රංජන් රාමනායක හෙට හෝ සඳුදා නිදහස් වෙනවා – හරීන් ප්‍රනාන්දු
සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, රන්ජන් රාමනායක හෙට දිනයේ හෝ සඳුදා දිනයේ අනිවාර්යයෙන්ම නිදහස ලබන බව ප්‍රකාශ කර සිටියා. තමන්ගේ හා මනූෂ නානායක්කාර අමාත්‍යවරයාගේ දැඩි ඉල්ලීම මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම තීරණය ගත් බවයි හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා Twitter පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා. අදාළ Twitter පණිවිඩය පහතින්,
සේනාධි ගුරුගේ රක්ෂිත බන්ධනාගාරගත කෙරේ…
කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා, පොලීසිය මගින් අත්අඩංගුවටගත් ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන සේනාධි ගුරුගේ ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා. කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවටගත් සැකකරු අද (25) අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
රුසියාවට තැපැල් භාණ්ඩ යැවීම අද සිට ඇරඹේ…
අද (25) සිට රුසියාවට යැවෙන තැපැල් භාණ්ඩ භාර ගැනීම ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. මාස 3 කට ආසන්න කාලයක සිට සෘජු ගුවන් සේවා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රුසියාවට තැපැල් භාණ්ඩ යැවීම සිදු කෙරුණේ නැති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කර සිටියා. කෙසේ වුවද මේ වනවිට තැපැල් භාණ්ඩ රැගෙන යාම සඳහා පෞද්ගලික ගුවන් සමාගමක් තෝරාගෙන […]
ජනපති අතට භාර දුන් සමරිසි අයිතීන් වෙනුවෙන් ගෙනා සංශෝධනය…
ශ්‍රී ලංකාව තුළ LGBTQ + ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් ඊයේ (24) පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී තිබෙනවා. LGBT Q + ප්‍රජාව සම්බන්ධයෙන් මෙරට සමාජය තුළ ඇත්තේ අතිශය පසුගාමී අදහසක් බවත් මේ නිසා දෛනික ජීවන කටයුතුවලදී පමණක් නොව රාජ්‍ය සහ […]
පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමි අත්අඩංගුවට…
පසුගිය ජූලි 09 වනදා අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා ලැබ සිටි පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමි එම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණ තිබුන අතර එම ප්‍රකාශයෙන් අනතුරුව උන්වහන්සේව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
සනත් නිශාන්ත, මිලාන් ජයතිලක හා ඩෑන් ප්‍රියසාද්ගේ ජංගම දුරකථන CID යට
අද (24) දින සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වරුන්ට සහ ඩෑන් ප්‍රියසාද් යන අයට ඔවුන්ගේ ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ ජංගම දුරකථන භාර දෙන තෙක් එම සැකකරුවන් අධිකරණයේ රඳවා ගන්නා ලෙසද බවයි සඳහන් වන්නේ. ගාලුමුවදොර සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිදුවීම […]
