Home > Articles posted by Admin (Page 76)
FEATURE
on May 21, 2024
240 views 0 secs

ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසි මැතිතුමාගේ හදිසි අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය අද (21) ජාතික ශෝක දිනයක් ලෙස නම් කොට තිබෙනවා.ඒ හේතුවෙන් සියලුම රාජ්‍ය ආයතන වල ජාතික කොඩිය අද දිනයේ අඩකුඹු කොට තබන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පලාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා දැනුම් දී සිටියා.

FEATURE
on May 20, 2024
260 views 1 sec

ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අතර නිල හමුව අද (20) පස්වරුවේ සිදු විය. ඉන්දුනීසියානු ජනාධිපතිවරයා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉතා මිත්‍රශීලි අයුරින් පිළිගත් අතර රාජ්‍ය නායක දෙපළ අතර සුහද කතා බහකින් පසුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි. […]

FEATURE
on May 20, 2024
165 views 0 secs

වර්ෂාව ලැබීමත් සමඟ කොළඹ නගරයේ ඇති විය හැකි ඩෙංගු අවදානම අවම කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මැයි 26 සිට ජුනි 01 දක්වා ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන සතිය තුළ අධ්‍යාපන අමාත්‍යංශය හරහා පාසල් දරුවන් සහ දෙමාපියන් […]

FEATURE
on May 20, 2024
261 views 1 sec

10 වැනි ලෝක ජල සංසදයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය අරමුදල් ප්‍රමුඛතා අතර සම්පූර්ණ වෙනස ඉස්මතු කළ අතර, දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා මූල්‍ය ක්‍රියාමාර්ගවලට අකමැත්ත පෙන්වමින් යුක්රේනයේ මරණයට හා විනාශයට අරමුදල් සැපයීමට ගෝලීය උතුරේ කැමැත්ත පෙන්වා දුන්නේය. දේශගුණික විපර්යාස අවම කිරීම සහ අනුවර්තනය වීමේ ප්‍රයත්නයන් හි අරමුදල් පරතරය පියවා ගැනීම සඳහා ජනාධිපති […]

FEATURE
on May 19, 2024
325 views 2 secs

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සමගාමීව ශ්‍රී ලංකාව තුළ “Starlink” සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර අද (19) හමුවක් සිදු වූ අතර එහිදී ගෝලීය “Starlink” ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් […]

FEATURE
on May 19, 2024
236 views 0 secs

ආර්ථික ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද “සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. ඒ අනුව දිවයින පුරා සියලුම පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව ජුනි මස මුල් සතියේ සිට උදා වේ. මීට අදාළව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා […]

FEATURE
on May 14, 2024
158 views 1 sec

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රට තුළ ඇති කරමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියා. .එහිදී අදාළ ආයතන අතර ඇති බාධක නව නීතියකින් ඉවත් කරන බවද පැවසූ ජනාධිපතිවරයා නව තාක්ෂණික කළමනාකරණය වැවිලි ක්ෂේත්‍රයට හඳුන්වා දීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ […]

FEATURE
on May 8, 2024
163 views 0 secs

නව ග්‍රාම නිලධාරීන් ලෙස බඳවාගත් 2100කට සංකේතාත්මකව ලිපි ප්‍රධානය කිරීම සදහා අද (08) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයට ජනාධිපතිවරයා එක් වන ලදී.එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දී සිටියේකෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බවයි. එබැවින් රජයේ කෘෂි නවීකරණ වැඩසටහන ඇතුළු ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට රජය ආරම්භ කළ සියලු වැඩසටහන් සාර්ථක කර ගැනීමට බිම් […]

FEATURE
on May 8, 2024
163 views 2 secs

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියා. මෙරට ආර්ථික ප්‍රතිපත්ති සැකසීමේදී අපනයනය ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් පමණක් නොව 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළඟා වන හරිත ආර්ථිකයක් බවට පරිවර්තනය වීම කෙරෙහි ද රජය අවධානය යොමු කර තිබෙන බව ජනාධිපතිවරයා පැවසීය. […]

FEATURE
on May 8, 2024
177 views 0 secs

ජුනි මාසය වන විට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට රජයේ අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි නිවේදනය කළේය.මෙම ප්‍රයත්නය සාර්ථක වුවහොත්, ශ්‍රී ලංකාවේ ණය බරින් ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක පමණ ප්‍රමාණයකින් අඩුකර ගැනීමට හැකි බවද අමාත්‍යවරයා සදහන් කර සිටියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලැබීමත් සමඟ රටේ සංවර්ධන […]