Home > Articles posted by Admin (Page 186)
FEATURE
on Jul 10, 2022
171 views 2 secs

IOC ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම අද සිට යළි ආරම්භ කළ බව ලංකා IOC පවසයි. IOC ඉන්ධන පිරවුම්හලට ඉන්ධන යැවීම සඳහා ලංකා IOC හි ත්‍රිකුණාමල පර්යන්තය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව සමාගම පවසයි.

FEATURE
on Jul 10, 2022
183 views 0 secs

කොල්ලුපිටිය, පස්වන පටුමගේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, 19 හැවිරිදි ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්, කඩවත සහ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙනෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

FEATURE
on Jul 10, 2022
220 views 0 secs

මෙරට මුහුදු තීරයට ගෑස් රැගත් නෞකාව ළඟා වූ බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එමෙන්ම හෙට දිනයේදී ගෑස් මෙට්‍රික් ටොන් 3,740ක් රැගත් දෙවන නෞකාව මෙරටට පැමිණීමට නියමිත බවද එම නිවේදනය මඟින් පවසනවා.අද පැමිණි නෞකාව පස්වරු 3.00 ට කෙරවලපිටියට පැමිණීමෙන් පසු ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීම කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා […]

FEATURE
on Jul 9, 2022
187 views 0 secs

ජනධිපති ගෝඨාභය රාජපක්ෂ එළඹෙන 13වන දින තම ධූරයෙන් අස් වන බව කථානායකවරයා හට දැනුම් දී තිබේ.

FEATURE
on Jul 9, 2022
179 views 0 secs

අද (09) රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය පිහිටි නිවසට යම් පිරිසක් ගිනි තබා ඇති බව වාර්තා වේ.

FEATURE
on Jul 9, 2022
219 views 0 secs

කතානායකතුමා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. ඒ අද (09) දින පැවති පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙනි.

FEATURE
on Jul 9, 2022
165 views 0 secs

තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබා දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබේ. දීප ව්‍යාප්ත ඉන්ධන බෙදා හැරීම මේ සතියේදී යළි ආරම්භ කිරීමට නියමිත බවත්, ලෝක ආහාර වැඩසටහනේ අධ්‍යක්ෂවරයා මේ සතියේ දිවයිනට පැමිණීමට නියමිත බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාර වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත බවත් සැලකිල්ලට […]

FEATURE
on Jul 9, 2022
203 views 0 secs

අරගලයට පැමිණි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. එම ස්ථානයේ සිටි ආරක්ෂකයින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ආරක්ෂිතව ඉවත් කර ඇති බවයි සඳහන් වන්නේ.

FEATURE
on Jul 9, 2022
198 views 0 secs

කොළඹ ජනාධිපති මන්දිරය අසලට රැස්ව සිටි විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ

FEATURE
on Jul 9, 2022
202 views 0 secs

දිවයිනේ ප්‍රදේශ රැසකින් අද (09) පැවැත්වෙන මහජන අරගලය සඳහා මේ වන විට විශාල පිරිසක් කොළඹ නගරයට ළඟා වෙමින් පවතිනවා. එමෙන්ම පිට පළාත්වල සිට දුම්රිය රැසක මහජනතාව කොළඹ දක්වා පැමිණෙමින් සිටියි.