Home > Articles posted by Admin (Page 123)
FEATURE
on Jan 8, 2023
199 views 0 secs

අද (08) සිට නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය යළිත් සක්‍රීය කරන බව, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.නඩත්තු කටයුතු සඳහා අක්‍රිය කර තිබූ පළමු ජනන යන්ත්‍රය මේ වන විට පණ ගන්වමින් ඇති බවයි එහි අතිරේක සාමාන්‍යාධීකාරි ධම්මික නවරත්න මහතා ප්‍රකාශ කළේ. ඉදිරි දින දෙක ඇතුළත එහි ධාරිතාව ජාතික පද්ධතියට එක් කළ හැකි වනු ඇතැයි ද […]

FEATURE
on Jan 6, 2023
199 views 0 secs

ලාෆ්ස් සමාගම ගෑස් මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5080 ක් වන අතර, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2032 කි.

FEATURE
on Jan 6, 2023
238 views 0 secs

ලබන සතිය අග වනවිට ආනයනික පළමු බිත්තර තොගය මෙරටට ලැබෙනු ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නිතිගත සංස්ථාව පවසයි.පළමු අදියරේදි බිත්තර මිලියන 05 ක් ආනයනය කරන බව එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා ප්‍රකාශ කර සිටියා. ඉන්දියාවෙන් ආනයනය කරන මෙම බිත්තරයක් රුපියල් 42ක වැනි මිලකට පාරිභෝගිකයින් අතට පත් කිරිමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේ ය.

FEATURE
on Jan 6, 2023
259 views 0 secs

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්තා පදනම් කරගනිමින් , දැඩි පාරිසරික හානියකට මග පාදා ඇති කරදියාන කසළ කන්දේ පවතින අවදානම අවම කිරිම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකාරණ අධිකාරිය ප්‍රකාශ කර සිටියා. කරදියානට පළාත් පාලන ආයතනවලින් රැගෙන එන කසල ප්‍රමාණය ද අඩු කිරීමට පියවර ගෙන ඇති අතර නොදිරන අපද්‍රව්‍ය කළමනාකරණයටද විශේෂ […]

FEATURE
on Jan 5, 2023
187 views 0 secs

ලංකා බැංකුවේ සභාපති ධුරය සඳහා ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කර තිබේ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා මෙම ධුරයේ පිහිටුවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වුණා.

FEATURE
on Jan 5, 2023
199 views 0 secs

ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රම මහතා අභාවප්‍රාප්ත වී තිබේ. එම මහතා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති අතර ඒ වන විට 83 හැවිරිදි වියේ පසුවිය.

FEATURE
on Jan 5, 2023
199 views 0 secs

උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් අද (05) සිටඅනුරාධපුර සිට වව්නියාව දක්වා දුම්රිය මාර්ගය මාස 5 ක කාලයක් වසා දැමේ.ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 33 ක පමණ මුදලක් මේ සඳහා වැය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා. අනුරාධපුරය දක්වා දුම්රියෙන් පැමිණෙන මගින් ලංගම බස් රථ යොදා ගනිමින් ප්‍රවාහනය කිරීමට සැළසුම් කර ඇති […]

FEATURE
on Jan 5, 2023
334 views 0 secs

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 201කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4409කි. මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් මිල පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1770කි. එසේම කිලෝග්‍රෑම් […]

FEATURE
on Jan 5, 2023
195 views 0 secs

ජනවාරි 07 වනදා රාත්‍රී 10.00 සිට 8 වන ඉරිදා පස්වරු 4.00 දක්වා පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නළ පද්ධතියට අදාළව සිදුකරනු ලබන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරිමක් හේතුවෙනි. ඒ අනුව කොළඹ- 01, 02, 03, 04, 07, 09, 10, […]

FEATURE
on Jan 5, 2023
202 views 0 secs

අද (05) සිට පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ලබා දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාරගැනීම ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූවන් සිය අයදුම්පත් එළඹෙන ජනවාරි මස 23 වනදා මධ්‍යම රාත්‍රී 12.00 ට පෙර සිය ආයතන ප්‍රධානීන් හරහා ඉදිරිපත් කළ යුතු බවත්, එම දිනය නැවත කිසිසේත් […]