Home > Articles posted by Admin (Page 188)
FEATURE
on Jul 8, 2022
250 views 0 secs

අන්තර් විශ්ව විද්‍යාලීය ශීෂ්‍ය බල මණ්ඩලය අද (08) රාත්‍රීයේ කොළඹ රැඳී සිටීමට නියමිතයි. ඒ හෙට (09) පැවැත්වෙන මහජන අරගලයට සහාය දැක්වීම සඳහායි. ඔවුන් මේ වන විට බැංකු මාවත ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන අතර එම ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර ඇති බවයි වාර්තා වන්නේ.

FEATURE
on Jul 8, 2022
217 views 0 secs

බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ කිහිපයක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රී 9.00 සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා. එම ප්‍රදේශ පහතින්. මීගමුව කොට්ඨාසය කැළණිය කොට්ඨාසය නුගේගොඩ කොට්ඨාසය ගල්කිස්ස කොට්ඨාසය කොළඹ (උතුර) කොට්ඨාසය කොළඹ (දකුණ) කොට්ඨාසය කොළඹ (මධ්‍යම) කොට්ඨාසය

FEATURE
on Jul 8, 2022
264 views 0 secs

ජුලි මස 11 වන සඳුදා සිට දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු වැඩි කිරීමට තීරණය කර ඇති දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව 3 වන පන්තියේ ප්‍රවේශපත්‍රයක අවම ගාස්තුව රුපියල් 20 ක් වෙනු ඇති බවයි වාර්තා වන්නේ. නව දුම්රිය ගාස්තු සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණාලයට යොමු කර ඇති අතර ඉදිරියේදී එය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

FEATURE
on Jul 7, 2022
261 views 0 secs

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. ක්සේ වුවද එළඹෙන ඔක්තෝබරයේ නව අනුප්‍රාප්තිකයෙකු තෝරා ගන්නා තෙක් ඔහු අගමැති ධුරයේ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. බ්‍රිතාන්‍යයේ පවතින ආර්ථික ගැටළු හා කරුණු කිහිපයක් මුල්කරගනිමින් බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් කැරැල්ලක් දියත් කළ අතර ඔහුට එරෙහිව දෝෂාභියෝගයද ඉදිරිපත් වුණා. දෝෂාභියෝගයට බ්‍රිතාන්‍යය […]

FEATURE
on Jul 7, 2022
225 views 0 secs

රටේ පවතින ගැටලු විසඳීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් අද (07) පාපැදි පෙළපාලියකින් විරෝධතාවක නිරතවී තිබෙනවා. එම පාපැදි පෙළපාලිය නුගේගොඩ ගුවන් පාලම අසලින් ආරම්භ කර කොළඹ මහජන පුස්තකාලය අසලින් අවසන් වූ අතර ඉන් අනතුරුව මහජන රැස්වීමක්ද සංවිධානය කර තිබූ බවයි සඳහන් වන්නේ.මේ අතර අද දිනයේ පවතින අර්බුදයට සහ ජනාධිපතිවරයාට […]

FEATURE
on Jul 7, 2022
375 views 2 secs

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)14.50% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 15.50% දක්වා ඉහළ දමා තිබෙනවා. මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය පවතින 4.00% මට්ටමේ ම පවත්වා ගෙන යාමට […]

FEATURE
on Jul 7, 2022
255 views 0 secs

ඉහළ යන ජීවන වියදමට සහ දේශපාලන අස්ථාවරත්වයට විරෝධය පළ කරමින් ලිබියාවේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශ රැසක ජනතාව යළිත් වීදි බැස තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. අඛණ්ඩ විදුලි කප්පාදුව, අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම, සහ දේශපාලන අර්බුදයට වහා විසඳුම් දෙන ලෙස ඉල්ලමින් ලිබියානු වැසියන් පසුගිය සතියේ ද විරෝධතාවල නිරතවිය. පවතින සන්නද්ධ හමුදා ඉවත් කිරීම ද […]

FEATURE
on Jul 7, 2022
237 views 0 secs

ඉන්ධන සඳහා පෝලිමේ රැඳී සිටියදී තවත් පුද්ගලයෙක් මිය යයි .ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ පයාගල ප්‍රදේශයේ ඉන්ධන ලබා ගැනීමේ පෝලිමේ සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් ඇති බව ය.

FEATURE
on Jul 7, 2022
217 views 0 secs

සම්ප්‍රේශන නලයක සිදුවූ බිඳවැටීමක් හේතුවෙන් කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවල හෙට (08) උදෑසන කාලය දක්වා ජල සැපයුම අත්හිටුවීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා. එමෙන්ම කොළඹ 01 ප්‍රදේශයේ අඩුපීඩන ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. හෙට උදෑසන 6.00 වන විට ජල සැපයුම යථා තත්ත්වයට […]

FEATURE
on Jul 7, 2022
218 views 0 secs

මහාමාර්ග අමාත්‍යංශයේදී ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් වර්ජනය අවසන් කර සාමාන්‍ය පරිදි ධාවන කටයුතුවලට එක්වීමට දුම්රිය වෘත්තීය සමිති එකඟ වී තිබෙනවා. මෙම සාකච්ඡාවේදී ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අදාළ ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන ලෙස බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුවට සීමිත පෙට්‍රල් ප්‍රමාණයක් ලැබෙන බවත් ඉන්ධන අවශ්‍ය සියළුම […]