Home > Articles posted by Admin (Page 184)
FEATURE
on Jul 14, 2022
198 views 0 secs

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් ලැබී නොමැති බව කතානායකවරයා පවසනවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය සිංගප්පූරුවට ළගාවීමෙන් පසුව භාරදීමට නියමිත බව, පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා දන්වා සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කරනවා. ඊයේ අලුයම මාලදිවයිනට ළඟා වූ ජනාධිපතිවරයා ඉන්පසු සිංගප්පූරුව බලා යෑමට නියමිත බවද, සිය […]

FEATURE
on Jul 13, 2022
234 views 0 secs

ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටද පිළිගත හැකි අග්‍රාමාත්‍යවරයෙකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී තිබේ.

FEATURE
on Jul 13, 2022
207 views 0 secs

අද (13) දිනය තුළ කතානායකවරයා වෙත තමාගේ ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කාතානායකවරයා වෙත ප්‍රකාශ කර තිබෙනවා. කතානායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ ,මේ මස 20 වන දින නව ජනාධිපතිවරයෙක් පත් කර ගන්නා බවත් එම නිසා මේ අවස්ථාවේ දී ජනතාව සාමකාමීව කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියි.

FEATURE
on Jul 13, 2022
205 views 0 secs

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමටත් දිවයින පුරා හදිසි නීතිය පැනවීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ. කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් සහ ඔවුන් ගමන් ගන්නා ලොරි රථ අත්අඩංගුවට ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශවලට නියෝග කර තිබෙනවා.

FEATURE
on Jul 13, 2022
215 views 0 secs

ශ්‍රී ලංකාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ කථානායකවරයාට දැනුම් දී තිබේ.අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේ ජනාධිපතිවරයා රටින් බැහැරව සිටින බැවින් ඔහු වෙනුවෙන් කටයුතු කිරීමට , ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 (01) වගන්තිය ප්‍රකාරව වැඩ බලන ජනාධිපතිවරයා ලෙස රනිල් […]

FEATURE
on Jul 13, 2022
212 views 0 secs

කොළඹ 07, මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය අසල ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයෝ විරෝධතාවයක නිරත වෙති.විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය මීට පෙර කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ නමුත් තවත් විරෝධතාකරුවන් එම ස්ථානයට රැස්ව සිටියහ.විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමත් සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද ඉල්ලා අස්විය යුතු බවයි.අද දිනයේදී සිය ඉල්ලා අස්වීම භාරදෙන […]

FEATURE
on Jul 13, 2022
200 views 0 secs

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුදා ජෙට් යානයකින් මෙරටින් පිටත්ව මාලදිවයිනට ගොස් ඇති බව වාර්තා වේ.පවතින රජයේ ඉල්ලීමට අනුව ආරක්ශක අමාත්‍යංශ පූර්ණ අනුමැතියට යටත්ව, කටුනායක ගුවන් තොටුපලේ ආගමන විගමන රේගු හා අනෙකුත් නීති වලට යටත්ව ජනාධිපතිවරයාට හා මැතිණියට මෙලෙස පිටව යාමට ගුවන් යානයක් ලබා දුන් බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

FEATURE
on Jul 12, 2022
208 views 0 secs

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවසාන රාජකාරිය ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. එසේ නොවන්නේ නම් ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට පෙර අගමැතිවරයා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළ යුතු බවත්, එසේත් නොවුවහොත් පාර්ලිමේන්තුවෙන් ඔහුට වැඩබලන ජනාධිපති ලෙස පත්වීම වැළැක්වීමට කටයුතු කළ යුතු […]

FEATURE
on Jul 12, 2022
173 views 0 secs

රටේ උද්ගතව පවතින වත්මන් තත්ත්වයට විසදුම් ලබා දීම අරමුණු කරගනිමින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම උදෙසා විපක්ෂය සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රි කණ්ඩායම් අතර හමුවක් අද(12) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි. මෙම කමිටුව රට ගොඩනැගීම උදෙසා වූ පොදු වැඩපිළිවෙලක් ඔස්සේ තීරණාත්මක කාල පරාසයක් උදෙසා සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම වෙනුවෙන් ස්ථාපිත කොට තිබේ.

FEATURE
on Jul 12, 2022
195 views 0 secs

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු වීසා සඳහා මෑතකදී කළ ඉල්ලීම අමෙරිකාව ප්‍රතික්ෂේප කර ඇතැයි ද හින්දු පුවත්පත අනාවරණය කර තිබේ.