Local News, Politics
May 14, 2022
418 views 0 secs 0

නව කැබිනට් අමාත්‍යවරු 4ක් පත් කෙරේ…

අද(14) පස්වරුවේ නව කැබිනට් අමාත්‍යවරු 04 දෙනෙකු ජනාධිපති මන්දිරයේදී ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ අනුව, විදේශ කටයුතු ඇමති ලෙස ජී.එල්. පීරිස් මහතා ද, විදුලිබල හා බලශක්ති ඇමති ලෙස කංචන විජේසේකර මහතා ද, නාගරික සංවර්ධන හා නිවාස ඇමති ලෙස ප්‍රසන්න රණතුංග මහතා ද, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමති ලෙස දිනේෂ් ගුණවර්ධන […]

Local News
May 13, 2022
289 views 0 secs 0

ඩොලරයේ අගය පහලට

දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.98 දක්වා අඩුවී තිබෙනවා. ඒ අනුව එහි ගැනුම් මිල 355.01 ක් ලෙස මහ බැංකුව නිවේදනය කළා. ඊයේ (12) දිනයේ අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වුයේ රුපියල් 380 ක් ලෙසයි.

Local News
May 12, 2022
254 views 0 secs 0

රනිල් අගමැති ලෙස දිව්රුම් දෙයි..

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා 6 වන වරටත් ජනාධිපති මන්දිරයේදී අග්‍රාමාත්‍ය ධුරයේ අද (12) දිවුරුම් දුන්නේ ය. එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර අග්‍රාමාත්‍ය ධුරයට පාර්ලිමේන්තුවේ එකම ආසනයක් පමණක් හිමි පුද්ගලයකු පත් වන පළමු අවස්ථාවද මෙය වේ.

Uncategorized
May 12, 2022
435 views 0 secs 0

කිසිදු තනතුරක් භාර ගන්නේ නැහැ – සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ කිසිදු තනතුරක් භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.ගාලු මුවදොර විරෝධතාකරුවන්ගේ අදහස් විමසීමකින් තොරව අර්බුදය විසඳීමේ කිසිදු ක්‍රියාවලියක කොටස්කරුවෙකු නොවන බව මන්ත්‍රීවරයා පැවසීය.

Local News
May 11, 2022
265 views 0 secs 0

ඇඳිරිනීතිය හෙට ඉවත් කරයි..

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය හෙට උදෑසන 7.00 ට ඉවත්කර හෙට (12) පස්වරු 02.00ට යලිත් මුලු දිවයිනටම ඇඳිරිනීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. එලෙස මුලු දිවයිනටම පැනවෙන ඇඳිරි නීතිය 13 වනදා අලුයම 6.00 දක්වා බල පැවැත්වෙන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Local News
May 11, 2022
281 views 0 secs 0

ආරක්ෂක හේතූන් මත මහින්ද ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත…

ආරක්ෂක හේතූන් මත හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.එමෙන්ම රටේ තත්ත්වය යථා තත්ත්වයට පත් වූ පසු හිටපු අගමැතිවරයා ඔහු කැමති ස්ථානයකට ගෙන යන බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

Local News
May 10, 2022
272 views 0 secs 0

දේශබන්දු තේන්නකෝන්ට පහර දීමක්

නවම් මාවතේදී විරෝධතාකරුවන් පිරිසකගේ පහර දීමකින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තේන්නකෝන් තුවාල ලබා ඇති බව පොලීස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Local News
May 10, 2022
270 views 0 secs 0

හිටපු අගමැති අරලියගහ මන්දිරයෙන් පිටත්ව යයි.

අද අලුයම හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගියේ හමුදාව විසින් විරෝධතාකරුවන් ඉවත් කිරීමෙන් අනතුරුවය .

Local News
May 09, 2022
277 views 0 secs 0

ඇඳිරිනීතිය දීර්ඝ කෙරේ…

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ දැනට පනවා ඇති ඇඳිරිනීතිය, 11 වන බදාදා උදෑසන 7.00 දක්වා දීර්ඝ කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියා. ඒ අනුව ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ ලිඛිත අවසරයකින් තොරව පොදු මාර්ගයේ, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක කිසිවෙකුට රැඳී සිටීමට අවසර නොමැති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.