Home > Articles posted by Admin (Page 123)
FEATURE
on Jan 18, 2023
346 views 0 secs

ඉහළ පෙළේ දූෂණ වංචා රැසක් පිළිබඳව චෝදනා එල්ල වී තිබූ වියට්නාම ජනපති නුයෙන් ෂුආන් ෆුක් ඉල්ලා අස් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මෙම වංචා දූෂණ පිළිබඳව අදහස් දැක්වීමට එරට කොමියුනිස්ට් පක්ෂය සංවිධානය කර තිබූ මධ්‍යම කාරක සභා සැසියේ දී ඔහු එලෙස ඉල්ලා අස්වී තිබේ. අතර 68 හැවිරිදි ෆුක් 1979 දී පළාත් මට්ටමින් […]

FEATURE
on Jan 18, 2023
291 views 0 secs

වෙළඳපොළේ පොල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් පවසති. මේ වනවිට පොල් ගෙඩියක මිල රුපියල් 120 කට අධික මිලකට අලෙවි වන බවත් එදිනෙදා ආහාර පිළියෙළ කිරීමට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන පොල් මිල ඉහළ යාමෙන් තමන් ගැටලු රැසකට මුහුණ දී ඇති බවත්, පාරිභෝගිකයන් පෙන්වා දෙති. පොල් සංවර්ධන මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මේ දිනවල පොල් අස්වැන්නේ […]

FEATURE
on Jan 17, 2023
304 views 0 secs

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට2022 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම තහනම් වේ. එමෙන්ම විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ද තහනම් කර ඇති අතර විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීමත්, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න […]

FEATURE
on Jan 8, 2023
369 views 0 secs

2022 වසරේදී සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 170ක ආදායමක් උපයා ඇති අතර එය සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ වැඩිම ආදායම ලෙස සඳහන් වේ. එලෙස වැඩිම ආදායමක් වාර්තා කර ඇත්තේ සේවක පුරප්පාඩු 200 ක් පමණ පැවති පසුබිමක වීම විශේෂත්වයකි. මේ වසරේ ඉලක්කගත ආදායම රුපියල් බිලියන 217 ක් බවත්,දේශීයව නිෂ්පාදිත මත්පැන් සඳහා ප්‍රමිති සහතික ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති […]

FEATURE
on Jan 8, 2023
314 views 0 secs

අද (08) දිනයේ සිට, උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන්, කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන දුම්රිය කොළඹ සිට අනුරාධපුරය දක්වා සීමාකර තිබේ. දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු සඳහා මාස 05ක පමණ කාලයක් ගත වන බවට ඇස්තමේන්තු කර ඇත.

FEATURE
on Jan 8, 2023
285 views 0 secs

අද (08) සිට නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය යළිත් සක්‍රීය කරන බව, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.නඩත්තු කටයුතු සඳහා අක්‍රිය කර තිබූ පළමු ජනන යන්ත්‍රය මේ වන විට පණ ගන්වමින් ඇති බවයි එහි අතිරේක සාමාන්‍යාධීකාරි ධම්මික නවරත්න මහතා ප්‍රකාශ කළේ. ඉදිරි දින දෙක ඇතුළත එහි ධාරිතාව ජාතික පද්ධතියට එක් කළ හැකි වනු ඇතැයි ද […]

FEATURE
on Jan 6, 2023
283 views 0 secs

ලාෆ්ස් සමාගම ගෑස් මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5080 ක් වන අතර, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2032 කි.

FEATURE
on Jan 6, 2023
333 views 0 secs

ලබන සතිය අග වනවිට ආනයනික පළමු බිත්තර තොගය මෙරටට ලැබෙනු ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නිතිගත සංස්ථාව පවසයි.පළමු අදියරේදි බිත්තර මිලියන 05 ක් ආනයනය කරන බව එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා ප්‍රකාශ කර සිටියා. ඉන්දියාවෙන් ආනයනය කරන මෙම බිත්තරයක් රුපියල් 42ක වැනි මිලකට පාරිභෝගිකයින් අතට පත් කිරිමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේ ය.

FEATURE
on Jan 6, 2023
362 views 0 secs

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්තා පදනම් කරගනිමින් , දැඩි පාරිසරික හානියකට මග පාදා ඇති කරදියාන කසළ කන්දේ පවතින අවදානම අවම කිරිම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකාරණ අධිකාරිය ප්‍රකාශ කර සිටියා. කරදියානට පළාත් පාලන ආයතනවලින් රැගෙන එන කසල ප්‍රමාණය ද අඩු කිරීමට පියවර ගෙන ඇති අතර නොදිරන අපද්‍රව්‍ය කළමනාකරණයටද විශේෂ […]

FEATURE
on Jan 5, 2023
279 views 0 secs

ලංකා බැංකුවේ සභාපති ධුරය සඳහා ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කර තිබේ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා මෙම ධුරයේ පිහිටුවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වුණා.