Local News
August 31, 2022
224 views 2 secs 0

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හදිසි ණය සම්බන්ධයෙන් මූලික එකඟතාවයකට පැමිණේ: රොයිටර් පුවත් සේවය

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) හදිසි ණයක් සම්බන්ධයෙන් මූලික එකඟතාවකට පැමිණ ඇති අතර ඒ පිළිබඳ විධිමත් නිවේදනයක් හෙට (සැප්තැම්බර් 1 වැනිදා) සිදුකිරීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද ඊයේ ප්‍රකාශ කළේ ඇපදීමේ පැකේජයක් ලබා ගැනීමේ අරමුණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පැවැත්වූ […]

Local News
August 31, 2022
238 views 0 secs 0

දිස්ත්‍රික්ක 4කට නායයෑම් පිළිබඳ අනතුරු ඇගවීම් නිකුත් කරයි

දිවයින පුරා අද පවතින අධික වර්ෂාව හේතුවෙන් කෑගල්ල, මහනුවර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය. ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Local News
August 30, 2022
243 views 0 secs 0

ඉන්ධන බෙදා හැරීම කාර්‍යකෂම කෙරේ.

පසුගිය දින හතර තුළ පැවති ඉන්ධන බෙදාහැරීමේ අඩුපාඩු නිවැරදි කර ඉන්ධන බෙදාහැරීම කාර්යක්ශම කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා දී සිටියා එමෙන්ම ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය ට දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක් හා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000ක් බෙදා හැරීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කර සිටියා. එමෙන්ම අද රාත්‍රියේ පෙට්‍රල් 92 […]

Local News
August 30, 2022
240 views 0 secs 0

ටෙක්සාස් හි වෙඩි තැබීමක්, සිව් දෙනෙකු මරුට..

ඇමරිකාවේ ටෙක්සාස් හි සිදු වූ වෙඩි තැබීමකින් 40 හැවිරිදි සැකකරු ඇතුලුව සිව් දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. සැකකරු විසින් නිවසකට ගිනි තබා නිවැසියන් තිදෙනෙකුට වෙඩි තබා පලා යාමට තැත් කිරීමේදී පොලිසිය විසින් සැකකරුට වෙඩි තබා තිබේ. සැකකරු අප්‍රිකානු සම්භවයක් ඇති අයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

Local News
August 29, 2022
239 views 0 secs 0

මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට දඬුවම් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලාංකික නීතිඥයෙකු අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. නීතීඥ ප්‍රියලාල සිරිසේන මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත. මන්ත්‍රිවරයාට විදෙස්ගත වීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු ඉල්ලා සිටියි. 2022 මැයි 9 වනදා ගෝඨාගම විරෝධතා භූමියට එල්ල වූ […]

Local News
August 29, 2022
239 views 0 secs 0

හෙට සිට විදුලි කප්පාදු කාලය අඩුවෙයි.

අගෝස්තු 30 සිට සැප්තැම්බර් 2 දක්වා විදුලිය ඇනහිටීම් දිනකට පැය 2 සහ විනාඩි 20 කාලයක් බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.ඒ අනුව කණ්ඩායම් ABCDEFGHIJKLPQRSTUVW:දිවා කාලයේ පැය 1 හා රාත්‍රී කාලය තුළ පැය 1 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරිමට නියමිතයි.

Local News
August 29, 2022
235 views 0 secs 0

ආනයන සීමා නිසා ජංගම දුරකථන හා උපාංගවල මිල ඉහළට යයි.

ජංගම දුරකථන හා උපාංගවල මිල ආනයන සීමා කිරීම් හරහා ඉදිරියේදී ඉතා විශාල අගයකින් ඉහළ යනු ඇති බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.ජංගම දුරකථන සහ උපාංග වල කොපමණ ප්‍රමාණයකින් ඉහළ යන්නේ ද යන්න කිව නොහැකි බව එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙසේ මිල ඉහළ යාමේ වාසිය මහපාරිමාණ ව්‍යාපාරිකයන් කීපදෙනකුට ලැබෙන […]

Local News
August 29, 2022
218 views 0 secs 0

මහජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට පැවති කිසිඳු රජයක් කටයුතු කර නැහැ – අනුර කුමාර

බලාපොරොත්තු සහ අපේක්ෂා රැසක් සමඟ රටට නායකයෙක් පත් කළද ඉතා කෙටි කාලයකින් එම නායකයා කෙරෙහි තිබූ අපේක්ෂා බිඳ වැටීමට ලක්ව ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. බණ්ඩාරවෙල පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රට ගොඩ නැගීමට ජනතාවට වුවමනාවක් ඇත්නම් ඒ හා සමාන වුවමනාවක් ජාතික ජන බලවේගයට ඇති බවයි.

Local News
August 29, 2022
304 views 0 secs 0

ඩීසල් බෙදා හැරීම සිදු කෙරේ

ඊයේ (28) රාත්‍රියේ රට පුරා ඩීසල් බෙදා හැරීම යළි ආරම්භ කළ බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමය පවසයි. ඩීසල් හිඟයට ඉදිරි දින දෙක තුළ විසඳුම් ලබා දෙන බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමයේ ලේකම් ශාන්ත සිල්වා මහතා පවසයි.කෙසේ වෙතත්, පෙට්‍රල් බෙදා හරිනු ලබන්නේ ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව බව පැවසූ ඔහු, […]

Local News
August 28, 2022
364 views 4 secs 0

උසස් පෙල ප්‍රතිපල නිකුත් කෙරේ…

2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකා කර සිටියා. www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ.