Home > Articles posted by Admin (Page 182)
FEATURE
on Jul 20, 2022
256 views 0 secs

අද (20) පැවැත්වෙන ඡන්දයේදී දමිළ ජාතික සන්ධානයේ සහයද ඩලස් අලහපෙරුමට ලබා දෙන බව සන්ධාන නායක මනෝ ගනේසන් සඳහන් කර සිටියා.

FEATURE
on Jul 19, 2022
233 views 0 secs

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් යාත්‍රාවක් අද (19) දිවයිනට පැමිණීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. අදාළ යාත්‍රාව සඳහා මුදල් ගෙවා ඇති බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.එමෙන්ම ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලක්ෂයකට අධික පිරිසක් ලියාපදිංචි වී ඇති බවත්, ලියාපදිංචිය අවසන් වනතුරු නව ඉන්ධන තොග බෙදා හැරීම සිදු නොවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

FEATURE
on Jul 19, 2022
256 views 0 secs

ජනාධිපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු අද පාර්ලිමේන්තු සැසියේදී නම් කෙරේ. ජනාධිපති ධූරය සඳහා තරගවදින අපේක්ෂකවරුන් වන්නේ ඩලස් අලහප්පෙරුම,රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක යන මන්ත්‍රිවරුන් වේ. මේ සදහා හෙට දිනයේදී පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම සිදුවීමට නියමිතය.

FEATURE
on Jul 19, 2022
272 views 0 secs

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ තරඟයෙන් ඉවත් වී තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ඩලස් අලහප්පෙරුම මහතා ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය සහ එහි සන්ධානය මෙන්ම විපක්ෂයේ හවුල්කරුවන් ද අද කටයුතු කරන බවයි. “මා ආදරය කරන මගේ රටේ සහ මා ආදරය කරන මිනිසුන්ගේ යහපත උදෙසා මම ජනාධිපති ධුරය සඳහා වූ මගේ […]

FEATURE
on Jul 19, 2022
245 views 0 secs

ඉක්වදෝරයේ සැන්ටෝ ඩොමින්ගෝ නගරයේ බන්ධනාගරයේදී සිරකරුවන් 13 දෙනෙකු ඝාතනය කර තිබේ.භූමිය පාලනය කිරීම සහ මත්ද්‍රවය ජාවාරම් පාලනය කිරීම් සම්බන්ධයෙන් සිදු වන සටන් මෙලෙස ඉක්වදෝරයේ බන්ධනාගාර ප්‍රචණ්ඩත්වයට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.පසුගිය වසරේදී පමණක් එරට බන්ධනාගාරවල මිය ගිය සිරකරුවන් සංඛ්‍යාව 316 කි.

FEATURE
on Jul 19, 2022
280 views 0 secs

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු පහළ දැමීම අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර සංශෝධිත ගාස්තු පිළිබඳව නිර්දේශය ඊයේ ප්‍රවාහන අමාත්‍යාංශය වෙත යොමු කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මිලාන් මිරැන්ඩා මහතා සඳහන් කර සිටියා.ඒ අනුව නව බස් ගාස්තුව අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

FEATURE
on Jul 18, 2022
230 views 0 secs

වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් කරනවා. ජනාධිපති ධුරයට අනුප්‍රාප්තිකයෙකු තෝරා පත් කර ගැනීමට පාර්ලිමේන්තුවට දින තුනකට පෙර නවතම හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇති ඔවුන් පෙන්වා දෙන අතර ඒ අනුව පාර්ලිමේන්තුවේ ජනාධිපති නිලවරණය පැවැත්වීමට නියමිතව […]

FEATURE
on Jul 18, 2022
245 views 0 secs

රටේ වත්මන් දේශපාලන අර්බුදය විධායක ජනාධිපති ක්‍රමය නිසා ඇති වී තිබෙන බවත්, මහජනතාවගේ ගැටලු රැසකට විසඳුම් ලබාදෙන 19 වැනි සංශෝධනය යළි ගෙන එන බවත් වැඩබලන ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කලා. ජූලි මාසය ඉන්ධන සැපයීමේ දුෂ්කර කාල පරිච්ඡේදයක් වනු ඇති බව තමන් පැහැදිළි කළ බවත්, කෙසේ වෙතත් ඩීසල් තොග සුරක්ෂිත කර බෙදාහරින අතර ජූලි 21 […]

FEATURE
on Jul 18, 2022
226 views 0 secs

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දඬුවම් නියම කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නඩු කටයුත්තක් සඳහා අද (18) පෙරවරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා. එමෙන්ම ඔහු නිදහස් කිරීමට අදාල කටයුතු සූදානම් කරන ලෙස වැඩබලන ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යවරයා ට උපදෙස් දී ඇති බව වාර්තා වේ.

FEATURE
on Jul 18, 2022
247 views 0 secs

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද(18) සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා හදිසි තත්ත්වය බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.