Home > Articles posted by Admin (Page 62)
FEATURE
on Jan 6, 2025
211 views 0 secs

රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් හා අග්‍රාමාත්‍යවරිය අතර හමුවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවති අතර එහිදී විශ්වවිද්‍යාලවල පවතින පරිපාලනමය ගැටලු, අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලවල පවතින පුරප්පාඩු, සිසුන්ගේ නේවාසික ගැටලු, ශිෂ්‍යාධාර ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම ආදී විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පවතින බොහෝ කරුණු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමු විය. මෙම හමුවට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන උසස් අධ්‍යාපන […]

FEATURE
on Jan 6, 2025
231 views 0 secs

අමෙරිකාවේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ හිම කුණාටු තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ නැගෙනහිර ප්‍රදේශය කරා ගමන් කරනු ඇති බවට එරට ජාතික කාලගුණ සේවය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හිම කුණාටුවේ අවදානම හේතුවෙන් වර්ජිනියා ඇතුළු ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්ය. මෙම හිම කුණාටුවත් සමග ඇතිවන හිම පතනය, දශකයකට […]

FEATURE
on Jan 6, 2025
216 views 0 secs

බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මගී අයිතිවාසිකම් ලැයිස්තුවක් පිළියෙල කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියා. ඒ අනූව බස් රථ සඳහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ලබාදෙන ධාවන බලපත්‍ර වල අඩංගු කොන්දේසි මෙන්ම පළාත් සභා වලින් බස් රථ ධාවන බලපත්‍ර නිකුත් කිරීමේ දී අඩංගු කොන්දේසි […]

FEATURE
on Jan 5, 2025
205 views 1 sec

සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද […]

FEATURE
on Jan 4, 2025
222 views 1 sec

ජනවාරි මාසයේදී ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම දැනුම් දී සිටියා. ඒපාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණිනි. මේ අනුව 2025 ජනවාරි මාසයට අදාළව දැනට පවතින මිල ගණන් වලංගු වන අතර කොළඹ දිස්ත්‍රික්කයට අදාල ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල පහතින් දැක්වේ. 12.5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ද 5Kg ගෑස් සිලින්ඩරයක […]

FEATURE
on Dec 2, 2024
244 views 0 secs

WhatsApp හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්වීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ යමින් තිබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. පසුගිය සති කිහිපය තුළ එවැනි ආකාරයේ පැමිණීලි 74ක් පමණ ලැබී ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පවසා සිටියේ.

FEATURE
on Dec 2, 2024
224 views 0 secs

ඩෙංගු අවදානම් ප්‍රදේශ 20 ක් මේ වනවිට හඳුනා ගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. අයහපත් කාලගුණය පහව යාමත් සමග ඩෙංගු රෝගීන් වැඩිපුර වාර්තාවීමේ අවදානමක් පවතින අතර නොවැම්බර් මාසය තුළදී පමණක් ඩෙංගු රෝගීන් 3,178 ක් වාර්තාවී ඇති බව එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Dec 2, 2024
218 views 0 secs

අද (02) දිනට අදලව නිකුත් කරන ලද කාළගුණ වාර්තාවට අනුව උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි […]

FEATURE
on Nov 21, 2024
223 views 0 secs

10 වන පාර්ලිමේන්තුවේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද (21) පෙරවරු 10ට ආරම්භ කරන ලදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රංවල මහතාගේ නම කථානායක ධූරයට යෝජනා කළ අතර, අමාත්‍ය විජිත හේරත් මහතා එය ස්ථීර කිරීමෙන් අනතුරුව ඒකමතික යෝජනා ස්ථීරත්වයෙන් අශෝක රංවල මහතා කථානායකවරයා ලෙස නම් කෙරුණි. කථානායකවරයා තෝරා පත් කරගැනීමෙන් අනතුරුව කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම […]

FEATURE
on Nov 19, 2024
266 views 0 secs

කුර්දි සටන්කාමීන්ට එල්ල කරන තුර්කි ප්‍රහාර හමුවේ උතුරු හා නැගෙනහිර සිරියාවේ ප්‍රදේශවල බලශක්ති මධ්‍යස්ථාන විනාශ වී ඇති හෙයින් සිරියාවේ මිලියනයකට වැඩි පිරිසකට විදුලිය සහ ජල පහසුකම් ඇණහිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. තුර්කිය විසින් 2019 ඔක්තෝම්බර් සිට 2024 ජනවාරි දක්වා කාලය තුළ කුර්දි පාලනය යටතේ පවතින උතුරු හා නැගෙනහිර සිරියාවේ තෙල් බිම්, ගෑස් […]