Local News
August 27, 2022
307 views 0 secs 0

පාසල් දරුවන්ගේ පෝෂණය ඉහල නැංවීමට ඇමරිකාවෙන් අධාර…

ඊයේ (26) දිනයේ අමෙරිකාව විසින් මෙරටට ආධාර තොගයක් පිරිනමා තිබෙනවා. ඒ මෙරට පාසල් දරුවන්ගේ දිවා ආහාරයේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා යි. මෙලෙස ලැබුණු ආධාර යටතට පරිප්පු මෙට්‍රික් ටොන් 2,000ක් සහ සැමන් මෙට්‍රික් ටොන් 890 ක් ඇතුළත් වන අතර අමෙරිකානු තානාපතිනී ජූලි චැන්ග් විසින් මුතුරාජවෙල පිහිටි ගබඩා සංකීර්ණයේ දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වෙත මෙම […]

Local News
August 27, 2022
336 views 0 secs 0

අතිරේක ඉන්ධන තොග බෙදා හැරීමට පියවර.

ඉදිරි දින 3 තුළ දිවයින පුරා සියලු අතිරේක ඉන්ධන තොග බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. දින 2ක් තුළ ඉන්ධන පෝලිම් අඩු කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

Local News
August 27, 2022
292 views 0 secs 0

සති අන්තයේ පෞද්ගලික බස් රථ ධාවනයට බාධා..

ඉන්ධන හිඟය හේතුවෙන් මෙම සති අන්තයේ ප්‍රමාණවත් පරිදි බස් රථ ධාවනයට හැකියාවක් නැතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. මේ අතර ලංගම බස් රථ හා දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවනු ඇති.

Local News
August 27, 2022
304 views 0 secs 0

නැවත සක්‍රීය වූ නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය…

නොරොච්චෝලේ, ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ හදිසි බිඳ වැටීමකට ලක්වූ පළමු ජනන යන්ත්‍රය අලුත්වැඩියා කිරීම්වලින් අනතුරුව යළිත් ජාතික විදුලිබල සැපයුමට එක් කර තිබෙනවා. ඊයේ (26) දිනයේ සිට මෙගා වොට් 300ක ධාරිතාවයක් මෙලෙස ජාතික විදුලිබල පද්ධතියට එක් කර ඇති බවයි සඳහන් වන්නේ.

Local News
August 27, 2022
307 views 0 secs 0

ජල සහ මලාපවහන ගාස්තු සංශෝධනය කෙරේ…

සැප්තැම්බර් 1 වනදා ක්‍රියාත්මක වන පරිදි ජල සහ මලාපවහන ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය පහතින්

Local News
August 26, 2022
318 views 4 secs 0

සති අන්තයේ විදුලි කප්පාදු කාලසටහන…

අගෝස්තු 27 සහ 28 දිනවල පැය 03ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම (ඵ්UCSළ්) අනුමැතිය ලබා දී තිබේ.ඒ අනුව ඇඹ්Cඪ්EFඝ්HඓJඛ්ළ්ඵ්Qර්‍Sඨ්UVW කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 1 යි මිනිත්තු 40 ක් හා රාත්‍රියේ පැය 1 යි මිනිත්තු 20 ක් විදුලි කප්පාදුව සිදු වනු ඇති.

Local News
August 26, 2022
316 views 0 secs 0

භාණ්ඩ ආනයන සීමා තාවකාලිකයි – මහ බැංකු අධිපති

භාණ්ඩ ආනයන සීමා පැනවීම තාවකාලිකව සිදු කරන ලද දෙයක් බවත් ඒ තුළින් යම් ව්‍යාපාරවලට බලපෑමක් වන නමුත් මේ අවස්ථාවේ සීමිත සම්පත් ප්‍රයෝජනවත්ව භාවිතා කිරීම වැදගත් බවත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා. පවතිනන තත්ත්වය සමනය වූවාට පසු පනවා ඇති සීමා ක්‍රමානුකූලව ඉවත් කළ හැකි බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Local News
August 26, 2022
298 views 0 secs 0

වසන්ත මුදලිගේ සම්බන්ධව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක්…

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන තබාගැනීම නීතිවිරෝධී බවට තීන්දුකර ඔහුගේ රැඳවුම් නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇති බවයි සඳහන් […]

Local News
August 26, 2022
309 views 0 secs 0

කවදාවත් වෙනස් නොවන රන්ජන්…..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තම දූෂණ විරෝධී සටන දිගටම ගෙනියන බව ප්‍රකාශ කර සිටියා. එමෙන්ම මේ වන විට තමන්ට ලැබී තිබෙන්නේ අර්ධ නිදහසක් බවත්, භාෂණයේ නිදහස තමන්ට අහිමිවී ඇති බවත්, පෙර බොහෝ නිදහසේ අදහස් ප්‍රකාශ කළ තමාට මේ වන විට යම් පාලනයකින් යුතුව අදහස් දැක්වීමට සිදු වී ඇති බවද පෙන්වා දුන්නා. තමන් නිරන්තරයෙන් සිටින්නේ […]