අද (11) සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය දිනවල පැමිණි මඟීන් සඳහාද අතිරේක දුම්රිය යෙදවූ බවත්, කාර්යාල දුම්රිය සියල්ලක්ම ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනවිරත්න සඳහන් කර සිටියා. මීට අමතරව අද දිනයේ විශේෂ කාර්යාල දුම්රියක්, දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාගේ උදෙස් පරිදි කන්කසන්තුරයේ සිට කිළිනොච්චිය දක්වා ධාවනය […]
තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.ඒ අනුව ජුලි 13 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමට නියමිතයි.
අද (11) සහ හෙට (12) දිනයන්හි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලටත්, 13 වනදා සිට අනෙකුත් ප්‍රදේශවලටත් ගෑස් බෙදා හරින බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කර සිටී. තව ද 12.5ක්ග් ගෑස් සිලින්ඩරයක උපරිම මිල රුපියල් 4910 ක් (කොළඹ) වන බව සඳහන් කරන එම සමාගම පාරිභෝගිකයින්ට දැනුම් දෙන්නේ, වැඩි මිලට හෝ වෙනත් පාර්ශවයන් හරහා මිලදී ගැනීම් සිදු කිරීමෙන් වළකින […]
දිවයින පුරා පිහිටි ලංකා IOC පිරවුම්හල් සඳහා පැය 24 පුරා ඉන්ධන ප්‍රවාහනයට පියවර ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියැදුරන්ගේ සංගමය පවසයි. අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සිපෙට්කෝ පිරවුම්හල් වෙත ඉන්ධන ප්‍රවාහනය කෙරෙන බව එහි සමලේකම් ශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කර සිටියා. සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ, […]
ඈයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා තම ධූරයෙන් ඉල්ල අස් වී තිබේ. ඔහු තම ඉලා අස් වීමේ ලිපිය ලිඛිතව ජනාධිපතිවරයාට භාර දී ඇතිබවයි වාර්තා වන්නේ.
IOC ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම අද සිට යළි ආරම්භ කළ බව ලංකා IOC පවසයි. IOC ඉන්ධන පිරවුම්හලට ඉන්ධන යැවීම සඳහා ලංකා IOC හි ත්‍රිකුණාමල පර්යන්තය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව සමාගම පවසයි.
කොල්ලුපිටිය, පස්වන පටුමගේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, 19 හැවිරිදි ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්, කඩවත සහ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙනෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙරට මුහුදු තීරයට ගෑස් රැගත් නෞකාව ළඟා වූ බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එමෙන්ම හෙට දිනයේදී ගෑස් මෙට්‍රික් ටොන් 3,740ක් රැගත් දෙවන නෞකාව මෙරටට පැමිණීමට නියමිත බවද එම නිවේදනය මඟින් පවසනවා.අද පැමිණි නෞකාව පස්වරු 3.00 ට කෙරවලපිටියට පැමිණීමෙන් පසු ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීම කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා […]
