Local News
April 24, 2025
199 views 0 secs 0

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට…

ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. පසුගිය 22 වනදා රාත්‍රී වැල්ලම්පිටිය ප්‍රදේශයේ ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලක සිටියදී ඩෑන් ප්‍රියසාද් මහතා, වෙඩි තැබීමකට ලක්විය. මෙම පහරදීම රාත්‍රී 9.10ට පමණ සිදුවූ අතර, යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවි භාවිතයෙන් වෙඩි තැබූ බව විමර්ශනවලින් අනාවරණය වී […]

World News
April 21, 2025
207 views 0 secs 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි…

88 වැනි වියේ පසුවූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ වතිකානයේ කාසා සැන්ටා මාර්තාහි පිහිටි උන්වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ වූ බව වතිකානය නිල වශයෙන් දැනුම් දෙන ලදී.. ශ්වසන තත්වයක් හේතුවෙන් මාසයක පමණ කාලයක් රෝහල්ගතව සිටි පාප්වහන්සේ, සුවය ලබා පසුගියදා ආපසු පැමිණ තිබූ අතර ඊයේ දිනයේ, වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටද උන්වහන්සේ සහභාගි වී තිබුණි.

Local News
April 16, 2025
199 views 0 secs 0

හෙට දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට දැඩි උෂ්ණත්වය – අවධානයෙන් සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්..

හෙට (අප්‍රේල් 17) දිනයේදී දිවයිනේ කිහිපයක ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ, නැගෙනහිර පළාත්වලට අමතරව රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශද මෙයට ඇතුළත්ය. එම නිසා එළිමහන් වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්නැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව […]

Local News
April 16, 2025
198 views 1 sec 0

‘සිරි දළදා වන්දනාව’ හේතුවෙන් මහනුවර පාසල් 50ක් සඳහා නිවාඩු…

‘සිරි දළදා වන්දනාව’ ප්‍රදර්ශනය සදහා මහනුවර නගරය සහ අවට ප්‍රදේශවල තෝරාගත් පාසල් 50කට අප්‍රේල් 21 සිට 25 දක්වා දින 5ක විශේෂ නිවාඩු ලබාදීමට මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය තීරණය කර ඇත. ‘සිරි දළදා වන්දනාව’ අප්‍රේල් 18 සිට 27 දක්වා ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. නිවාඩු ලබාදෙන පාසල්: මහනුවර අධ්‍යාපන කලාපය:ගුරුදෙණිය ම.වි., විද්‍යාලෝක තැන්නෙකුඹුර, ධර්මරාජ, ඩී.එස්. […]

Local News
April 13, 2025
198 views 0 secs 0

අලුත් අවුරුද්දු නැකැත් සීට්ටුව…

සිංහල – දෙමළ අලුත් අවුරුද්ද උදා වීමට දැන් ඉතිරිව ඇත්තේ තවත් පැය කිහිපයක් පමණයි. අද (13) පුරාණ අවුරුද්දට අයත් කෝනම් දිනය ලෙස සැලකේ. සූර්යයා මීන රාශියෙන් මේශ රාශියට ගමන් කිරීමත් සමඟ අලුත් අවුරුද්ද උදාවෙන්නේ හෙට (14) අලුයම 03.21 ටයි. ජෝතිෂ්‍යය අනුව: මේ අතර අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා ගමන් කරන ජනතාව වෙනුවෙන් අද දිනයේදීත් විශේෂ […]

Local News
April 13, 2025
187 views 0 secs 0

උසස් පෙළ ප්‍රතිඵල 20 වැනිදායින් පසුව….

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර තිබුණද නැවත් එය අප්‍රේල් 20 වැනිදායින් පසු නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා. ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් මෙලෙස ප්‍රතිඵල නිකුත් කළ හැක්කේ 20 වැනිදායින් පසුව බව, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව, තුන් […]

Local News
April 10, 2025
204 views 0 secs 0

විදෙස් ගමන් බලපත්‍ර සඳහා ටෝකන් නිකුත් කිරීම සීමා කෙරේ…

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් 2025 අප්‍රේල් මස 15, 16 සහ 17 දිනවලදී එක්දින සහ සාමාන්‍ය සේවා සඳහා ටෝකන්පත් නිකුත් කිරීම දවල් 12.00ට අවසන් වන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එමෙන්ම, සාමාන්‍යයෙන් එක්දින සේවාව සඳහා ක්‍රියාත්මක වන පැය 24 සේවාව ද මෙම දිනයන් තුළ ක්‍රියාත්මක නොවන බවද දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත. මෙම සීමා […]

Local News
April 10, 2025
208 views 0 secs 0

සිරි දළදා දැක්ම සඳහා විශේෂ පෝලිම් හෝ ප්‍රවේශ පත්‍ර නැහැ – අස්ගිරි මහා විහාර පාර්ශ්වය

පොදු ජනතාව සඳහා පැවැත්වෙන සිරි දළදා දැක්මට එක්වීම සඳහා කිසිඳු විශේෂ පෝලිම් හෝ විශේෂ ප්‍රවේශ පත්‍ර නොමැති බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්දාභිදාන නායක ස්වාමීන්වහන්සේ පැවසීය. අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ පවසා සිටියේ, මෙවර දළදා දැක්මට සහභාගී වන්නට අවශ්‍ය සැමට පවතින පොදු පෝලිම් භාවිතයෙන්ම […]

Local News
April 09, 2025
174 views 0 secs 0

ජනපති පක්ෂ නායක රැස්වීමක් කැඳවයි..

අමෙරිකානු තීරුබදු බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍ය බිමල් රත්නායක මේ බව සඳහන් කර සිටි අතර එහිදී ඔහු පවසා ඇත්තේ අද උදෑසන විරුද්ධ පක්ෂ නායකයින් 12 දෙනෙකු මෙම ගැටලුව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය […]

Local News
April 06, 2025
194 views 0 secs 0

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට නිර්දේශක්…

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට වැඩබලන පොලිස්පති⁣ගෙන් නිර්දේශ කර තිබේ. වැලිකඩ පොලිස් භාරයේ සිටි සැකකරු⁣වෙකු මියයාමේ සිද්ධියට අදාළව සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර රාජකාරි පැහැර හැරි බව කියන සැරයන්ව⁣රයෙකු සහ කොස්තාපල්වරයෙකුගේද වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.