Home > Articles posted by Admin (Page 75)
FEATURE
on Jun 5, 2024
227 views 0 secs

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි මහකොමසාරිස්වරු පස් දෙනෙක් සහ තානාපතිවරු නව දෙනෙක් අද (05) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.

FEATURE
on Jun 5, 2024
232 views 0 secs

රටේ ආර්ථික ඉලක්ක සපුරා ගන්නා අතර තුර 2040 වසර වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකාව කැපවි සිටින බවත්, කාබන් විමෝචනය ශුන්‍ය කිරිමේ ගෝලීය ඉලක්කය ජාතික ප්‍රතිපත්තියට ඇතුළත් කළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බවත් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා […]

FEATURE
on Jun 4, 2024
211 views 0 secs

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත් කොළොන්නාව ඇතුළු දිවයිනේ සෙසු ප්‍රදේශවල පදිංචිකරුවන්ට ආහාර සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඊයේ (03) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

FEATURE
on Jun 4, 2024
251 views 0 secs

කරවනැල්ල, වඳල ශ්‍රී විසුද්ධාරාමයේ පැවති “උරුමය” සින්නක්කර ඔප්පු ප්‍රදානය සහ සහල් බෙදාදීමේ වැඩසටහනේදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ගිවිසුම්වලට අනුව කටයුතු කිරීමේ තීරණාත්මක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ එසේ නොකළහොත් රට ආපස්සට යන බවට අනතුරු අඟවමිනි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය දෙන ලෙස ඔහු ඉල්ලා සිටි අතර, රටේ ආර්ථික ස්ථාවරත්වය […]

FEATURE
on Jun 4, 2024
218 views 0 secs

කොළඹ ප්‍රදේශයේ ගංවතුර ඇතිවීමට බලපෑ මූලික හේතු විමර්ශනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ බලධාරීන්ගෙන් වාර්තා ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් කොළඹ දිස්ත්‍රික් ලේකම් වෙත පවරා ඇත. එසේම අනාගතයේ මෙවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීම සඳහා අදාළ නිර්දේශ ද මේ සමඟ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. තවද කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා […]

FEATURE
on May 28, 2024
230 views 0 secs

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙසත්, ආපදා තත්ත්වය පහව යන තුරු සහන සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිළධාරීන් වෙත උපදෙස් දී ඇත. එසේම මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට ද මේ වන විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.

FEATURE
on May 28, 2024
205 views 0 secs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව 2024 මාර්තු 04 වන දින ආරම්භ කරන ලද ගාසාහි ළමා අරමුදලට ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලින් හා විවිධ ආයතන විසින් මේ දක්වා රුපියල් මිලියන 127ක මුදලක් පරිත්‍යාග කර තිබෙන අතර ඊට දායක වූ සියලුදෙනා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ජනාධිපති කාර්යාලයේ ස්තූතිය පළ කර සිටියි.එසේම විවිධ පාර්ශ්වයන් වෙතින් ලැබුණු ඉල්ලීම් […]

FEATURE
on May 27, 2024
205 views 0 secs

වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ අභිනවයෙන් ඉදිකළ හෘද රෝග හා වකුගඩු රෝග ඒකක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (26) විවෘත කෙරිණි. නෙදර්ලන්ත (ලන්දේසි) රජයේ අනුග්රහය ඇතිව ඉදිකරන ලද මෙම ඒකකවල ආයෝජනය රු. මිලියන 3,329 කි. ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2019 දී ජනාධිපති වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදීය.

FEATURE
on May 27, 2024
240 views 0 secs

වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 4ක් සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක් ආවරණය වන පරිදි “උරුමය” වැඩසටහනේ කොටසක් ලෙස සින්නක්කර ඔප්පු 700ක් බෙදාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය. බෙදාදීම ඊයේ (26) වවුනියාව මෝජෝ උත්සව ශාලාවේදී සිදු විය. සමස්තයක් ලෙස “උරුමය” වැඩසටහන යටතේ වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල සින්නක්කර ඔප්පු 5400ක් ප්‍රදානය කෙරේ.

FEATURE
on May 26, 2024
291 views 0 secs

“උරුමය” වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 5ක් ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 600ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ජනතාවට ලබාදීම අද (26) පුත්තුකුඩියිරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී සිදු කෙරිණි. “උරුමය” වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ සින්නක්කර ඔප්පු 1,376ක් ලබා දීමට නියමිතය.