Home > Articles posted by Admin (Page 184)
FEATURE
on Jul 15, 2022
261 views 0 secs

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් ඉල්ලා අස්වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (15) ප්‍රකාශ කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 (1) වගන්තිය ප්‍රකාරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමන්ට ලැබුණු බව කථානායක නිල නිවසේ දී මාධ්‍යවේදීන් අමතමින් මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.ගෝඨාභය රාජපක්ෂ මහතා 2022 ජුලි 14 වැනිදා සිට නීත්‍යානුකූලව […]

FEATURE
on Jul 14, 2022
254 views 0 secs

ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති කාර්යාලය හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපියක් කතානායකවරයා වෙත ලැබී ඇතැයි, කතානායක කාර්යාලය පවසයි.මෙහි නිර්වද්‍යතාවය පිළිබඳ නැවත පරීක්ෂා කිරීමෙන් අනතුරුව සහ සියලු නීතිමය කටයුතු අවසන් කිරීමෙන් පසු මේ සම්බන්ධ නිල නිවේදනය කතානායකවරයා විසින් හෙට දවස ඇතුළත නිල වශයෙන් ප්‍රකාශ කරනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කතානායක කාර්යාලය ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Jul 14, 2022
249 views 0 secs

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (14) දහවල් සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් (SV788) මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණා.පුද්ගලික පැමිණීමක් ලෙසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවට ඇතුළු වීමට අවසර දී ඇති අතර ඔහුට කිසිඳු රැකවරණයක් ඉල්ලා හෝ එසේ ලබාදී නොමැති බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

FEATURE
on Jul 14, 2022
232 views 0 secs

අද (14) දහවල් 12.00 සිට හෙට (15) අලුයම 5.00 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

FEATURE
on Jul 14, 2022
243 views 0 secs

මහජනතාව විසින් මේ වන විට අත්පත් කරගෙන ඇති රජයේ ගොඩනැගිලි වන ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය භාරදීමට තීරණය කර තිබෙනවා. සාමය ස්ථාපිත කිරීමේ අරමුණින් ගාලුමුවදොර විරෝධතාකරුවන් මෙම තීරණය ගෙන ඇති බවයි දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔවුන් සඳහන් කළේ.

FEATURE
on Jul 14, 2022
240 views 0 secs

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් ලැබී නොමැති බව කතානායකවරයා පවසනවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය සිංගප්පූරුවට ළගාවීමෙන් පසුව භාරදීමට නියමිත බව, පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා දන්වා සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කරනවා. ඊයේ අලුයම මාලදිවයිනට ළඟා වූ ජනාධිපතිවරයා ඉන්පසු සිංගප්පූරුව බලා යෑමට නියමිත බවද, සිය […]

FEATURE
on Jul 13, 2022
266 views 0 secs

ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටද පිළිගත හැකි අග්‍රාමාත්‍යවරයෙකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී තිබේ.

FEATURE
on Jul 13, 2022
249 views 0 secs

අද (13) දිනය තුළ කතානායකවරයා වෙත තමාගේ ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කාතානායකවරයා වෙත ප්‍රකාශ කර තිබෙනවා. කතානායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ ,මේ මස 20 වන දින නව ජනාධිපතිවරයෙක් පත් කර ගන්නා බවත් එම නිසා මේ අවස්ථාවේ දී ජනතාව සාමකාමීව කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියි.

FEATURE
on Jul 13, 2022
244 views 0 secs

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමටත් දිවයින පුරා හදිසි නීතිය පැනවීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ. කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් සහ ඔවුන් ගමන් ගන්නා ලොරි රථ අත්අඩංගුවට ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශවලට නියෝග කර තිබෙනවා.

FEATURE
on Jul 13, 2022
251 views 0 secs

ශ්‍රී ලංකාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ කථානායකවරයාට දැනුම් දී තිබේ.අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේ ජනාධිපතිවරයා රටින් බැහැරව සිටින බැවින් ඔහු වෙනුවෙන් කටයුතු කිරීමට , ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 (01) වගන්තිය ප්‍රකාරව වැඩ බලන ජනාධිපතිවරයා ලෙස රනිල් […]