Local News
August 15, 2022
240 views 0 secs 0

අද බස්රථ 100% ධාවනය කිරිමට සුදානමක්.

දිවයින පුරා අද (15) දිනයේදී 100% ක බස්රථ ධාවනයක් සිදුකිරීමට සැලසුම් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේඅද සිට  සතියේ දින පහ තුළම පාසල් පැවැත්වෙන බැවින් පෞද්ගලික බස් රථ ධාවනය යථා තත්වයට පත්කර ගැනීමට හැකිවනු ඇති බවයි .

Local News
August 13, 2022
254 views 0 secs 0

රුසියාවෙන් මෙරටට එන බොරතෙල්….

බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් අද (13) රාත්‍රියේ මෙරටට ළඟා වන බවත්, එම බොරතෙල් තොගය පිරිපහදු කිරීමේ වැඩකටයුතු ලබන සතියේ මැද ආරම්භ කිරීමට නියමිත බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා. මෙම නෞකාවේ බොරතෙල් ප්‍රමිති පරීක්ෂාවක් හෙට දින සිදුවන අතර, මේ මස 23 සහ 29 […]

Local News
August 13, 2022
254 views 0 secs 0

යුවාන් වැන්ග් 5 නෞකාවට මෙරටට පැමිණීමට අවසර..

සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව චීන නෞකාවක් වන යුවාන් වැන්ග් 5 නෞකාව අගෝස්තු 16 සිට 22 දින දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් දැමීමට අවසර ලබා දුන් බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කර සිටියා. එමෙන්ම මෙරට මුහුදු සීමාව තුලදී කිසිදු විද්‍යාත්මක පර්යේෂණයක් සිදු නොකරන බවට එම පොරොන්දු වී තිබෙන බව වාර්තා වේ.

Health, Local News
August 13, 2022
269 views 0 secs 0

අද දින කොවිඩ් වාර්තාව..

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ඊයේ (12) දිනට තහවුරු කළ කොවිඩ් 19 ආසාදිතයින්ගේ මරණ ගණන 5ක් වන අතර අවුරුදු 60ට වැඩි පුරුශයන් 3න් දෙනෙක් හා කාන්තාවන් 2ක් ඒ අතර සිටි. එමෙන්ම අද (13) දිනට මේ දක්වා තහවුරු කරන ලද කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 181 බව වාර්තා වේ.

Local News
August 13, 2022
247 views 0 secs 0

මහ බැංකු නව උපදේශක කමිටුවක්…

ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමග සිය සබඳතාව පුළුල් කිරීම ප්‍රධාන අරමුණ කර ගනිමින්, මහ බැංකුවේ මෙතෙක් ක්‍රියාත්මක වූ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව සහ මූල්‍ය පද්ධති ස්ථායිතා උපදේශන කමිටුව ප්‍රතිස්ථාපනය කරමින් පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්ව කමිටුව ස්ථාපිත කර තිබේ. මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා කටයුතු කරන අතර පෞද්ගලික අංශයේ […]

Local News
August 13, 2022
253 views 0 secs 0

සඳුදා සිට දින පහේම පාසල් පැවැත්වීමට තීරණයක්…

අගෝස්තු 15 වන සඳුදා දින සිට රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් සාමාන්‍ය පරිදි සතියේ දින 05ම පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය විසින් තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහතින්.

Local News
August 13, 2022
266 views 0 secs 0

ජනපති සමාව ඉල්ලන ලේඛනයට රන්ජන් අත්සන් තබයි…

සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනාධිපති සමාව ඉල්ලා ජනාධිපතිවරයා වෙත යවනු ලබන ලේඛන සඳහා අත්සන් තබා ඇති බව රන්ජන් රාමනායකගේ නීතිඥවරයෙකු වන නීතිඥ දිනේෂ් විදානපතිරණ තහවුරු කර සිටියා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මීට පෙර රන්ජන් රාමනායකට නිදහස ලබාදීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස අධිකරණ අමාත්‍යවරයාට දැනුම් දී තිබුණා.

Health, Local News
August 12, 2022
248 views 0 secs 0

කඩිනමින් සෞඛ්‍ය පණිවිඩ ප්‍රචාරය කිරීමට වැඩ පිළිවෙලක්…

වත්මන් ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් හා සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව ජනතාව කඩිනමින් දැනුවත් කිරීම හා කඩිනමින් සෞඛ්‍ය පණිවිඩ ප්‍රචාරය කිරීමේ අරමුණින් දිවයින පුරා රෝහල් 600ක් ආශ්‍රිතව පුළුල් තිර රූවාහිනී පද්ධතියක් ස්ථාපනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ අතර ඊට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ […]

Local News
August 12, 2022
271 views 0 secs 0

තැපැල් ගාස්තු ඉහලට..

අගෝස්තු 15 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි තැපැල් ගාස්තු ඉහළ දමා තිබේ. තැපැල්පතිවරයා පැවසුවේ, සාමාන්‍ය ලිපියක් සඳහා නව ගාස්තුව රුපියල් 50 ක් හා ලියාපදිංචි ලිපියක් සඳහා නව ගාස්තුව රුපියල් 60 ක් බවයි.