Local News
August 18, 2022
217 views 0 secs 0

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් සිව් දෙනෙකු අද (18) පස්වරුවේ කොළඹ යුනියන් පෙදෙසේ පැවති විරෝධතාවයකින් අනතුරුව ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ කොළඹ 02 ප්‍රදේශයේ පැවති විරෝධතා පාගමනකට සහභාගී වීමෙන් අනතුරුව මුදලිගේ අත්අඩංගුවට හා ඔහුගේ යතුරුපැදියද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Local News
August 18, 2022
172 views 0 secs 0

නීතිවිරෝධී ලෙස විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2022 අගෝස්තු මස 16 වන දින රාත්‍රියේ තලෙයිමන්නාරම, කුරුසපාඩු මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදේශ රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර; බෝට්ටු ක්‍රියාකරුවන් 02 ක් සහ වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන් 02 […]

Local News
August 18, 2022
220 views 0 secs 0

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ නිවේදනයක්

රට තුළ ඉන්ධන අර්බුදය මේවන විට සමනය වී තිබීම හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සතියේ වැඩ කරන සියලුම දිනයන්හිදී සිදුකිරීමට පළාත් සභාව තීරණය කර තිබෙනවා.ඒ අනුව ජුනි 29 වනදා සිට කල් ඉකුත්වන බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර සඳහා අගෝස්තු මස 31 වනදා දක්වා දඩ මුදල් අය නොකිරීමටද තීරණය කර තිබෙනවා.

Local News
August 17, 2022
208 views 1 sec 0

ලාෆ් ගෑස් මිල පහළට….

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. අඩු කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්, 12.5ඛ්ඝ් ගෑස් – රු.1,050 කින් (නව මිල රු.5,800) 5ඛ්ඝ් ගෑස් – රු.420 කින් (නව මිල රු.2,320) 2ඛ්ඝ් ගෑස් – (නව මිල රු.928)

Local News
August 17, 2022
185 views 0 secs 0

අන්තරෙන් හෙට විරෝධතාවක්

හෙට (18) දිනයේදී දහවල් 1.00 ට ලිප්ටන් වටරවුම අසළින්අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ලය විසින් සංවිධානය කරන විරෝධතාවක් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කළේ මෙම විරෝධතාව ඩීල් රනිල් – රාජපක්ෂ ජුනිටාවට එරෙහිව සංවිධානය කර ඇති බවයි

Local News, Politics
August 17, 2022
210 views 0 secs 0

හිටපු ජනපති ලබන සතියේ ලංකාවට එනවා – උදයංග වීරතුංග

හිටපු ජනාධිපතිගෝඨාභය රාජපක්ෂ අගෝස්තු 24 වැනිදා දිවයිනට පැමිණෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද ප්‍රකාශ කළේය.අද (17) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Local News
August 17, 2022
185 views 0 secs 0

ශ්‍රී ලංකාවට පෞද්ගලීකරණය කළ හැකි රාජ්‍ය ආයතන තුනක් ජනපති නම් කරයි

රජය සතු ව්‍යවසායන් කිහිපයක් පෞද්ගලීකරණය කිරීමට රජය සලකා බලමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ද ඉකොනොමිස්ට් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කළ හැකි බවයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පෞද්ගලීකරණය කිරීමට ද අවධානය යොමු කරන බව […]

Local News
August 17, 2022
194 views 0 secs 0

මේ සතියේ සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු යළි ඇරඹේ

අද (17) පෙරවරුවේ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් හමුවීමෙන් පසු Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ බොරතෙල් අඛන්ඩව සැපයීමේ කටයුතු ආරම්භයත් සමඟ මෙම සතියේ සිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු නැවතත් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි. මෙහිදී සැප්තැම්බර් මස සිට දෙසැම්බර් මාසය දක්වා කාලය තුළ බොරතෙල් ගෙන්වීමේ සැලසුම් පිලිබඳවද සාකච්ඡා කර […]

Local News
August 17, 2022
189 views 0 secs 0

බොරතෙල් තොගයක් දිවයිනට…

දිවයිනට සේන්දු වූ මෙට්‍රික් ටොන් ලක්ෂයක බොරතෙල් රැගත් නෞකාවේ තොග ගොඩබෑම අද (17) ආරම්භ කරන බවත්, සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු ලබන 19 වැනි දා ආරම්භ කරන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. මේ අතර තවත් බොරතෙල් නෞකාවක් ලබන 29 වැනි දා මෙරටට ළඟාවන අතර එහි බොරතෙල් මෙට්‍රික්ටොන් 120,000 ක් මෙරටට රැගෙන ඒමට නියමිතය.

Local News
August 17, 2022
193 views 0 secs 0

දුම්රිය එන්ජින් 20ක් ධාවනයෙන් ඉවතට…

එන්ජින් ඔයිල් හා අමතර කොටස් හිඟය හේතුවෙන් දුම්රිය එන්ජින් 20ක් මේ වනවිට ධාවනයෙන් ඉවත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් සාමාන්‍ය කාලසටහන් අනුව දුම්රිය ධාවනය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කර සිටියා. දුම්රිය එන්ජින් ඇණිය එන්ජින් 74 කින් සමන්විත වුව ද පවතින තත්ත්වය හමුවේ එය 54 […]