Local News
September 10, 2022
401 views 0 secs 0

දුම්රිය දෙපාර්තමේන්තුව ආසන වෙන් කිරීමේ කාල සීමාව දීර්ඝ කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මහජන ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් හා ඉහළ සේවාවක් මගීන් වෙත ලබා දීමේ අරමුණ පදනම් කර ගනිමින් දුම්රිය ඉදිරි ආසන වෙන් කිරීමේ මෙතෙක් පැවති දින 14 ක කාලසීමාව දින 30 දක්වා දීර්ඝ කිරීමට කටයුතු යොදා තිබෙනවා. සැප්තැම්බර් 13 වනදා සිට මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්.මේ සම්බන්ධ වන නිවේදනය පහතින්,

Local News
September 10, 2022
309 views 0 secs 0

අද සහ හෙට විදුලි කප්පාදුව සිදු නොවේ.

විදුලි කප්පාදුව අද (10) සහ හෙට (11)දිනයේදී සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂම පවසා සිටින්නේ ලබන සඳුදා නැවතත් පැය එකක විදුලි කප්පාදුවක් සිදුකිරිමට නියමිත බවයි

Local News
September 09, 2022
335 views 0 secs 0

ළහිරු වීරසේකර අත්අඩංගුවට…

අරගලයේ ක්‍රියාකාරි සමාජිකයෙකු වූ ළහිරු වීරසේකර අද (09) පස්වරුවේ කොළඹ ඩුප්ලිකේෂන් මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, පසුගියදා මරදාන ප්‍රදේශයේ පැවති විරෝධතාවයකදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, අයුතු ජන රාශියක සමාජිකයෙකු වී සිටීම ඇතුළු චෝදනා යටත් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Local News
September 09, 2022
328 views 0 secs 0

සමන්තා පවර් දිවයිනට…

යූඑස් ඒඩ් ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය හෙට (10) මෙරටට පැමිණීමට නියමිතය. ඇය සෙනසුරාදා සහ ඉරිදා දින මෙරට සංචාරයක නිරත වන අතර ආර්ථික අර්බුදය හමුවේ අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව සොයා බලනු ඇති බව වාර්තා වේ.

Local News
September 09, 2022
373 views 0 secs 0

රාජ්‍ය ආයතන වල ජාතික කොඩිය අඩකුඹු කිරීමට උපදෙස්…

දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සදහා සියලුම රාජ්‍ය ආයතනවල අද (09) දින සිට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දැනුම්දී තිබෙන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ මායාදුන්නෙ නිවේදනයක් නිකුත් කරමින්සඳහන් කර තිබෙනවා 1952 – 1972 දක්වා ශ්‍රී […]

Local News
September 08, 2022
301 views 0 secs 0

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩ භාරගත් නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්….

නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා දිනිත් චින්තක කරුණාරත්න මහතා අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී වැඩ භාරගත්තේ ය. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් හා ජීව විද්‍යා උපාධිධාරියෙකු වන ඔහු ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කළ කරුණාරත්න මහතා ප්‍රවෘත්ති සමකර්තෘ ධුරය ඇතුළු වගකීම් සහිත තනතුරු රැසක් හෙඹ වූ හසල අත්දැකීම් ඇති මාධ්‍යවේදියෙකි. එමෙන්ම ඔහු ඇමෙරිකාවේ […]

Local News
September 08, 2022
296 views 17 secs 0

ශ්‍රී ලංකාව නව රාජ්‍ය අමාත්‍යවරු 37ක් පත් කෙරේ.

ශ්‍රී ලංකාවට නව රාජ්‍ය අමාත්‍යවරුන් 30කට අධික සංඛ්‍යාවක් පත් කිරීම බ්‍රහස්පතින්දා (8) කොළඹ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දුන්හ. ජගත් පුෂ්පකුමාර – විදේශ රැකියා රාජ්‍ය අමාත්‍යරංජිත් සියඹලාපිටිය – මුදල් රාජ්‍ය අමාත්‍යලසන්ත අලගියවන්න – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යදිලුම් අමුණුගම – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යකනක හේරත් – තාක්ෂණ රාජ්‍ය අමාත්‍යජනක වක්කුඹුර […]

Local News
September 05, 2022
289 views 9 secs 0

හෙට සිට විදුලි කප්පාදු කාලසටහන…

හෙට (06) සිට එළඹෙන 09 වනදා දක්වා දෛනික විදුලි කප්පාදුව පැයක කාලයකට සීමා කර අති බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කර සිටියා.ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,S,T,U,V,W කලාප සඳහා හෙට සිට 09 වනදා දක්වා පස්වරු 06.00 සිට රාත්‍රී 09.00 දක්වා කාලය තුළ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි

Local News
September 05, 2022
310 views 0 secs 0

කාණුවකට වැටී කුරුණෑගල පාසල් සිසුවෙක් මරුට…

අධික වර්ෂාව නිසා ජලය පිරී තිබූ අනාරක්ෂිත කාණුවකට ඇද වැටී අද (05) කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ සිසුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 14 හැවිරිදි සජිත් ගුණරත්න නැමැති සිසුවෙකි. සිද්ධියෙන් පසු ප්‍රදේශවාසීන් හා යුද හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව දරුවා මුදාගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කල එහිදී දරුවා […]

Local News
September 05, 2022
329 views 0 secs 0

දුරකථන සේවා ගාස්තු 20% කින් ඉහලට…

අද (05) සිට දුරකථන සේවා ගාස්තු 20% ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීම ක්‍රියාත්මක වනවා. මීට පෙර පැවති කාඩ්පත්වල මිල ගණන් වෙනස්වී ඇති බවත්, පෙර පැවති රුපියල් 49, 99 ඇතුළු අනෙකුත් අගයන් රීලෝඩ් කළහොත් පාරිභෝගිකයින් බලාපොරොත්තු වන ඩේටා සහ පැකේජ ක්‍රියාත්මක නොවන බවත් සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කර සිටියා.