Home > Articles posted by Sandali.J (Page 15)
FEATURE
on Oct 29, 2021
298 views 0 secs

බැංකුව අසාදු ලේඛනගත කිරීමට කොළඹ චීන තානාපති කාර්යාලය ගත් තීරණයට ශ්‍රී ලංකා මහජන බැංකුව ප්‍රතිචාර දක්vamin කියා සිටියේ අධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් චීන පොහොර ව්‍යාපාරයකට ගෙවීම නතර කළ බවයි. ඉදිරි අධිකරණ තීන්දු මත ගෙවීම් සම්බන්ධයෙන් පියවර ගන්නා බව මහජන බැංකුව වැඩිදුරටත් පැවසීය.

FEATURE
on Oct 29, 2021
515 views 0 secs

ශ්‍රී ලංකා මහජන බැංකුව ණයවර ලිපිය සහ පාර්ශව දෙකක් අතර සම්බන්ධතා අනුව ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව අසාදු ලේඛනයට ඇතුළත් කර ඇති බව චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලයේ වෙබ් අඩවියේ සදහන් කර ඇත. ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළඳාමේ දී ශ්‍රී ලංකා මහජන බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපි පිළිගැනීමෙන් වළකින ලෙසත් […]

FEATURE
on Oct 29, 2021
423 views 2 secs

ලොව පුරා මිලියන සංඛ්‍යාත පරිශීලකයින් සිටින ෆේස්බුක් සමාජ ජාලයේ නම අද සිට “Meta” ලෙස වෙනස් කර ඇති බව එම සමාගමේ නිර්මාතෘවරයා වන මාර්ක් සකර්බර්ග් ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ සමාගමේ විශේෂ හමුවක දීය. එම සමාගමේ facebook,Instagram, whatsapp යෙදවුම් සදහා අදාළ නොවන බව එම සමාගම සදහන් කරයි.

FEATURE
on Oct 29, 2021
420 views 0 secs

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඔක්තෝබර් 28, 29 සහ 30 යන දිනවල අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරමින් පැවසීය. මෙම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවන නිසා සිදුවන අනතුරු අවම කිරිමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

FEATURE
on Oct 29, 2021
311 views 0 secs

ඊයේ(28) මාතලේ තොටගමුව වෙල්යාය අසල සංවිධානය කර තිබූ උද්ඝෝෂණයට ප්‍රදේශයේ  ගොවි ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කුමාරි විජේරත්න , හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ ඇතුළු මහජන නියෝජිතයින් රැසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.

FEATURE
on Oct 29, 2021
398 views 0 secs

ගොවි ජනතාව අසරණ කොට,ගොවිබිම් ටික කුණු කොල්ලෙට විදේශිකයන්ට විකුණා දමන තත්වයට රට පත් කොට ඇති ආණ්ඩුවෙන් විමසා සිටින්නේ ආණ්ඩුවට ඡන්දය දුන් හැටනව ලක්ෂයකට කෙළෙහි ගුණ සලකන්නේ  මෙසේ දැයි කියා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත ආණ්ඩුවේන් විමසයි.

FEATURE
on Oct 28, 2021
310 views 0 secs

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ පොලිස් මූලස්ථානය වෙත මාරුකර යවා තිබෙනවා. නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් තිලකරත්න මහතා පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව සදහන් කරයි.

FEATURE
on Oct 28, 2021
348 views 0 secs

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාවේ සහභාගි වන දෙවන තරගය අද දින ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 7.30 තරගය ආරම්භ වේ.

FEATURE
on Oct 27, 2021
333 views 0 secs

හෙට (28 වන දිනයේ) කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර (උතුර,දකුණ) කටුකුරුන්ද, නාගොඩ, බෙන්ටතොට, පයාගල, බෝම්බුවල, මග්ගොන, බේරුවල දර්ගා නගරය, අලුත්ගම, පිලම්නාවත්ත, කළුවාමෝදර, මොරගල්ල යන ප්‍රදේශ මෙයට ඇතුලත්ය.

FEATURE
on Oct 27, 2021
376 views 0 secs

පසුගියදා කිරිඇල්ල ප්‍රදේශයේදී පහරදීමේ සිද්ධියකට සම්බන්ධ සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සබරගමුව පළාතෙන් පොලිස් වෛද්‍ය සේවා, සුබසාධන සහ ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත මාරුකර යවා තිබේ. රියදුරු බලපත්‍රය ඉල්ලා සිටියදී සිදුවු බහින්බස් වීමක් දුරදිග යෑම නිසා මෙම පහරදීම සිදු වී ඇත.