Home > Articles posted by Admin (Page 75)
FEATURE
on May 28, 2024
198 views 0 secs

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙසත්, ආපදා තත්ත්වය පහව යන තුරු සහන සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිළධාරීන් වෙත උපදෙස් දී ඇත. එසේම මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට ද මේ වන විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.

FEATURE
on May 28, 2024
168 views 0 secs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව 2024 මාර්තු 04 වන දින ආරම්භ කරන ලද ගාසාහි ළමා අරමුදලට ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලින් හා විවිධ ආයතන විසින් මේ දක්වා රුපියල් මිලියන 127ක මුදලක් පරිත්‍යාග කර තිබෙන අතර ඊට දායක වූ සියලුදෙනා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ජනාධිපති කාර්යාලයේ ස්තූතිය පළ කර සිටියි.එසේම විවිධ පාර්ශ්වයන් වෙතින් ලැබුණු ඉල්ලීම් […]

FEATURE
on May 27, 2024
173 views 0 secs

වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ අභිනවයෙන් ඉදිකළ හෘද රෝග හා වකුගඩු රෝග ඒකක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (26) විවෘත කෙරිණි. නෙදර්ලන්ත (ලන්දේසි) රජයේ අනුග්රහය ඇතිව ඉදිකරන ලද මෙම ඒකකවල ආයෝජනය රු. මිලියන 3,329 කි. ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2019 දී ජනාධිපති වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදීය.

FEATURE
on May 27, 2024
197 views 0 secs

වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 4ක් සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක් ආවරණය වන පරිදි “උරුමය” වැඩසටහනේ කොටසක් ලෙස සින්නක්කර ඔප්පු 700ක් බෙදාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය. බෙදාදීම ඊයේ (26) වවුනියාව මෝජෝ උත්සව ශාලාවේදී සිදු විය. සමස්තයක් ලෙස “උරුමය” වැඩසටහන යටතේ වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල සින්නක්කර ඔප්පු 5400ක් ප්‍රදානය කෙරේ.

FEATURE
on May 26, 2024
252 views 0 secs

“උරුමය” වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 5ක් ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 600ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ජනතාවට ලබාදීම අද (26) පුත්තුකුඩියිරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී සිදු කෙරිණි. “උරුමය” වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ සින්නක්කර ඔප්පු 1,376ක් ලබා දීමට නියමිතය.

FEATURE
on May 26, 2024
191 views 0 secs

දැනට රෝගාතුරුව පසුවන උතුරු පලාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතාගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.යාපනයේ පිහිටි විග්නේෂ්වරන් මහතාගේ නිවසට ඊයේ (25) රාත්‍රියේ පැමිණි ජනාධිපතිවරයා ඒ මහතාගේ සුව දුක් විමසමින් සුහද කතා බහක නිරත වූ අතර ඒ මහතා වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.

FEATURE
on May 26, 2024
180 views 0 secs

රට ගොඩනැගීම සඳහා පැරණි ආර්ථික සහ දේශපාලන ක්‍රම දෙකම ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. වත්මන් විරැකියා ප්‍රශ්න මතුව ඇත්තේ යල් පැන ගිය ආර්ථික රාමුව නිසා බව පෙන්වා දුන් ඔහු නව ආර්ථික ක්‍රමයක් තුළින් නව රැකියා අවස්ථා ඇති කරන ලෙස ඉල්ලා සිටියේය. ඊයේ (25) කිලිනොච්චිය “නෙළුම් පියස” ශාලාවේ දී පැවති දිස්ත්‍රික් තරුණ […]

FEATURE
on May 26, 2024
173 views 0 secs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය දිස්ත්‍රික් ගුරු පත්වීම් ප්‍රදානෝත්සවයේ දී ඊයේ (25) පැවති දේශනයකදී ඓතිහාසික “යාපනය ඉගැන්වීමේ සම්ප්‍රදාය” අගය කළේය. මෙම සම්ප්‍රදාය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ඔහු ගුරුවරුන් සමාජයට ආදර්ශවත් පුද්ගලයන් ලෙස සේවය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. තම වෘත්තීය ප්‍රතිරූපයට හානි කළ හැකි විරෝධතාවල නිරත වන ගුරුවරුන්ට එරෙහිව අවවාද කළ ඔහු ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා […]

FEATURE
on May 26, 2024
186 views 0 secs

මාන්කුලම් මූලික රෝහලේ වෛද්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර හා මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (26) විවෘත කෙරිණි. 2017 වසරේ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ මෙම පහසුකම ඉදිකිරීම ආරම්භ කරන ලද අතර මෙම ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 4,500, නෙදර්ලන්ත රජය විසින් අරමුදල් සපයන ලදී.

FEATURE
on May 23, 2024
204 views 0 secs

සීඝ්‍ර ලෙස භෞතිකව සංවර්ධනය කරා පිය මනින ලෝකය තුළ ආකල්පමය සංවර්ධනයකින් යුත් ආධ්‍යාත්මික ආචාරශීලි ‘මිනිසකු‘ නිර්මාණය කර ගැනීමට මේ වෛශාඛ්‍ය මංගල්‍යයේ ඇති කර ගත යුතු ප්‍රමුඛතම අරමුණ බව සිහිපත් කරමින් සැමට පිංබර වෙසක් මංගල්‍යයකට සුභාශිංසන එක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහමහතා ප්‍රකාශ කර සිටියා.