Local News
August 12, 2022
259 views 0 secs 0

ජීවන්ත පීරිස් පියතුමා ඇප මත නිදහස්…

ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරී සමාජිකයෙකු වූ ජීවන්ත පීරිස් පියතුමා අද (12) දහවල් නීතිඥවරයෙකු මාර්ගයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණා. අධිකරණ නියෝග කඩ කරමින් උද්ඝෝෂණවල නිරත වීම ඇතුළු චෝදනා ජීවන්ත පීරිස් පියතුමා වෙත එල්ල වී තිබූ අතර අධිකරණයට ඉදිරිපත් වූ ජීවන්ත පීරිස් පියතුමා ඇප මත නිදහස් කර තිබේ.

Local News, Uncategorized
August 12, 2022
268 views 0 secs 0

ධානිෂ් අලි ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු යලි රිමාන්ඩ් භාරයට…

කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය, ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුල් වී එහි දේපොළවලට හානි සිදු කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කරන සිටින ධානිෂ් අලි ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු ලබන 26 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (12) නියෝග කළේ ය. සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන නිසා සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස […]

Local News
August 12, 2022
248 views 0 secs 0

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් දිවයිනට

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් ඊයේ රාත්‍රියේ දිවයිනට ළඟා විය. එම පෙට්‍රල් තොගය ගොඩබෑම අද (12) ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.එමෙන්ම බොරතෙල් රැගත් නෞකාවක් හෙට (13) දිවයිනට පැමිණීමට නියමිත බව ද අමාත්‍යාංශය සඳහන් කළේය.ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුව අගෝස්තු මස 15 වනදා සිට යළි මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි.

Local News
August 12, 2022
246 views 0 secs 0

මහ කන්නය සඳහා යූරියා මෙ.ටොන් 100,000

මහ කන්නයේ වගාවන් සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මෙම යූරියා පොහොර තොගය ඔක්තෝම්බර් මස මුල් සතියේදී ශ්‍රී ලංකාවට ලැබෙන බව වාණිජ පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා පැවසීය.

Local News
August 11, 2022
358 views 0 secs 0

වැඩ කරන දිනවල බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට පියවර….

සතියේ වැඩකරන සියලුම දිනයන්හිදී බස්නාහිර පළාතේ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ් අනුව 2022 ජුනි 29 වනදා සිට කල් ඉකුත්වන, බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර සඳහා 2022 අගෝස්තු 31 දක්වා දඩ අයකිරීමක් සිදු නොකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Local News
August 11, 2022
240 views 0 secs 0

හිටපු ජනපති තායිලන්තයට…

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තාවකාලිකව රැඳී සිටීම සඳහා තායිලන්තයට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Local News
August 11, 2022
274 views 0 secs 0

නිහාල් වෙදආරච්චි අත්අඩංගුවට…

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ සොහොයුරු නිහාල් වෙදආරච්චි මැයි 09 කළහකාරී සිද්ධීන්ට අදාලව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා..

Health, Local News
August 11, 2022
274 views 0 secs 0

ඊයේ දිනට කොවිඩ් මරණ දෙකක්..

ඊයේ කොවිඩ් 19 ආසාදිත මරණ ගණන 02ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කරන ලදී. මියගිය පුද්ගලයින් දෙදෙනාම වයස අවුරුදු 60ට වැඩි අය බව වාර්තා වේ.

Local News
August 11, 2022
295 views 0 secs 0

අවසන් රන්දෝලි පෙරහැර අද විශේෂ දුම්රිය 2ක් මහනුවරට…

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට යන ජනතාව වෙනුවෙන්, මගී තදබදය අවම කිරීමේ අරමුණින් විශේෂ දුම්රිය දෙකක් ධාවනයට එක් කර තිබෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කර ස්ටියා. ඒ අනුව එක් දුම්රියක් අද පෙරවරු 10.00 ට කොළඹ කොටුවෙන් මහනුවර බලා ධාවනය වන අතර තවත් දුම්රියක් පස්වරු 2.30 ට කොළඹ කොටුවෙන් […]