Home > Articles posted by Admin (Page 187)
FEATURE
on Jul 9, 2022
263 views 0 secs

කතානායකතුමා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. ඒ අද (09) දින පැවති පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙනි.

FEATURE
on Jul 9, 2022
204 views 0 secs

තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබා දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබේ. දීප ව්‍යාප්ත ඉන්ධන බෙදා හැරීම මේ සතියේදී යළි ආරම්භ කිරීමට නියමිත බවත්, ලෝක ආහාර වැඩසටහනේ අධ්‍යක්ෂවරයා මේ සතියේ දිවයිනට පැමිණීමට නියමිත බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාර වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත බවත් සැලකිල්ලට […]

FEATURE
on Jul 9, 2022
246 views 0 secs

අරගලයට පැමිණි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. එම ස්ථානයේ සිටි ආරක්ෂකයින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ආරක්ෂිතව ඉවත් කර ඇති බවයි සඳහන් වන්නේ.

FEATURE
on Jul 9, 2022
233 views 0 secs

කොළඹ ජනාධිපති මන්දිරය අසලට රැස්ව සිටි විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ

FEATURE
on Jul 9, 2022
240 views 0 secs

දිවයිනේ ප්‍රදේශ රැසකින් අද (09) පැවැත්වෙන මහජන අරගලය සඳහා මේ වන විට විශාල පිරිසක් කොළඹ නගරයට ළඟා වෙමින් පවතිනවා. එමෙන්ම පිට පළාත්වල සිට දුම්රිය රැසක මහජනතාව කොළඹ දක්වා පැමිණෙමින් සිටියි.

FEATURE
on Jul 9, 2022
207 views 0 secs

අද(09) උදෑසන 8.00න් පසු සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

FEATURE
on Jul 9, 2022
230 views 0 secs

ඊයේ(08) රාත්‍රි 9.00 සිට නැවත දැනුම් දෙනතුරු පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (09) උදෑසන 8.00 ට ඉවත් කරන බව පොලිස් මූලස්ථානය පවසයි.නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ , මීගමුව , කැලණිය, නුගේගොඩ , ගල්කිස්ස , කොළඹ උතුර , කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම යන පොලිස් කොට්ඨාසවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය මෙසේ ඉවත් කරන බවය.

FEATURE
on Jul 8, 2022
230 views 0 secs

නිදහස් සාමකාමී නිරායුධ අරගලය මැඩ පැවැත්වීමට පොලිස් ඇඳිරි නීතිය පැනවීම රජය ගත් බියගුළු ක්‍රියාවක් බව මෛත්‍රිපාල සිරිසේන මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා. එමෙන්ම ඇදිරි නීතිය පසෙක ලා හෙට (9) තම අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් ප්‍රචණ්ඩත්වයෙන් තොරව අරගලයට නොබියව එකතු වන ලෙස එතුමා වැඩිදුරටත් නිවේදනයේ සදහන් කර සිටියා. එම නිවේදනය පහතින්,

FEATURE
on Jul 8, 2022
275 views 0 secs

නාරාහි දේශනයක් පවත්වමින් සිටින අතරතුදී ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර එතුමා ඉන් ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇති අතර ගිනි අවි භාවිතය තහනම් රටක් වන ජපානයේ මෙම වෙඩි ප්‍රහාරයට එල්ලවීම විශේෂත්වයකි.

FEATURE
on Jul 8, 2022
239 views 0 secs

අනෙකුත් ගමනාන්තවල සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන දුම්රිය සේවා හෙට (09) දිනයේ ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියා. මේ අතර අද (08) රාත්‍රී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කළේ, කිසිඳු දුම්රිය වර්ජනයක් මේ මොහොතේ ක්‍රියාත්මක නොවන බවත් දුම්රිය අවලංගුවීමක් සිදුවුවහොත් එය සිදුවන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් හේතුවෙන් බවයි.