Home > Articles posted by Admin (Page 122)
FEATURE
on Jan 21, 2023
309 views 0 secs

දැනට රට තුළ දෛනිකව බිත්තර මිලියන 3ක පමණ හිඟයක් පවතින බවත්, මෙම දෛනික බිත්තර හිඟය ජූනි මාසය වන විට අවසන් වනු ඇති බවත් වෙළෙඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් ප්‍රියංක අතපත්තු ප්‍රකාශ කර සිටියා. එමෙන්ම ඊයේ (20) සිට බලපැවැත්වෙන පරිදිසුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක් සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක උපරිම සිල්ලර මිලක් පාරිභෝගික […]

FEATURE
on Jan 20, 2023
271 views 0 secs

විරෝධතාවක් හේතුවෙන් කොළඹ නිදහස් මාවත පොලීසිය විසින් සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙන බව වාර්තා වේ.

FEATURE
on Jan 20, 2023
411 views 0 secs

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින්, තමා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා.ඒ මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට තරගවැදීම සඳහායි.

FEATURE
on Jan 20, 2023
300 views 0 secs

2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර අද (20) අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියා. එමෙන්ම මුස්ලිම් පාසල් සඳහා තෙවන වාරයේ දෙවන අදියර එළඹෙන සඳුදා (23) දින අවසන් වන අතර සියලු ම පාසල්වල තෙවන වාරයේ තෙවන අදියර පෙබරවාරි මස 20 වන සදුදා දින ආරම්භ වේ.

FEATURE
on Jan 20, 2023
292 views 0 secs

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර්, ඊයේ (19) රාත්‍රියේ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි හමුවී තිබේ. එහිදී දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් හා යටිතල පහසුකම්, බලශක්ති, කර්මාන්ත සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් මෙරටට […]

FEATURE
on Jan 19, 2023
312 views 0 secs

88 හැවිරිදි වියේ පසු වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඇය ආසියාවේ මහා සිනමාකරුවකු මෙන්ම හෙළයේ මහා සිනමාවේදියා ලෙස ද සැලකූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ බිරිඳයි.

FEATURE
on Jan 19, 2023
283 views 0 secs

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. තමන් ලබන මාසයේ සිට එම ධුරයෙන් ඉල්ලා අස්වන බව ඇය ප්‍රකාශ කර තිබේ.

FEATURE
on Jan 19, 2023
303 views 0 secs

අද (19) උදෑසන දකුණු කළුතර දුම්රිය ස්ථානයේදී දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබූදුම්රියක් පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සුළු ප්‍රමාදයක් සිදුව තිබූ බව වාර්තා වේ.

FEATURE
on Jan 18, 2023
289 views 0 secs

නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගම ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් 70,000කට නොමිලේ කිරිපිටි ලබාදීමට පියවර ගෙන තිබෙනවා.එම සමාගම විසින් මෙම කිරිපිටි තොගය ජනාධිපති කාර්යාලයේදී නිල වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදෙනු ලැබුවා. රට පුරා සිටින ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන හඳුනාගත් පවුල් 70,000ක් වෙත දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා මෙම කිරිපිටි ලබාදීමට නියමිතයි. සෑම පුරවැසියෙකුටම අවශ්‍ය පෝෂණය ලැබීම සහතික කිරීමත්, […]

FEATURE
on Jan 18, 2023
290 views 0 secs

විභාග දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන්හිදී විදුලිය කප්පාදු නොකරන ලෙසට අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බව ප්‍රකාශ කර සිටියා. උසස් පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා විදුලි සැපයුමද අවශ්‍ය වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා.