2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අනුව මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව 2025 ජුනි 30 වනදා විශේෂව රැස්වීමට නියමිතය. මෙම රැස්වීම පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය වර්ෂයෙහි ජුනි 30 හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතුයැයි පනතේ 11 වගන්තිය සඳහන් කර ඇති අතර එය ඉටු […]
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, නිළ සංචාරයකට එක්වීමේදී 2025 ජුනි 24 වනදා කැනඩාවේ වැන්කුවර් නුවරදී පැවැත්වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් (COL) පාලක මණ්ඩල රැස්වීමට සහභාගී විය. ඔටාවා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ රාජ්‍ය නියෝජිතයින්ගේ සහ COL නිලධාරීන්ගේ උණුසුම් පිළිගැනීමක් අග්‍රාමාත්‍යවරියට හිමි විය. එමෙන්ම, සරේ නගරයේ පැවති “ආචාර්ය හරිනි අමරසූරිය […]
ඉරානය සටන් විරාමය පිළිගෙන ඇති නමුත්, ඊශ්‍රායලය තම රටට ප්‍රහාරයක් එල්ල කළහොත් ඉතා දැඩි ලෙස ප්‍රතිචාර දැක්වීමට සිදු වන බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා දෙල්කොෂ් මහතා පවසයි. අද (26) පැවති මාධ්‍ය හමුවකදී තානාපතිවරයා ප්‍රකාශ කළේ, ඉරානය කිසිදු පක්ෂයකට යටත් නොවන රටක් බවත්, තමන්ගේ න්‍යෂ්ටික තාක්ෂණික හැකියාව කිසිවෙකුට සොරාගත නොහැකි බවත්ය. මේ අතර, ‘ඉරාන – […]
ශ්‍රී ලංකාවේ ජාතික සමගිය හා සංහිඳියාව තහවුරු කිරීමට සහ මානව හිමිකම් සුරැකීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ගෙනයන වැඩපිළිවෙළට සහාය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා පවසයි. මෙරට සංචාරයක නිරත මහ කොමසාරිස්වරයා අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය. මෙරට සිදුවෙමින් පවතින […]
වෙළෙඳපොළේ ලුණු මිල පහත දැමීම සඳහා උපරිම සිල්ලර මිල සීමාවන් යටතේ ලුණු නිකුත් කිරීම වහාම ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය නිවේදනය කරයි. පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව සමඟ ඇති කරගත් එකඟතාවය පදනම් කරගෙන මෙම පියවර ගෙන ඇති අතර, රජය විසින් ආනයන සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව අවශ්‍ය තරම් ලුණු තොග මෙරටට ලැබී ඇතැයි […]
මෙරට වෙළෙඳපොළ තුළ කීරි සම්බා සහල් ප්‍රමාණවත්ව නොමැති බව ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරය විසින් සඳහන් කිරීම පදනම් කරගෙන, කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව විසින් නිර්දේශ කර ඇත. ඒ අනුව, මෙට්‍රික් ටොන් 5,000ක් රාජ්‍ය ආයතන මඟින්ද, අනෙක් ප්‍රමාණය පෞද්ගලික අංශය මඟින්ද ආනයනය කිරීමට තීරණය කර […]
අද (26) සිට බලපැවැත්වන පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ මේජර් ජෙනරාල් කපිල දොළගේ මහතා පත් කර තිබේ. එම මහතා යුද්ධ හමුදාවේ 37 වන මාණ්ඩලික ප්‍රධානියා වේ.
සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 04 වන දා අරලියගහ මන්දිරයේදී ආරම්භ කිරීමට නියමිතය. මෙම වැඩසටහන සඳහා අවශ්‍ය සැලසුම් හා සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ප්‍රජාශක්ති ජාතික මෙහෙයුම් කමිටුවේ පළමු සාකච්ඡාව අද […]
සංචාරක ආකර්ෂණය වැඩිකිරීමේ අරමුණින්, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොළොන්නරුව, වැලිකන්ද නෙළුම්වැව ප්‍රදේශයේ පිහිටි උණු දිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් සකස් කර ඇත. අදාළ සාකච්ඡාවක් අද (24) පෙරවරුවේ එම ප්‍රදේශයේදී පැවැත්වුණු අතර, නිරීක්ෂණ චාරිකාවක්ද සිදු කෙරිණි. මෙතෙක් මෙම ප්‍රදේශය නිසි පරිදි සංවර්ධනය කර නොතිබීම, සංචාරකයන්ට පහසුකම් සැලසීමේ අඩුව නිසා, එහි සංචාරය […]
