Home > Articles posted by Sandali.J (Page 4)
FEATURE
on Dec 2, 2021
302 views 0 secs

අද (02) ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතව තිබෙනවා.පස්වරු 5.00ට පක්ෂ මූලස්‍ථානයේ දී පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වීමට නියමිතයි.

FEATURE
on Nov 30, 2021
295 views 0 secs

මේ වන විට රටවල් 18 ක ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත ගොස් තිබෙනවා.විදේශීය සබඳතාවක් නොතිබූ ජර්මනියේ පුද්ගලයෙකුටද එය ආසාදනය වී තිබෙන අතර ස්පාඤ්ඤයෙන් ද ආසාදිතයෙකු හමුවී ඇත.ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය ගෝලීය වශයෙන් දැඩි අවදානමක් මතු කරනු ඇති බවයි.

FEATURE
on Nov 30, 2021
466 views 0 secs

හිටපු එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයෙක් වන සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වු බව ය. ඔහු කලක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරයද හෙබවීය. එසේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජයේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසද ඔහු කටයුතු කළේය.

FEATURE
on Nov 30, 2021
299 views 0 secs

අද බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසු ව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව , වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

FEATURE
on Nov 29, 2021
304 views 0 secs

දිවයින පුරා අද (29) කෑම පැයේදී රාජ්‍ය සේවකයින් විරෝධතාවක නිරත වනවා . මෙම විරෝධයට හේතුව වන්නේ රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000 කින් ඉහළ නැංවිය යුතු බවට රජයට බල කරමින් ය.මෙම අරගලය පළමු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වන බව රාජ්‍ය සේවා වැටුප් වැඩිකරගැනීමේ වෘත්තීය සමිති කමිටුවේ සම කැඳවුම්කරු වන සමන් රත්නප්‍රිය පවසනවා. මේ සම්බන්ධයෙන් අවධානය යොමු නොකළහොත් […]

FEATURE
on Nov 29, 2021
307 views 0 secs

අද (29) කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව පාර්ශ්ව කිහිපයක් ගොනු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි. අදාළ විරෝධතා පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ […]

FEATURE
on Nov 29, 2021
330 views 0 secs

අද (29) දිනයේ කොළඹ හා බදුල්ල අතර දුම්රිය ධාවනය සිට ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසනවා. දිවයිනේ පැවැත්වෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම දුම්රිය ධාවනය තාවකාලිකව නවතා තිබේ.දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ උඩරට දුම්රිය මාර්ගයේ පොඩි මැණිකේ දුම්රිය පමණක් අද දිනයේ සිට බදුල්ල – කොළඹ අතර ධාවනය කෙරෙන බවයි

FEATURE
on Nov 27, 2021
303 views 0 secs

මෙම වර්ශයේ නත්තල සැමරීම සදහා දිවයිනේ සියලු පාසල් වල නිවාඩු ලබාදීමට තීරණය කර ඇත්තේ දෙසැම්බර් මස 23 දිනයේදී ය. යළි පාසල් විවෘත වන දිනය දෙසැම්බර් 27 වනදා බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළා.

FEATURE
on Nov 26, 2021
271 views 0 secs

හේවා ලුනුවිලගේ ලසන්ත හෙවත් ටින්කර් ලසන්ත පොලීසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් මියගොස් තිබෙනවා. මොහු සංෂයින් සුද්දා ඝාතනය හා තවත් ඝාතන රැසක ප්‍රධාන සැකකරු වේ. ඒ අනුව මොහු කළුතර උතුර දියගම ප්‍රදේශයේදී මෙය සිදුව තිබෙනවා. වෙඩි හුවමාරුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

FEATURE
on Nov 26, 2021
279 views 0 secs

අද දිවයින පුරා අහස වලාකුළින් බර ව පවතිනයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් පුත්තලම, මඩකළපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු […]