Home > Articles posted by Admin (Page 77)
FEATURE
on May 7, 2024
161 views 0 secs

සංචාරක වීසා ගාස්තු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ඊයේ (06) ගත් තීරණය අද (07) සිට ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර සිටියා. ඒ අනුව විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම අද සිට ක්‍රියාත්මක වන අතර ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, […]

FEATURE
on May 7, 2024
165 views 0 secs

කඩුවෙල මාබිම ප්‍රදේශයේ හෙට (8) නව ගෑස් පිරවුම් පර්යන්තයක් විවෘත කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කර සිටියා. ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීම සදහා කෙරවලපිටිය පර්යන්තය ප්‍රමාණවත් නොවන බවත්, මෙම පර්යන්තය විවෘත කිරීමත් සමග එම අවශ්‍යතාවය සපුරාදියහැකි බවත් එම මහතා වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කරසිටියා.

FEATURE
on May 7, 2024
203 views 6 secs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල මඟින් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙන අතර පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මෙන්ම අ.පො.ස (උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය විෂයයක් ලෙස හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ද 2024 මැයි මස […]

FEATURE
on May 7, 2024
172 views 1 sec

ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස කාර්යාලය, දේශගුණික අවදානම් සංසදය (CVF) සහ පෘතුගාලයේ Nativa Capital එක්ව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි පවුල් 15,000කට සමෘද්ධිය සහතික කරමින් ගොවිතැන් සහ වන ආරක්ෂණ ව්‍යාපෘතියක් සඳහා එක්ව කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුමක් අද (07) කොළඹදී අත්සන් කරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා මුළු ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් වන අතර සෑම ගොවි පවුලකටම ඇමෙරිකානු ඩොලර් […]

FEATURE
on May 4, 2024
180 views 1 sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකවා (Yōko Kamikawa) මහත්මිය අතර නිල හමුව අද (4) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. එහිදී දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය, ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේ උත්සාහයන් මෙන්ම ජපානය විසින් ශ්‍රී ලංකාවේ සිදුකිරීමට නියමිත අනාගත ආයෝජන ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවට ලක්විය.

FEATURE
on May 4, 2024
170 views 0 secs

මෙම මස 24වන දිනෙන් පසු ශ්‍රී පාද වන්දනා වාරය අවසාන වන අතර, අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම දේශීය සංචාරකයින්ට සීමා කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී පාදස්ථානයට ඇතුළුවීමට ඇති කිසිඳු මාර්ගයකින් දේශීය සංචාරකයින්ට ඇතුළුවීම තහනම් කෙරෙනු ඇති අතර ඉදිරි කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ […]

FEATURE
on May 4, 2024
248 views 0 secs

ඊයේ (03) පස්වරු 6.16 ට මධ්‍යම පිලිපීනයේ ලයිට් පළාතේ රික්ටර් පරිමාණයේ 6.0ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබේ. පිලිපීනයේ වෙරළබඩ නගරයක් වන දුලාග් සිට කිලෝමීටර 32 ක් පමණ ගිනිකොන දෙසින් කිලෝමීටර් 8 ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව ඇති අතර මෙම භූ කම්පනයෙන් පසු කම්පන කිහිපයක් ද හටගෙන ඇති බව පිලිපීනයේ ගිනිකඳු හා භූ කම්පන […]

FEATURE
on May 4, 2024
182 views 0 secs

මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවය අද (04) පෙරවරුවේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවත්, ලොව කිසිදු රටක මෙතෙක් එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැති බවත් සඳහන් කර සිටියා.

FEATURE
on May 1, 2024
175 views 0 secs

වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් , හෙට (02) සහ අනිද්දා (03) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබේ. මෙයට සමගාමීව හෙට දිනයේ කොළඹ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වෙන බව එම සංගමය පවසයි. රජයේ දීපව්‍යාප්ත සේවාවලට සහ සමාන්තර දෙපාර්තමේන්තු ගත […]

FEATURE
on May 1, 2024
195 views 0 secs

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේන අතර ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩුවීමක් කළ නොහැකි බව බස් හිමියන් ප්‍රකාශ කර සිටියා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, එවැනි අඩු කිරීමක් කළ හැක්කේ ජූලි මාසයේදී […]