Home > Articles posted by Admin (Page 183)
FEATURE
on Jul 16, 2022
200 views 0 secs

අද (16) දිනයේ මෙරටට පැමිණීමට නියමිත තිබූ පළමු ඩීසල් තොගය ලැබී ඇති බවට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ අද අලුයම එම ඩීසල් තොගය කොළඹට පැමිණි බවත්, එහි තත්ත්ව සාම්පල මේ වනවිට පරීක්ෂා කෙරෙන බවයි.

FEATURE
on Jul 15, 2022
216 views 0 secs

අද (15) වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දුන් රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව යළි පූර්ණ ලෙස බලාත්මක කිරීමට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇති බවත්,සාමකාමීව අරගල කිරීමේ අයිතිය තමන් පිළිගන්නා බවත්, එහෙත් ඇතැම් පිරිස් කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කිරීමට සැලසුම් කර ඇති බැවන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම කිසිඳු කණ්ඩායමකට ඉඩ ලබා නොදෙන […]

FEATURE
on Jul 15, 2022
201 views 0 secs

වර්තමානයේ පවත්නා ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා තවදුරටත් පදනම් කරගෙන රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 18 වනදා දින සිට 20 වනදා දක්වා දක්වා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අදාළ නිවේදනය පහතින්,

FEATURE
on Jul 15, 2022
232 views 0 secs

අද (15) පැවති පක්ෂ නායක රැස්වීමේදී ලබන 20 වනදා නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළින් තෝරා ගැනීමට තීරණය කර ඇති බව කතානායකවරයා නිවේදනය කර සිටියා. ඒ අනුව හෙට (16) පාර්ලිමේන්තුව රැස්වන අතර ජනාධිපතිධුරයේ පුරප්පාඩුවක් පවතින බව හෙට පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට නියමිතයි. පෙර තීරණය කළ පරිදි නාම යෝජනා කැදවීම ලබන 19 වැනිදා සිදු කර ජනාධිපතිවරයා තෝරා පත් කර […]

FEATURE
on Jul 15, 2022
256 views 0 secs

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පක්ෂයේ එකඟතාවය ඇතිව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් ආරාධනා ලැබුණහොත් ජනාධිපති ධුරය බාරගැනීමට සූදානම් බව ප්‍රකාශ කර සිටියා. මේ වන විටත් අගමැති ධුරය බාරගන්නා ලෙසට පොහොට්ටුව පාර්ශවයෙන් තමන්ට ආරාධනා ලැබෙමින් තිබෙන බවයි සරත් ෆොන්සේකා සඳහන් කර සිටියා. යුද්ධයට නායකත්වය දීමේ දී ද තමන්ට නොයෙකුත් අභියෝගය එල්ල වූ බවද, […]

FEATURE
on Jul 15, 2022
231 views 0 secs

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් ඉල්ලා අස්වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (15) ප්‍රකාශ කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 (1) වගන්තිය ප්‍රකාරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමන්ට ලැබුණු බව කථානායක නිල නිවසේ දී මාධ්‍යවේදීන් අමතමින් මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.ගෝඨාභය රාජපක්ෂ මහතා 2022 ජුලි 14 වැනිදා සිට නීත්‍යානුකූලව […]

FEATURE
on Jul 14, 2022
218 views 0 secs

ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති කාර්යාලය හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපියක් කතානායකවරයා වෙත ලැබී ඇතැයි, කතානායක කාර්යාලය පවසයි.මෙහි නිර්වද්‍යතාවය පිළිබඳ නැවත පරීක්ෂා කිරීමෙන් අනතුරුව සහ සියලු නීතිමය කටයුතු අවසන් කිරීමෙන් පසු මේ සම්බන්ධ නිල නිවේදනය කතානායකවරයා විසින් හෙට දවස ඇතුළත නිල වශයෙන් ප්‍රකාශ කරනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කතානායක කාර්යාලය ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Jul 14, 2022
213 views 0 secs

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (14) දහවල් සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් (SV788) මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණා.පුද්ගලික පැමිණීමක් ලෙසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවට ඇතුළු වීමට අවසර දී ඇති අතර ඔහුට කිසිඳු රැකවරණයක් ඉල්ලා හෝ එසේ ලබාදී නොමැති බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

FEATURE
on Jul 14, 2022
196 views 0 secs

අද (14) දහවල් 12.00 සිට හෙට (15) අලුයම 5.00 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

FEATURE
on Jul 14, 2022
208 views 0 secs

මහජනතාව විසින් මේ වන විට අත්පත් කරගෙන ඇති රජයේ ගොඩනැගිලි වන ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය භාරදීමට තීරණය කර තිබෙනවා. සාමය ස්ථාපිත කිරීමේ අරමුණින් ගාලුමුවදොර විරෝධතාකරුවන් මෙම තීරණය ගෙන ඇති බවයි දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔවුන් සඳහන් කළේ.