Home > Articles posted by Admin (Page 214)
FEATURE
on Apr 17, 2022
254 views 0 secs

හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කැබිනට් අමාත්‍ය ධූරයක් භාර නොගැනීමට තමන් ගත් තීරණයේ ස්ථාවරව සිටින බව පවසනවා. මෙම තීරණාත්මක අවස්ථාවේ හොඳම විකල්පය සියලුම පක්ෂවලින් සමන්විත ආණ්ඩුවක් ස්ථාපිත කිරීම තමාගේ විශ්වාසය බවයි ඔහු සඳහන් කරන්නේ. කෙසේ නමුත් ඔහු Twitter පණිවිඩයක් නිකුත් කරමින් තරුණයින්ගෙන් සමන්විත නව කැබිනට් මණ්ඩලයට තමන් සුබ පතන බව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

FEATURE
on Apr 16, 2022
248 views 0 secs

විදෙස් මාධ්‍යවේදීන්ට පැමිණීමට පහසුකම් සැලසීම සඳහා ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානය ගාලුමුවදොර “ගෝඨාගොගම” විරෝධතා භූමියේදී විවෘත කෙරේ.

FEATURE
on Apr 16, 2022
194 views 0 secs

රටේ උද්ගතව පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය අලි සබ්රි සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු නිලධාරීන් හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) ප්‍රකාශ කළේය.කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා ක්‍රියාත්මක වීමත් සමඟ කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම හමුව සිදුව ඇති බව වාර්තා වේ.එසේම තවත් සාකච්ඡාවක් මුදල්, බලශක්ති , සෞඛ්‍ය […]

FEATURE
on Apr 16, 2022
223 views 0 secs

රටේ පවතින තත්ත්වය හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ අප්‍රේල් 18 වැනිදා සිට ව්‍යාපාරික දින 5ක් තාවකාලිකව වසා තබන ලෙස සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව නියෝග කර තිබේ.

FEATURE
on Apr 16, 2022
219 views 1 sec

ගාලුමුවදොර විරෝධතාවය අවට ප්‍රදේශයේ යොදවා තිබූ පොලිස් ට්‍රක් රථ මේ වනවිට ඉවත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියා සිටියේ විරෝධතා කඩාකප්පල් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් රටට බරපතල ප්‍රතිවිපාක ගෙන දෙන බවයි.“මේ රටේ ජනතාවගේ සාමකාමී විරෝධතාවයක් කුමන ආකාරයකින් කඩාකප්පල් කිරීමට දරන ඕනෑම උත්සාහයක් පිළිබඳව BASL දැඩි සැලකිල්ලක් දක්වයි. එවැනි ඕනෑම උත්සාහයක් රටට, […]

FEATURE
on Apr 16, 2022
322 views 0 secs

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති අතර එහි, අභ්‍යන්තර පීඩනයන්ට මුහුණ දෙමින් මෙතෙක් තනතුරේ රැඳී සිටියේ ගෑස් අත්‍යවශ්‍ය සේවාවක් බැවින් සැපයුම් ජාලය පවත්වා ගැනීම සඳහා පමණයක් බව සඳහන් කර ඇත.. අදාළ ලිපිය […]

FEATURE
on Apr 15, 2022
271 views 0 secs

මහ සිකුරාදා දිනය යෙදීම නිමිත්තෙන් අද (15) දිනයේත් විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.හෙට (16) දිනයේ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් අද තීරණයක් ගැනීමට නියමිතය.

FEATURE
on Apr 14, 2022
246 views 0 secs

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු විරෝධතාවට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දුමින්ද පෙරේරා මහතා අද (14) මහර වැඩබලන මහේස්ත්‍රාත් රමණී සෙනෙවිරත්න මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් නීතිඥවරුන් රැසක් මුදල් අය කිරීමකින් තොරව පෙනී සිටියහ. කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන් […]

FEATURE
on Apr 14, 2022
297 views 0 secs

කළු මුහුදේ තිබූ රුසියානු මිසයිල ප්‍රහාරක නෞකාවක විශාල පිපිරීමක් සිදුව ඇති අතර යුක්‍රේන බලධාරීන් ඔවුන් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් අදාළ නෞකාවේ පිපිරීම සිදුව ඇති බව ප්‍රකාශ කර සිටියා. පිපිරීමෙන් රුසියානු නෞකාවේ සිටි කාර්යය මණ්ඩලය නිරුපද්‍රිතව මුදාගෙන තිබේ. කෙසේවෙතත් රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ නෞකාවේ තිබූ මිසයිල ඇතුළු පුපුරණ ද්‍රව්‍ය එලෙස පුපුරා ගොස් ඇති බවයි.

FEATURE
on Apr 14, 2022
208 views 2 secs

ෆිච් රේටින්ස් (Fitch Ratings) ආයතනය ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ මුදල් නිකුත් කිරීමට අදාළ ශ්‍රේණිගත කිරීම් මට්ටම තවදුරටත් පහත දමා තිබේ. නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව ‘CC’ මට්ටමේ සිට ‘C’ මට්ටම දක්වා පහත දමා ඇතැයි, ෆිච් රේටින්ස් ආයතන වෙබ් අඩවිය වාර්තා කළේ ය.