Home > Articles posted by Admin (Page 125)
FEATURE
on Dec 19, 2022
207 views 0 secs

අද(19) සිට 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල සඳහා තේරීපත්වූ සිසුන් පාඨමාලා සඳහා ලියාපදිංචි කිරීම ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ ලර සිටියා. ඒ වෙනුවෙන් සිසුන්ට එස්.එම්.එස් පණිවුඩයක් හා ඊමේල් පණිවුඩයක් යොමු කෙරෙනු ඇති බව එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කලා. මෙම මස 26 වැනිදා දක්වා මෙම ලියාපදිංචී වීම් […]

FEATURE
on Dec 19, 2022
227 views 0 secs

ලබන 23, 24 හා 25 යන දිනවල පැවැත්වෙන සත්ත්වෝද්‍යානයේ පාරිසරික අධ්‍යාපනික ප්‍රදර්ශනයට සමාගාමීව එම දිනයන්හිදී දෙහිවල සත්ත්වෝද්‍යානය නොමිලයේ නැරඹීමට අවස්ථාව ලබාදෙන බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. 23 වැනිදා ළමුන්ට ද, 24 වැනිදා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ද සත්ත්වෝද්‍යානය නොමිලයේ නැරඹීමට අවස්ථාව ලබාදී ඇති බව එහි අධ්‍යක්ෂ,ජනරාල් ජගත් ප්‍රේමකාන්ත මහතා ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Dec 16, 2022
210 views 0 secs

අද (16) දින පැය 02යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අද සවස් කාලයේ සියලුම කලාප සදහා පැය 2යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදු සිදු කිරීමට නියමිතයි.

FEATURE
on Dec 7, 2022
225 views 0 secs

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්වල වයස අවුරුදු 8ක කුඩා දරුවෙක් අඩි 400ක් ගැඹුරු ළිඳකට වැටී සිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම දරුවා මේ වනවිට පැය 16ක කාලයක් ළිඳ තුළ සිරවී සිටින අතර දරුවා ළිඳේ අඩි 55ක පමණ උසක සිරවී සිටින බවට උපකල්පනය කර තිබේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ දරුවට ඉහළින් මඩ තට්ටුවක් […]

FEATURE
on Dec 7, 2022
212 views 0 secs

විදුලිය ඇනහිටීම් සහ තිරිඟු හිඟයට එරෙහිව පාකිස්තානයේ ආණ්ඩු විරෝධී ප්‍රබල උද්ඝෝෂණ මාලාවක් ආරම්භවී තිබෙන බව විදෙස් මාධ්ය ප්‍රකාශ කර සිටියා. ජනතාවට පැය 22ක් තරම් දිගු කාලයක් විදුලි කප්පාදුවකින් පීඩා විඳීන්නට සිදුවී ඇති අතර විරෝධතාකරුවන් පන්දම් රැගෙන රජයට එරෙහි සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරතවී සිටින බවත්, පාකිස්තාන රජයට එරෙහි දේශපාලනඥයින් හා සමාජ ක්‍රියාකාරීන් රැසක් ද විරෝධතා […]

FEATURE
on Dec 7, 2022
239 views 0 secs

උතුරුදිග ඇෆ්ගනිස්තානයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබෙන අතර තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ඇෆ්ගන් මාධ්‍ය වාර්තා කර සිටියා. ඇෆ්ගනිස්තාන, උස්බෙකිස්ථාන දේශසීමාව සමීපයේ උතුරුදිග බල්ක් නගරය ආසන්නයේ සිදුවූ එම පිපිරීමේ ඉලක්කය වී තිබුණේ කම්කරුවන් පිරිසක් රැගත් බස් රථයකි. කෙසේ වුවද මෙම පිපිරීම සිදුවූ ආකාරය මෙතෙක් නිශ්චිතව පැහැදිලි කර නොමැත.

FEATURE
on Dec 7, 2022
212 views 0 secs

මූල්‍ය වංචා චෝදනාවක් මත ආර්ජන්ටිනාවේ උපජනපතිනි, ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස් හට වසර 6 ක සිර දඬුවම් නියම වී තිබේ. අමෙරිකානු ඩොලර් බිලියනයක වංචාවකට වරදකරු වූ ඇයට ජීවිතාන්තය දක්වා රාජ්‍ය ආයතනයක නිලධරයක් දැරීම ද තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. 2007 වර්ෂයේ සිට දෙවතාවක් ඇය එරට ජනාධිපති ධුරය දැරූ අතර ඇගේ ස්වාමි පුරුෂයා ද ආර්ජන්ටිනාවේ […]

FEATURE
on Dec 7, 2022
215 views 0 secs

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය එළැඹෙන 15 වැනි දා සිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.මේ වනවිට බොරතෙල් නෞකා දෙකක තොග ගොඩ බා ඇති බවත්, තවත් බොරතෙල් නෞකාවක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ළඟා වනු ඇති බවත් අමාත්‍යාංශය සඳහන් කර සිටියා. මේ වන විට මෙරටට ලැබී ඇති බොරතෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකි. […]

FEATURE
on Dec 5, 2022
207 views 0 secs

අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, තොරතුරු තාක්ෂණය සාමාන්‍ය පෙළ හර විෂයක් ලෙස ඉදිරියේ දී එක් කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර සිටියා. ඒ අනුව එම විෂය සඳහා ජාතික මට්ටමේ තක්සේරුවක් සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එමෙන්ම නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, රොබෝටික්ස්, කෘත්‍රිම බුද්ධිය වැනි නැගී එන විෂය ධාරා හරහා […]

FEATURE
on Dec 5, 2022
215 views 0 secs

කැලණිවැලි දුම්රිය මාර්ග වෙත හඳුන්වාදී ඇති නව වේග සීමා හේතුවෙන් සිදුවන ප්‍රමාදයන් අවම කිරීම සඳහා පසුගිය දා ප්‍රකාශයට පත් කර තිබූ කාලසටහනට අනුව දුම්රිය ධාවන කටයුතු අද (05) සිට ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.