Home > Articles posted by Admin (Page 126)
FEATURE
on Dec 7, 2022
333 views 0 secs

උතුරුදිග ඇෆ්ගනිස්තානයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබෙන අතර තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ඇෆ්ගන් මාධ්‍ය වාර්තා කර සිටියා. ඇෆ්ගනිස්තාන, උස්බෙකිස්ථාන දේශසීමාව සමීපයේ උතුරුදිග බල්ක් නගරය ආසන්නයේ සිදුවූ එම පිපිරීමේ ඉලක්කය වී තිබුණේ කම්කරුවන් පිරිසක් රැගත් බස් රථයකි. කෙසේ වුවද මෙම පිපිරීම සිදුවූ ආකාරය මෙතෙක් නිශ්චිතව පැහැදිලි කර නොමැත.

FEATURE
on Dec 7, 2022
306 views 0 secs

මූල්‍ය වංචා චෝදනාවක් මත ආර්ජන්ටිනාවේ උපජනපතිනි, ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස් හට වසර 6 ක සිර දඬුවම් නියම වී තිබේ. අමෙරිකානු ඩොලර් බිලියනයක වංචාවකට වරදකරු වූ ඇයට ජීවිතාන්තය දක්වා රාජ්‍ය ආයතනයක නිලධරයක් දැරීම ද තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. 2007 වර්ෂයේ සිට දෙවතාවක් ඇය එරට ජනාධිපති ධුරය දැරූ අතර ඇගේ ස්වාමි පුරුෂයා ද ආර්ජන්ටිනාවේ […]

FEATURE
on Dec 7, 2022
307 views 0 secs

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය එළැඹෙන 15 වැනි දා සිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.මේ වනවිට බොරතෙල් නෞකා දෙකක තොග ගොඩ බා ඇති බවත්, තවත් බොරතෙල් නෞකාවක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ළඟා වනු ඇති බවත් අමාත්‍යාංශය සඳහන් කර සිටියා. මේ වන විට මෙරටට ලැබී ඇති බොරතෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකි. […]

FEATURE
on Dec 5, 2022
307 views 0 secs

අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, තොරතුරු තාක්ෂණය සාමාන්‍ය පෙළ හර විෂයක් ලෙස ඉදිරියේ දී එක් කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර සිටියා. ඒ අනුව එම විෂය සඳහා ජාතික මට්ටමේ තක්සේරුවක් සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එමෙන්ම නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, රොබෝටික්ස්, කෘත්‍රිම බුද්ධිය වැනි නැගී එන විෂය ධාරා හරහා […]

FEATURE
on Dec 5, 2022
304 views 0 secs

කැලණිවැලි දුම්රිය මාර්ග වෙත හඳුන්වාදී ඇති නව වේග සීමා හේතුවෙන් සිදුවන ප්‍රමාදයන් අවම කිරීම සඳහා පසුගිය දා ප්‍රකාශයට පත් කර තිබූ කාලසටහනට අනුව දුම්රිය ධාවන කටයුතු අද (05) සිට ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

FEATURE
on Dec 5, 2022
298 views 0 secs

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල තරමක් ඉහළ ගොස් තිබේ. පසුගියදා රන් අවුන්සයක මිල ඩොලර් 1753ක් ලෙස දැක්වුණු අතර මෙ වන විට රන් අවුන්සයක මිල සටහන් වුයේ, අමෙරිකානු ඩොලර් 1,800 ක් ලෙසයි.

FEATURE
on Dec 5, 2022
319 views 0 secs

රජයේ හා රජයේ අනුමත සියලු පාසල්වල තුන්වැනි වාරය අද(05) ආරම්භ වූ අතර නත්තල වෙනුවෙන් යළි ලබන 22 වැනිදා පාසල්වලට නිවාඩු ලබා දී ජනවාරි 2 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ. පසුව අ.පො.ස. උසස්පෙළ විභාගය සඳහා ජනවාරි 20 වැනිදා පාසල්වලට නිවාඩු ලබාදෙන අතර පෙබරවාරි 20 වැනිදා යළිත් පාසල් ආරම්භ වනු ඇති. පාසල්වල තෙවැනි […]

FEATURE
on Dec 1, 2022
299 views 0 secs

අඹතලේ බලශක්ති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට අදාළව නව සම්ප්‍රේෂණ නල එළීමේ කටයුතු හේතුවෙන් හෙට (02) රාත්‍රී 10.00 සිට පසුදින (03) දහවල් 1.00 දක්වා කොළඹ ප්‍රදේශ රැසකට පැය 15 ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.එම මණ්ඩලය නිවේදනය කර සිටියා. මේ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට ජල […]

FEATURE
on Dec 1, 2022
298 views 0 secs

වර්ෂාව සමග ගොවි බිම් ආශ්‍රිතව මී උණ ව්‍යාප්තියේ වැඩි වීමක් දැකගත හැකි බව සෞඛ්‍ය අංශ අනාවරණ කර තිබේ. ඒ හේතුවෙන් වගා කටයුතුවල නිරත වීමේ දී වකුගඩු රෝගීන් සහ අක්මා රෝගීන් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවත්, කුඹුරු ඉවුරු ආශ්‍රිතව එළිපෙහෙළි කිරීමේදී ප්‍රවේශම් වන ලෙසත්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා […]

FEATURE
on Dec 1, 2022
297 views 0 secs

අද (01) දිනයේ සිට වෙළෙඳපොළ වෙත ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂය ඉක්මවා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කර සිටියා. ඇනවුම් කර තිබූ ගෑස් නෞකා දිවයිනට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ වෙත ගෑස් නිකුත් කිරීම සීමා කර තිබු බවත් මේ වන විට ඉල්ලුම් කර තිබු ගෑස් නෞකා මේ වන විට දිවයිනට ළඟාවෙමින් පවතින බවත් […]